9 - පවුලක අසිරිය

"එබැවින් දෙවියන් වහනසේ එක් කළ අය මනුෂ්‍යයා වෙන් නොකෙරේවා!" යි වදාළ සේක (ශු. මාක් 10 : 9)

1. උත්පත්තිය ලැඛෙන්නෙ මවකගෙන් තමයි දරුවන්            හට
    පිතෘක සෙනෙහස තුළ හැදී වැඩෙයි දරුවන්                සැම
    මේ විස්මිත ක්‍රියාව ලොව මැවීමේ දී සිදු වුණ                බව
    දෙව් වදනින් අපට කියයි ලොව පැවැත්ම පවුලෙන්          බව

2. ලොව සිදු වූ පළමු විවාහය ආදම් ඒවගෙ                     බව
    ශුද්ධ බයිබලයේ උත්පත්ති පොතේ ලියැවුණු                බව
    දරුවන් ලැබ මවු පදවිය පිය පදවිය හිමි වූ                 බව
    දෙව් ආසිරි ලැබුණින් එය පවුල කියා නම් කළ              බව

3. ආශීර්වාදකාර බන්ධනය නම් වූ                         ප්‍රසාදයයි
    ලබා ගන්නේ විවාහ වන දෙදෙනා මේ                 නිධානයයි
    විවාහ වන යුවල විසින් දෙව් මෙහෙයෙ දි පොරොන්දු      දෙයි
    සැප මෙන් දුක ලැඛෙන විට දි විශ්වාසය මෙලෙස         රකියි

4. ලොව උතුම් ම පවුල ශුද්ධ වූ පවුලයි නම්                දැරුවේ
    මරියතුමියි ජුසේ තුමයි ෙජ්සු කුමරු ඒ                   පවුලේ
    දුක හා සැප ඛෙදා හදා ගනිමින් නිති කල්                ගෙවුයේ
    දේව කැමැත්තට අනුවයි සැම දිනක් ම නිමා               කළේ

5. පවුලක දරුවන් ලෙස උපදින හැම දරුවකු             වෙතට ම
    නිතැතින් හිමි වන යුතුකම් ඇති බව දැන ගනිමු         සැවොම
    කුඩා කල දි අප සුරකින මවුපිය සොහොයුරු මේ           සැම
   මහලූ වුව ද රැක ගැනීම ගරු කිරීම අපෙ                  යුතුකම

6. ලොව උතුම් ම මව වන්නේ නිති ඔබ මගෙ ජේසු        අම්මේ
   සුරැකි පියා ෙජ්සු පුතා බලා ගත්තේ ඔබයි              අම්මේ
   දොහොත් මුදුන් දී වඳිමින් දිනපතා ම මම              යදින්නේ
   මගෙ පවුලත් සුදු පවුලක් කර දෙන ලෙස ජේසු           අම්මේ