එදිනෙදා ජීවිතයේ විවිධ කාර්ය ඉටුකර ගැනීම සඳහා ශක්තිය අවශ්‍ය වේ. ඈත අතීතයේ දී මිනිස් ශ්‍රමයෙන් සිදු කළ බොහෝ කාර්ය වර්තමානයේ වෙනත් ශක්ති යොදාගෙන පහසුවෙන් සිදුකරනු ලබයි.
එදිනෙදා කාර්ය ඉටුකර ගැනීමට බහුල ව භාවිත කරන ශක්තියක් ලෙස විදුලිය හැඳින්විය හැකි ය.
පැවරුම 8.1
8.1 හා 8.2 රූපවල දැක්වෙන්නේ නිවෙස් දෙකක පුද්ගලයින් විවිධ කටයුතුවල නියැලී සිටින ආකාරයයි.
එදිනෙදා ජීවිතයේ දී විදුලිය ප්‍රයෝජනයට ගන්නා තවත් බොහෝ අවස්ථා ද පවතී.
කර්මාන්ත ශාලාවල යන්ත්‍ර සූත්‍ර ක්‍රියාකරවීම, වායුසමන යන්ත්‍ර ක්‍රියාකරවීම, විවිධ සන්නිවේදන කටයුතු සිදුකිරීම, ඇතැම් වාහන ධාවනය ඉන් සමහරකි. ඉහත කරුණු අනුව අපට පැහැදිලි වන්නේ විදුලි බලයෙන් බොහෝ
ප්‍රයෝජන ඇති බව නොවේ ද?