6 - සාකෙවුස්ගේ සිත් හැරීම

යහපත් ගුණ ධර්ම ඉගැන්වූ ජේසුස් වහන්සේ ඒවා ක්‍රියාවට නැංවූ බව ඉහත සිද්ධිය මගින් පෙනී යයි. සමාජයෙන් කොන් කළ සාකෙවුස්ට ජේසු සමිඳුන් දැක්වූ ආදරය නිසා ඔහු සම්පූර්ණයෙන් ම වෙනස් මිනිසෙක් විය.

දුවේ, පුතේ, අපිත් කිසි කෙනෙක් කොන් නොකළ යුතු වෙමු. ජේසු සමිඳුන් කොන් වෙලා සිටි අය ආදරයෙන් පිළිගත්තා වගේ අපිත් සියලූ දෙනා ම ආදරයෙන් පිළිගනිමු.

යාච්ඤාව
ආදර දෙවි පියාණෙනි, මගේ ම පංතියේ මගේ ම පවුලේ විවිධ
හේතූන් මත කොන් වී සිටින අය සොයා ඔවුනට ආදරය
කිරීමට මට ශක්තිය දුන මැනව.
ආමෙන්.