ශු. දොමිනික් සාවියෝ තුමා, ශු.ජෝන් බොස්කෝ තුමාගේ ප්‍රථම ශිෂ්‍යයන්ගෙන් කෙනෙකි. ඔහු උපත ලැබුවේ 1842 අප්‍රේල් මස 02 වන දින ඉතාලියේ, මුර්තාන නගරයේ පිහිටි මුරිඅල්ඩෝ ග්රාමයේය.
ඔහුගේ පියා චාල්ස් සාවියෝ වන අතර ඔහුගේ මව බ්රිජෙට්ය. දොමිනික් ළමා විය තම ගෘහයේ ගත කළේය. සාමකාමී වාතාවරණයක් ඇති තම ගෘහයේ ඉතා භක්තිමත් දෙගුරුන්ගෙන් ආත්මික පෝෂණය ලැබූ දොමිනික්, දෙවියන් වහන්සේගේ මහත් ආලෝකයක් සහ වරප්‍රසාදයක් ලැබීමට භාග්‍ය ලැබුවේය. ඔහුගේ මීසම භාර ජෝන් පියතුමා ද මේ දරුවාගේ හදවත තුළ දෙවියන් වහන්සේ කෙරෙහි මහත් ප්‍රේමයක් ද දෙව්මව් කෙරෙහි ගැඹුරු භක්තියක්ද දැක්වීමට සහයෝගය දුන්නේය. කුඩා කල සිට පාන්දර පහට දේවස්ථානයට ගොස් දිව්‍ය පූජාවට උදව්වීම ඔහුගේ පුරුද්දක් විය. ඉන්පසු සෑහෙන වෙලාවක් යාච්ඤාවේ යෙදීමටද අමතක නොකළේය.
වැස්සේ හෝ තද අව්වේ හෝ කිලිපොලා යන තද ශීත කාලයේ හෝ බොහෝ උෂ්ණ කාලයේදී හෝ මේ දරුවා නොවරදවා දේවස්ථානයේ කටයුතු වලට සහභාගී වීම
සඳහා පැමිණියේය. දොමිනික් පිරිමි ළමුන් ගේද ප්‍රථම වරට දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබන ළමුන්ගේද සාන්තුවරයාය. ඒ මන්දයත් අවුරුදු 7 සිට මීසම භාර පියතුමාගෙන් ජේසුව ලබන්න දෙන ලෙස නිතර නිතර ඉල්ලා සිටි නමුත් පියතුමා දැන්වූයේ වයස අවුරුදු 12 වන තුරු සිටින ලෙසය. ඔහුගේ භක්තියත්, ආශාවත් දුටු පියතුමා දිනක් ඔහුට මෙසේ කීය. “මම පාස්කුවට ඔබට ලස්සන තෑග්ගක් දෙන්නට යනවා. එදින මම ඔබට ප්‍රථම වරට දිව්‍ය සත්ප්‍රසාදය මගින් ජේසුව දෙනවා.” දොමිනික් උඩ පැන අත් පොලොසන් දී ප්‍රථම පිම්මේ දිවගොස් තම දෙමාපියන්ට මේ ආරංචිය දැන්වීය. ඉන්පසු සැමදාම මහත් භක්තියකින් ඔහු දිව්‍ය සත්ප්‍රසාදය ලබා ගත්තේය පසුව ඔහු ජෝන් බොස්කෝතුමාගේ ආයතනයට ඇතුළු විය. දෙවියන් වහන්සේගේ සේවයෙහි නිරතවීමද අන්‍යයන් ලවා උන්වහන්සේට ප්‍රේම කිරීමට උගැන්වීමද බලවත් අපෝස්තලික සේවයක් බව මෙම දරුවා ජෝන් බොස්කෝ පියතුමාගේ මග පෙන්වීම යටතේ උගත්තේය.
ජෝන් බොස්කෝ ආයතනයේ සිට ළමුන්ට සැබෑ ක්‍රිස්තියානි ‚ජීවිතයක් ගත කිරීමට තම වචනයෙන් සහ ක්‍රියාවෙන් ඔහු ආදර්ශමත් විය. එහෙත් ඔහු බරපතළ ලෙස රෝගාතුර විය. එබැවින් ජෝන් බොස්කෝ පියතුමා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඔහුගේ මා පියන් වෙතට ඔහු යවන ලදී. තම ගෘහයේදී ද නොකඩවා ශුද්ධවන්ත යාච්ඤාමය ජීවිතයක් ගත කරන ලදි.
වර්ෂ 1857 මාර්තු මස 9 වන දින ඔහු මරණාසන්නව සිටි අවස්ථාවේදී අලංකාර දර්ශනයක් දැක, ශබ්ද නගා මෙලෙස කීවේය. “අහෝ කොතරම් අලංකාර දර්ශනයක් දැන් මට පෙනේද? ” ඔබත් දොමිනික් සාවියෝ තුමා මෙන් ජේසුව භක්තියෙන් ලබනවාද? දොමිනික් සාවියෝ තුමාගේ යාච්ඤා∆ මධ්‍යස්ථකම ඉල්ලා යාච්ඤා∆ කිරීමෙන් ගර්භණී මව්වරුන්ට පහසු දරු ප්‍රසූතියකට උදව්වූ බව අවස්ථා කිහිපයකින් ඔප්පු විය. අද ශු. සභාව මෙතුමා පූජාවට උදව් දරුවන්ගේ ආරක්ෂක සාන්තුවරයා ලෙස නම් කර ඇත. ශු. දොමිනික් සාවියෝ තුමාගේ මංගල්‍යය මාර්තු මස 10 වන දිනට යෙදී ඇත.