12 - හැදෙමු අපිත් මේ වාගේ

ඉර පායන තෙක් නිදනා
අයගේ වැඩ පමා වෙනා
අරුණට පළමුව එයිනා
පිබිදෙනු මැන සෑම දිනා

අලූයම දත් නොමැද යෙහෙන
මුව සෝදා නොගෙන එමෙන
අනිකෙකු ඉදිරියට මුහුණ
ගෙන නොදොඩනු මැන කිසි දින

කෑම කමින් චව් චව් යන
සද්ද නගා නොවිකනු මැන
කැඳ ආදිය බොන කල දැන
නොකරනු හඬ සුරු සුරු යන

ඉඳුල් අතින් පැන් බඳුන ද
නාල්ලනුව හැඳි ආදි ද
කටේ කෑම පුරවා ඉඳ
නොදොඩන් කිසි විටක සබඳ

මව්පිය ගුරුවරයන් හට
කීකරු විය යුතු සැම විට
ඔවුන් කියන යම් දේකට
නොවෙන් අකීකරු කිසි විට

අසල් ගෙවල්වල නිවසන
ළමයින් සමගින් කිසි දින
සණ්ඩු දබර නොකරනු මැන
සමගිකමින් නිවසනු මැන

තැන්තැන්වල මුලූ මුලූවල
එකතු කරනු එපා කසළ
මකුළු දැල් ද වෙනත් කසළ
සුද්ද කරනු ලෙසින් නිමල

තබා තිබෙන පිළිවෙළිනා
කිසියම් බඩුවක් සොබනා
අහකට ගත්තොත් එයිනා
නැවත තබනු තුබු ලෙසිනා