10 - පූජකවරය

 

(පන්තියේ සිසුහු කීපදෙනෙක් ජේසුස් වහන්සේ සහ ශ්‍රාවකයන් ලෙස සැරසී පාද සේදීමේ සිද්ධිය රඟ දක්වති.)

 

සීමොන් පේදුරු: ස්වාමීනි, ඔබ වහන්සේ මාගේ පාදත් සෝසන සේක් ද? මාගේ පාද සෝදන්නට නම් ඔබ වහන්සේට ඉඩ නොදෙමි.


ජෙසුස් වහන්සේ: මා ඔබග‍ෙ පාද නොසේදුවොත් මා සමග සම්බන්ධතාවක් ඔබට නැත.


සීමොන් පේදුරු: ස්වාමීනි, මාගේ පාද පමණක් නොව අත් ද හිස ද සේදුව මැනව.

ජෙසුස් වහන්සේ: ස්නානය කර ඇති ඔබ පිරිසිදු ය. පාද පමණක් සේදීම සෑහේ. මා ඔබේ පාද සේදු ලෙස ඔබත් එකිනෙකාගේ පාද සේදිය යුතු ය.

(මේ අතීත සිදුවීම ගැන කතා කරමින් මීසම් සේවක පියතුමා හා පුජා උදවු වන සමිතියේ ජූඩ් පැමිණෙති.)


ජූඩ් : පියතුමනි, මෙය සිදු වුණේ මහ බ්‍රහස්පතින්දා අන්තිම රාත්‍රි භෝජනයේ දී නේද?


පියතුමා : ඔව් පුතා, එදා ජෙසුස් වහන්සේ දිව්‍ය පූජා පිළිවෙත ස්ථාපිත කළා. අද පුජකතුමන්ලා එම යාගය සිදු කරනවා.


ජූඩ් : එදා පූජකවරය ස්ථාපිත කළා!


පියතුමා : ඔව්, පුජකවරය දෙවියන් වහන්සේගෙන් ලැබෙන කැඳවීමක්. පාද සේදීමෙන් පෙන්වා දෙන්නේ ද ජනතාවට සේවය කළ යුතු බවයි.


ජූඩ් : මාත් ආසයි පියතුමෙක් වෙන්න.


පියතුමා : බොහොම හොඳයි. අපි යමු.


පියතුමා සහ ජූඩ් : "එන්න සමිඳුනේ// ඇවිත් ගන්න මගෙ හදවත ඔබේ සේවෙටා
                          ඔබ පෙම් කළ හැටි කියන්න යොදා ගනු මැනේ"
(දෙදෙනා ම ගායනා කරමින් වේදිකාවෙන් පිටවෙති. තිරය වැසෙයි.)


පුජකවරය නමැති දේව ප්‍රසාද නිධානය ලබා ගැනීමට පිරිමි දරුවන් දෙව්සත්හලට ඇතුළු වී අධ්‍යාපනය ලබා ගත යුතු ය. මෙම දේව ප්‍රසාධ නිධානය රදගුරුතුමා විසින් දානය කරනු ලබයි.

 

 

 

 

 

 

 

 

 

 

පුජාප්‍රසාදිතුමන්ලා ජේසුස් වහන්සේගේ නියෝජිතයෝ ය. එතුමන්ලා වෙනුවෙන් අපගෙන් විය යුතු යුතුකම් කිහිපයක් නම්;


 පියතුමන්ලාට ගරු කිරීම
 ධර්මදූත ළමා සමාජය, පුජා උදවුවන සමිතිය, ගීතිකා කණ්ඩායම වැනි විවිධ සමිති සමාගම් මගින් පියතුමන්ලාට සහාය වීම
 පියතුමන්ලා වෙනුවෙන් යාච්ඤා කිරීම.