14 - පලතුරු පැළ සිටවමු

සල් උයනක දි සිදුහත් පුතු            බිහි වූවා
බෝ රුක මුල දි බෝසත් හිමි         බුදු වූවා
සල් උයනක ම පිරිනිවනත්            සිදු වූවා
තුරු සෙවණේ දි බුදු තෙමඟුල        සිදු වූවා


මිහින්තලේ අඹරුක් පිරි විසල්           වනේ
මිහිඳු හිමිට, තිස්ස නිරිඳු මුණ         ගැසුණේ
අඹ සහ ඥාති පැනයට විසඳුම         ලැබුණේ
සිරි ලක එදයි දහමින් පෝෂණය         වුණේ


පෙර රජ දවස සඳහන් ඉතිහාස         පොතේ
පලතුරු උයන් කරවූ බව ලියවි           ඇතේ
කල්වැසි වසින්නට ඒ තුරුලතා            අපේ
මහ මෙහෙවරක් සිදු වූවා අපට            සිතේ


අඹ දඹ හිඹුටු නාරං කජු වැල             වරකා
පේර දොඩම් මාදං වස විස               නැතුවා
ගස්ලබු කෙසෙල් රඹුටන් ඈ පැළ         සිටුවා
අපගේ මුතුන්මිත්තන් අප හට              පිදුවා


පුංචි අපිත් පෙර අය කළ දේ              සිතලා
වවමු වවමු පලතුරු වතු                  එක්වීලා
ජලය පොහොර ලා පලතුරු පැළ         රැකලා
අනාගතය සරු කරනෙමු                එක්වීලා