12 - සතුරන් කෙරෙහි මෙත් සිත් වඩමු

ශු. ලුක් 22 : 47 - 53


ගුරුතුමිය : අද අපි ජේසුස් වහන්සේගේ කුරුසි පූජාවට පෙර උන්වහන්සේ සතුරන් අතට පාවා දුන් අවස්ථාව රඟ දක්වන්නයි සූදානම.


(ගුරුතුමිය සිසුන් අතර චරිත ඛෙදා දී සිසුන්ට රඟපෑමට අවස්ථාව සලසයි)


රඟදැක්ම
ජේසුස් වහන්සේ යාච්ඤා කරමින් සිට නැඟිටමින් ගෝලයන්ට යමක් පවසති.


ජුදස් ඉස්කාරියොත් මුලිකත් ගෙන සමූහයක් පිරිවරාගෙන පෙරටුවෙන් ජේසුස් වහන්සේ ඉදිරියට පැමිණෙයි.

ජූදස ජේසුස් වහන්සේගේ මුහුණ සිඹීමට සැරසෙත් මජේසුස් වහන්සේ ජූදස් දෙස බලා,


ජේසුස් වහන්සේ: ජූදස්, ඔබ සිඹීමකින් මනුෂ්‍ය පුත්‍රයාණන් පාවා දෙන්නෙහි ද?


(කෝපයට පත් එක් ගෝලයෙක‍ෙ ජුදස් සමග සිටි එක් අයකුට ගසා ඔහුගේ දකුණු කන කපා දමයි)


ජේසුස් වහන්සේ: නවතින්න.

ජේසුස් වහන්සේ ඔහුගේ කන අත ගා සුව කරයි)


ජේසුස් වහන්සේ: ඔබ සොරකු හා සටනට මෙන් ආයුධ රැගෙන ආවහු ද? දිනපතා මා දේව මාලිගාවෙහි ඔබ හා සමග සිටිය දී ඔබ මට විරුද්ධව අත එසෙව්වේ නැත. එහෙත් මෙය ඔබගේ අවස්ථාව ය. අන්ධකාරය රජ කරන මොහොත ය.


(ජුදස් ඉස්කාරියොත් සමග පැමිණි පිරිසජේසුස් වහන්සේ අල්ලා ගෙන පසෙකට ඇදගෙන යති.ජේසුස් වහන්සේගේ ගෝලයෝ බිය වී කිසිවක් කර කියා ගත නොහැකිව බලා සිටිති)


(භූමිකා රංගනය අවසන් වෙයි)


ජේසුස් වහන්සේ තමන්ට සතුරුකම් පෑමට පැමිණි පිරිස කෙරෙහි සතුරුකම් පෑමට අකැමැති වු සේක. තම ගෝල පිරිසෙන් කෙනෙකු සතුරන් අතරින් කෙනෙකුට පහර දෙත් ම උනවහන්සේ ඔහු කෙරෙහි කරුණාව පෑ සේක. ඔහුගේ කන අතගා සුව කළ සේක. සතුරන් කෙරෙහි මෙත් සිත් පා ඔහුට සුවය දීමට තරම් ප්‍රේමය දැක්වු සේක.ජේසුස් වහන්සේ අනුගමනය කරන අප ද අපට සතුරුකම් කරන්නන් කෙරෙහි ප්‍රේමයෙන් ක්‍රියා කිරීම උන්වහන්සේගේ කැමැත්ත වේ. 

සතුරන්ට ප්‍රේම කළ ජේසුස් වහන්සේ අනුගමනය කරමින් අපි ද සතුරුකම් කරන අයට ප්‍රේමයෙන් ක්‍රියා කරමු!