2 - උදය සිරි

මිනිසා ද සෙසු සතුන් හා ගහකොළ, ඇළදොළ, කඳුහෙල් ආදිය මෙන් ම සොබාදහමේ නිර්මාණයකි. ඔහු ස්වභාවධර්මය තමන්ට රිසි පරිදි වෙනස් කිරීමෙන් සිය ගමන් මඟ සකස් කර ගත්තේ ය. එපමණක් නොව ස්වභාවධර්මයෙන් චමත්කාරයක් විඳීමට ද මිනිසා සමත් වෙයි. සිය සිතැඟි සොබාදහම අනුව සකස් වන ආකාරය ද සොබාදහමින් ලබන වින්දනය, ආස්වාදය හා ප්‍රබෝධය ද අනාවරණය කරමින් ඔහු කලා නිර්මාණකරණයේ යෙදෙයි.

ටිබැටයේ සිකීම් ප්‍රාන්තයේ උපත ලබා ලංකාවට සංක්‍රමණය වී දිවි ගෙවූ සිකීම් මහින්ද හෙවත් ඇස්. මහින්ද හිමි විසි වන සියවසේ සිංහල කාව්‍ය ක්ෂේත්‍රය පෝෂණය කළ ලේඛකයන් අතරේ ප්‍රමුඛයකු සේ පිළිගැනේ. උන්වහන්සේ විසින් රචිත "උදය සිරි " පද්‍ය පන්තියේ සොබාදහමේ ආශ්චර්යයෙන් මිනිස් ජීවිත ප්‍රබෝධවත් වන ආකාරය පැවසෙයි.

පිපේ නෙලූම් ඕලූ ගඟේ විලේ ඇලේ
තිබේ වලාකුළු පහ වී නිලේ වෙලේ
නො පේන තෙක් ඈත මඟුල් ගෙයක් වගේ
සැදී සිටින්නේ ද ගසුත් වැලූත් ගලූත්


නිදන්නෙ ඇයි ? මේ ළමයෝ තවත් උදේ
නැඟී සිටින්නැයි අත ගා කියන්නා සේ
ජනේලයෙන් දැන් හිරු රැස් ගලා වැටී
සිඹී මගේ මූණ පුරා උරා අහෝ


පිපී ගියා වූ ගන මූකලන් කැලේ
මලේ කොළේ පාට මෙසේ මෙසේ වෙතී
නෙලූම් කුමාරීට කියන්නවුන් වගේ
විලේ පියාඹත් බමරෝ රුරුං ගගා

උදැල්ල හා කැත්ත කරේ තබා ලා
සැහැල්ලූවෙන් බෝම දෙපා නගා ලා
දැකුම්කලූයි දැන් ගොවියා ගමන් ගත්
උදේ සිරීගේ සිරි ඉන් වැඩී වේ


සමන් නෙලූම් හා මහනෙල් ද රෝස
මලින් නැගී ආ සුවඳත් උරා බී
හමන්නෙ මේ සීත සුළං අලූත් වූ
පණක් දිදී මෙන් මට මේ වෙලාවේ


නිකම් ඉඳීමෙන් පල නෑ ගෙ මුල්ලේ
තමන් තමන්ගේ වැඩෙහී යෙදෙත්වා
කියන්නවුන් මෙන් ගන නිල් කැලෑවේ
අඬත් නටත් ගස් අතරේ කුරුල්ලෝ‍ෙ