කොග්ගල මහා ප්රාඥයා යන විරුදාවලිය ලත් සුප්රකට ලේඛක මාර්ටින් වික්රමසිංහ මහතාගේ උපන් ගම් පියස ගාල්ල දිස්ති්රක්කයේ කොග්ගලයි. එතුමා උපන් නිවෙස පිහිටි භූමිය වර්තමානයේ බොහෝ දෙනාගේ ආකර්ෂණය දිනා ගත් ජනකලා කෞතුකාගාරයක් බවට පත් වී ඇත. අපගේ බොහෝ ජනකලා උරුම සජීව ලෙස දැක ගත හැකි ඒ භූමියට අපි කොග්ගල චාරිකාවෙන් මෙසේ පිවිසෙමු.
"මාර්ටින් වික්රමසිංහයන්ගේ බොහෝ කතන්දර පොත්වල කොග්ගල ගැන ලියලා තියෙනවා. අන්න ඒ කොග්ගල තමයි දැන් අපි ඉන්නෙ;” ගුරුතුමිය, මාර්ටින් වික්රමසිංහ ජනකලා කෞතුකාගාරයට ඇතුළු වීමට පෙළ ගැසෙන ළමයින්ට කීවා ය. විමසිලිමත් දෑස් දල්වමින් ළමයි ජනකලාගාරයේ අපූරු නිමැවුම් නරඹමින් ඉදිරියට ගියහ.
"අර.. අර.. කරත්තයක්” අරුණ ඇඟිල්ල දිගු කළේ ය.
"කරත්තයක් නෙවෙයි ඒ, තිරික්කලයක්. අපේ ආත්තම්මලාගේ ගෙදර තියෙන්නෙ මාතර. අපි එහේ ගියා ම තිරික්කලෙන් ගිහින් තියෙනවා," ප්රබෝධ කීවේ ය.
"උපාලියි ජින්නායි මඩොල්දූවෙ යන්න ඇත්තේ මේ වගේ ඔරුවකින් වෙන්න ඇති” යි ලී කඳන්වලින් සෑදූ ඔරු පෙන්වා අරුණට කීවේ ටිරාන් ය. ධීවර කර්මාන්තයට අදාළ උපකරණ නරඹමින් ළමයි තවත් ඉදිරියට ගියහ.
ගොවිතැන සඳහා භාවිත වන උපකරණ එකින් එක විස්තර කරද්දී ළමයි සාවධානව අසා සිටියහ.
"නගුල මම මීට කලින් දැකලා නැහැ’ රිසානා කීවා ය.
"මමත් දැකලා තිබුණෙ රූපයෙන් විතරයි’ මනුක කීවේ ය.
"මේ බලන්න ඉස්සර හාල් මැනපු උපකරණ. මේ තියෙන්නෙ සේරුව. අර හුණ්ඩුව." ගුරුතුමිය විස්තර කරද්දී ළමයි ගුරුතුමිය වටා රැස් වූහ.
"අපේ ගණිත පොතෙත් තියෙනවා මනින උපකරණ. ඇයි මතක නැද්ද?” කවීෂා කීවා ය.
"රූකඩ, වෙස් මුහුණු, ගොවිතැන් උපකරණ වගෙ දේවල් මෙතන ප්රදර්ශනය කරන්නේ ඇයි?" මෙතෙක් නිහඬව සිටි සවනි ඇසී ය.
"හොඳ ප්රශ්නයක් දුව ඇහුවෙ” මාර්ටින් වික්රමසිංහ භාරකාර මණ්ඩලයේ නිලධාරියා විස්තර කිරීම ඇරඹුවේ ය."මාර්ටින් වික්රමසිංහ මහතා ගමට ඉතා සමීපව සිටි කෙනෙක්. එතුමා ගමට ආදරේ කළා. පරිසරයට ආදරේ කළා. ඒ විතරක් නෙමෙයි, ගමේ කර්මාන්තවලට, ජන සංගීතයට, ජන කලාවට එතුමා ප්රිය කළා. ඉතිං එතුමා නමින් තිඛෙන කෞතුකාගාරයට ජනකලා අංග එකතු කරලා තියෙනවා."
අනතුරුව ළමයි පොල් තෙල් හිඳීමට භාවිත කරන සෙක්කුව අසලට රැස් වූහ. එය භාවිත කරන ආකාරය ගුරුතුමිය ළමයින්ට පැහැදිලි කළා ය.
ඉන් අනතුරුව ළමයින් පිවිසියේ මාර්ටින් වික්රමසිංහ ශ්රවණාගාරයට යි. වික්රමසිංහයන් පිළිබඳ තොරතුරු ඇතුළත් විකුම්සිහ වත කෙටි වාර්තා චිත්රපටය නැරඹීමට ඔවුන්ට එහි දී අවස්ථාව උදා විය. පොත් දහස් ගණනකින් සමන්විත වූ වික්රමසිංහයන්ගේ පොත් ගුල, මඩොල්දූව හා ඒ අවට පරිසරය, දකුණු ලක මුහුදු තීරයේ සුන්දරත්වය සේ ම එතුමන් කළ කී දෑ බොහොමයක් සජිවීව අත්විඳින්නට එම චිත්රපටය උපකාරී විය. පරිසරය කෙරේ දැක් වූ සංවේදීතාව, එතුමාගේ නිර්මාණකරණයේ සාර්ථකත්වය සඳහා ඉවහල් වූ බව ඒ මගින් අවබෝධ විය.
"අපි ඊළඟට යන්නේ කොහේ ද?" ඒ ප්රශ්නය රාධාගෙනි. "කලබල වෙන්න එපා රාධා, මඩොල්දූවට යන්නේ අන්තිමට," සවනි කීවා ය.
සියල්ලෝ ම සිනාසුණහ. ඔවුන් ඊළඟට පියමැන්නේ හෙළයේ මහ ගත්කරු මාර්ටින් වික්රමසිංහ සූරීන් උපන් නිවහනට ය.
අර, තනි කකුලෙ මේසයක්!” කවීෂා කීවා ය. "ඒකට කියන්නෙ කනප්පුව කියලා” ගුරුතුමී කීවා ය. "අර ඇඳට කියන නම මොකක් ද?" දෙව්මිත් ඇසුවේ ය. "ඒ වියන් ඇඳ, අපේ ආත්තම්මලාගේ ගෙදරත් තියෙනවා” ප්රබෝධ එක්වර ම කී ය.
අර දිග පුටුව කවිච්චිය. ඒක මං දන්නවා.” කවීෂා කීවා ය. එතුමා පරිහරණය කළ ඇස් කන්නාඩි යුවළ, පෑන ආදිය තබා ඇති ලියන මේසය අසල ළමයි මඳක් නතර වූහ. එතුමාගේ අත් අකුරු ද ඔවුන්ට දැක ගන්නට ලැබි‚. ළමයි එතුමාගේ ලේඛන දිවියේ විශේෂ තොරතුරු සටහන් කර ගත්හ. වික්රමසිංහයන්ගේ මහ ගෙදරින් පිටතට පැමි‚ ඔවුහු නිවෙස ඉදිරියේ තණබිමේ වාඩි වූහ.
"කවීෂා, හැමෝට ම ඇහෙන්න මේ ඡේදය කියවන්න" ගුරුතුමිය අපේ ගම පොතේ පිටුවක් පෙරළා කවීෂාට දුන්නා ය. කවීෂා ශබ්ද නඟා කියවීම ආරම්භ කළාය:
එක් අතකින් මුහුදටත්, අනෙක් අතින් විශාල නදියකටත්, මැදි වූ අපේ ගම් පෙදෙස, කුඩා බිම් තීරයකි. පොල් ගසින් ද දෙල් ගසින් ද සෙවණ වූ, අත්තන, කීඩාරම්, බලූ නගුට, කහඹිලියා, බුරුල්ල, කිරිල්ල, ගඳපාන යන ආදියෙන් හෙවුණු කැලෑ රොදවල් බහුල බිම් පෙදෙස් හැර, අප සිත් ගත් සුදු වැලි තලා ඇති වන රොදක් ද එහි වී ය. කජු, මාදන්, අඹ යන ආදි ගස්වලට වැඩි විශාල වෘක්ෂයන් නොවූව ද, නොයෙක් වර්ගයේ පක්ෂීන් ද, හාවුන් ද, ලෙහෙනුන් ද, සර්පයන් ද, මුගටියන් ද, උගුඩුවන් ද, වල් මීයන් ද වාසය කරන ඝනව වැඩුණු ඇපල පඳුරු, එරමි‚යා සහ ගඳපාන අකුල්, බෝවිටියා ගොමු, එහි බහුල වී ය. පේර ගස්වල ඛෙහෙවින් පේර හට ගත් නමුදු ඉදුණු පේර ගෙඩියක් අපට කඩා ගන්නට ලැබුණේ ඉතා ම කලාතුරකිනි. පේරයක් යන්තම් පැසී කහ පාට වී ගෙන එනු දකින ළමයින්, එය කඩා ගන්නා බැවිනි. එහෙත් කොළයේ ම පාටින් වෙන් නොකළ හැකි අමු පේර ගෙඩි, ළමයින්ගේ ඇස්වලට හසු නොවී සැඟවී කොළ අස්සේ සැඟවීම නිසා, කහවට හුරු රතුපාට වන තෙක් ඉදුණු පේර ගෙඩියක් සොයා ගත් විට, අප ප්රීති වූයේ, මැ‚ක් ගරන මිනිහකු ලොකු රතු කැටයක් ලත් විට ප්රීති වන්නාක් මෙනි.
මාර්ටින් වික්රමසිංහයන්ගේ රසවත් සහ හරවත් නිර්මාණ පිළිබඳ ගුරුතුමිය පැහැදිලි කළා ය. දිවා ආහාරයෙන් පසු මඩොල්දූවට යන බව ඇසූ ළමා පිරිස සතුටින් ඉපිල ගිය හ.