ශ්‍රී ලංකාවේ ඡාතිකත්වය - 5-වසර සිංහල

ශ්‍රී ලංකාවේ ඡාතිකත්වය

 

 

 ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා - වළි කුකුළා

වලි කුකුළා ධාන්‍ය වර්ග මෙන් ම කෘමි සතුන් ද ආහාරයට ගන්නා සර්ව භක්ෂක ජන්මයෙන් ම ශ්‍රී ලංකාවට ආවේනික
පක්ෂියෙකි. වර්ණයෙන් දුඹුරු, අළු, ලා රතුපාට හා සුදු මිශ්‍ර හැඩ වී ඇත. රංචු ලැදියාවෙන් හා සමගියෙන් යුතුව සිටී. 

 

ශ්‍රී ලංකාවේ  ජාතික වෘක්ෂය - නා ගස 

සුදු වර්ණයෙන් යුතු පෙති හතරකින් සමන්විත අලංකාර මල් පිපෙන ගස කේතුවක් ආකාරයට වැඩෙන තද කොළ
පැහැයෙන් යුතු ශාකයකි.

 

ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය - නිල් මානෙල් මල 

ජලජ ශාකයකි. වැව් හා පොකුණු වැනි ජලාශ වල වැඩෙන ලා නිල් පැහැයෙන් යුතු පෙති රාශියකින් සමන්විත
තනිව පිපෙන මලකි.

 

ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව - අත් පන්දු (Volley Ball)

ජේ. ඒ. මෝගන් මහතා විසින් හදුන්වා දෙන ලද මෙම ක්‍රීඩාව එක් පිලක් සදහා ක්‍රීඩකයන් 6 සහභාගී වේ.
මෙම ක්‍රීඩාව වට කිහිපයක් ලෙස කණ්ඩායම් තරග පවත්වනු ලබයි.

 

ශ්‍රී ලංකාවේ ජාතික මැණික - නිල් මැණික 

රත්නපුර, ඇලහැර, බකමූණ, ඔක්කම්පිටිය වැනි ප්‍රදේශ වල භූ කැණීම් වලින් ලැබෙන පාෂාණයක් වන අතර වටිනා
කමින් වැඩි දුර්ලබ පාෂාණ වර්ගයකි.

 

ශ්‍රී ලංකාවේ ජාතික සත්ත්වයා - දඩුලේනා


සිවුපා සතෙකු වන මෙම සත්ත්වයා තුරු මත වාසය කරන පලතුරු ආහාරයට ගන්නා දිගින් සෙන්ටිමීටර් 40ත් 50ත්
අතර වැඩෙන ශ්‍රී ලංකාවේ වනාන්තර වල වාසය කරනු ලබයි. ජනගහනය වර්ධනයත් සමග වනාන්තර එළි පෙහෙලි
කිරීම නිසා වද වී යාමේ තර්ජනයට ලක් වී ඇත.

 

අපේ විවිධ ආගමික උත්සව

බෙෘද්ධ - වෙසක් , පොසොන්, ඇසල, කඨින හා උපසම්පදා උත්සව.

ක්‍රිස්තියානි - නත්තල්, අළු බදාදා, පාස්කු, මහ සිකුරාදා, විවාහ මංගල උත්සව.

හින්දු - දීපවාලි, තෛපොන්ගල්,  මහා ශිව රාත්‍රිය.

ඉස්ලාම් - හජ්ජි උත්සවය, රාමසාන් උත්සවය, මිලාදුන් නබි නායක තුමාගේ උත්සවය.

 

ශ්‍රී ලංකාවේ පළාත් පුෂ්ප 

සබරගමු පළාත - වෙසක් මල්

වයඔ පළාත - ඇට්ටේරියා

බස්නාහිර පළාත - සුදු නෙළුම්

දකුණු පළාත - හීන්බෝවිටියා

නැගෙනහිර පළාත - ගොඩ මානෙල්

උතුරු මැද පළාත - ඇහැල

ඌව පළාත - විශ්ණු කාන්ති / වල් පිච්ච