21 - දෙවිඳුන්ගෙන් සුවය

ශු. ජොහාන් 5 : 1 - 15

ජේසුස් වහන්සේ තම ජීවිත කාලය තුළ දී බොහෝ රෝගීන් සුවකළ අවස්ථා ශුද්ධ බයිබලයේ සඳහන් වේ.


උන්වහන්සේගේ මැදහත්කම තුළින් වසර තිස් අටක පමණ කාලයක් රෝගීව සිට සුවය බලාපොරොත්තු වු පුද්ගලයෙකු සුවපත් වු ආකාරය විමසා බලමු.

පහත සඳහන් ක්‍රියාකාරකම ඔබගේ පොතේ පිටපත් කර ශුද්ධ ජොහන් ශුභාරංචියේ 5 : 1 - 17 පාඨ ඇසුරෙන් හිස්තැන් පුරවන්න.

තිස් අට අවුරුද්දක් රෝගීව, කිසිවකුගේ උපකාරයක් නොලැබ බෙතෙස්දා පොකුණ අසල සිටි රෝගියාට අනුකම්පා කොටජේසුස් වහන්සේ ඔහුට සුවය ලබා දුන් සේක. ඒ නිසා සැම මොහොතකම දිව්‍ය වෛද්‍යවරයාණන් වන දෙවි පියාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීම වැදගත් වේ.

 

ජේසුස් වහන්සේගෙන් සුවය ලබමු;
ලැබූ සුවය ගැන සාක්ෂි දරමු!