දෙවි සමිඳුන් අපහට දුන්
තිළිණයකි මේ ජීවිතේ
අප හැකිකම් - අප සුරුකම්
පිණිස යොදවමු ජන සේවේ
අපේ ආදර දෙවි පියාණන් වහන්සේ අප සියලූ දෙනා මවා තිබෙන්නේ විවිධ හැකියා, දක්ෂතා බොහොමයක් සමගයි. ඒ අදහස තමයි ඉහත ගීතිකාවේ තිබෙන්නේ. අපි බලමු මොනවා දෙමේ අපේ හැකියා හා දක්ෂතා කියලා. ඒ වගේ ම කොහොම ද අපි ඒ දක්ෂතා අන් අයගේ ප්‍රයෝජනය සඳහා යොදා ගන්නේ කියලා.
සුමුදු : ලෝකය මැවූ දෙවි පියාගේ - ආදරයේ කතන්දරේ
හැමෝ ම ඉදිරියේ කියන්න - මාව තේරුණා
සුවිනි : ලස්සන අත් අකුරුවලින් - දෙවි පියාගේ මහිමය ගැන
තව තව විස්තර ලියන්න - මටත් හැකි වුණා
සුමල් : ගැයු ගීතය මවිත කළා - රැස් වී සිටි මුළු සභාව
වයලීනය, බටනළාව - රැව්පිළිරැව් දුන් වෙලාව
සුරනි : උස, දුර පනිමින් දස්කම් මවමින්
අප සැම ඉන්නේ සැම දා සතුටින්
සුගත් : කොළ කපලා මල් හදලා - හැඩ කෙරුවා ගුරු මේසේ
වතුර දමා මැටි අනලා - නිම කෙරුවා සෙල්ලම් ගේ
සුදිනි : සාක්කුවට මලක් මැසුවා - පුංචි මගේ එප්‍රනේ
සියලූ දෙනා සතුටු වුණා - අපෙ හැකියා දුටුව සැණේ
සුමිත් : යන යන සැම තැන ජය ගොස නඟමින්
පෙන්වමු කිතුගුණ දහමේ බලයෙන්
සියලූ දෙනා : අඹන්න, නෙළන්න, කැටයම් කපන්න
දුවන්න, පනින්න, නටන්න, ගයන්න
දුන් මේ හැකියා බොහොමය සමගින්
තුති දී පසසමු අපේ පිය දෙවිඳුන්
යාච්ඤාව
ආදර දෙවි පියාණෙනි, ඔබ වහන්සේ මට දුන් හැකියා,
දක්ෂතාවලට ස්තුතියි. ඒ හැම හැකියාවක් ම හඳුනා ගෙන අන්
අයගේ යහපත සඳහා යොදා ගන්න මට පිහිට වුව මැනව.
ආමෙන්.