5 - දස්කම් විස්කම් සමගින් දෙවිපියාට තුති දෙමු

දෙවි සමිඳුන් අපහට දුන්
තිළිණයකි මේ ජීවිතේ
අප හැකිකම් - අප සුරුකම්
පිණිස යොදවමු ජන සේවේ

අපේ ආදර දෙවි පියාණන් වහන්සේ අප සියලූ දෙනා මවා තිබෙන්නේ විවිධ හැකියා, දක්ෂතා බොහොමයක් සමගයි. ඒ අදහස තමයි ඉහත ගීතිකාවේ තිබෙන්නේ. අපි බලමු මොනවා ද‍ෙමේ අපේ හැකියා හා දක්ෂතා කියලා. ඒ වගේ ම කොහොම ද අපි ඒ දක්ෂතා අන් අයගේ ප්‍රයෝජනය සඳහා යොදා ගන්නේ කියලා.

සුමුදු : ලෝකය මැවූ දෙවි පියාගේ - ආදරයේ කතන්දරේ
        හැමෝ ම ඉදිරියේ කියන්න - මාව තේරුණා

සුවිනි : ලස්සන අත් අකුරුවලින් - දෙවි පියාගේ මහිමය ගැන
         තව තව විස්තර ලියන්න - මටත් හැකි වුණා

සුමල් : ගැයු ගීතය මවිත කළා - රැස් වී සිටි මුළු සභාව
          වයලීනය, බටනළාව - රැව්පිළිරැව් දුන් වෙලාව

සුරනි : උස, දුර පනිමින් දස්කම්       මවමින්
         අප සැම ඉන්නේ සැම දා      සතුටින්

සුගත් : කොළ කපලා මල් හදලා - හැඩ කෙරුවා ගුරු මේසේ
         වතුර දමා මැටි අනලා - නිම කෙරුවා සෙල්ලම් ගේ

සුදිනි : සාක්කුවට මලක් මැසුවා - පුංචි මගේ එප්‍රනේ
         සියලූ දෙනා සතුටු වුණා - අපෙ හැකියා දුටුව සැණේ

සුමිත් : යන යන සැම තැන ජය ගොස         නඟමින්
         පෙන්වමු කිතුගුණ දහමේ               බලයෙන්

සියලූ දෙනා : අඹන්න, නෙළන්න, කැටයම් කපන්න
                දුවන්න, පනින්න, නටන්න, ගයන්න
                දුන් මේ හැකියා බොහොමය සමගින්
                තුති දී පසසමු අපේ පිය දෙවිඳුන්

යාච්ඤාව
ආදර දෙවි පියාණෙනි, ඔබ වහන්සේ මට දුන් හැකියා,
දක්ෂතාවලට ස්තුතියි. ඒ හැම හැකියාවක් ම හඳුනා ගෙන අන්
අයගේ යහපත සඳහා යොදා ගන්න මට පිහිට වුව මැනව.
ආමෙන්.