ලුක් තුමාගේ ශුභාරංචිය මෙසේ විවිධ නම්වලින් හැදින්වීමට හේතු මොනවා දැයි විමසා බලමු.
1. යාච්ඤාවේ ශුභාරංචිය
ශුභාරංචිය පුරාවට ම "යාච්ඤාව" පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන බැවින් යාච්ඤාවේ ශුභාරංචිය ලෙස හඳුන්වනු ලැබේ. උදාහරණ:
ජේසුස් වහන්සේ මෙන් අප ද එදිනෙදා ජීවිතය තුළ යාච්ඤා කිරීමට අමතක නොකළ යුතු වේ.
2. අන්‍ය ජාතිකයන්ගේ ශුභාරංචිය
අන්‍ය ජාතිකයන් යනු ජුදා ජාතියට අයත් නොවූවන් ය. ලුක් ශුභාරංචියේ අන්‍ය ජාතීන් පිළිබඳ ව විශේෂ අවධානයක් යොමු කරන නිසා අන්‍ය ජාතීන්ගේ ශුභාරංචිය ලෙස ද හැඳින්වේ.
3. දයාවේ ශුභාරංචිය
ජේසුස් වහන්සේගේ ධර්මදූත සේවාව තුළ පව්කරුවන්ට දයාව දැක්වූ බව ලුක් තුමා පෙන්වා දෙයි. උදාහරණයක් ලෙස නොමග ගිය බැටළුවෙකු සොයා යන එඬේරෙකු ලෙස ජේසුස් වහන්සේ පව්කරුවන් සොයා යන ආකාරය නැතිවුණු බැටළුවා පිළිබඳ උපමාවෙන් පැහැදිලි කරයි.
4. ශුද්ධාත්මයාණන්ගේ ශුභාරංචිය
වෙනත් ශුභාරංචිවලට වඩා ශුද්ධාත්මයාණන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය ගැන සඳහන් කරන බැවින් ශුද්ධාත්මයාණන්ගේ ශුභාරංචිය ලෙස හැඳින්වේ.
ඒ සඳහා එක් උදාහරණයක් නම් ජේසුස් වහන්සේගේ ප්‍රසාද ස්නාපනයේ දී ශුද්ධාත්මයාණන් වහන්සේ පරවියෙක් ආකාරයෙන් උන්වහන්සේ මත වැඩ සිටි සේක.
5. කාන්තාවන්ගේ ශුභාරංචිය
කාන්තාවන් පිළිබඳ වෙනත් ශුභාරංචිවලට වඩා සඳහන් වන නිසා කාන්තාවන්ගේ ශුභාරංචිය ලෙස නම් කෙරේ. එලෙස සඳහන් වන කාන්තාවන් කිහිප දෙනෙක් මෙසේ ය.
6. දිළින්දන්ගේ ශුභාරංචිය
දිළින්දන් අගය කරමින් ඔවුන් දෙවියන් වහන්සේට ප්‍රිය බව සනාථ කරන නිසා දිළින්දන්ගේ ශුභාරංචිය ලෙස ද දැක්වේ. උදාහරණ :-
7. කොන්වූවන්ගේ ශුභාරංචිය
කොන්කිරීම්වලට ලක්වූවන් පිළිබඳ ව විශේෂ අවධානයක් යොමු කරන නිසා කොන්වූවන්ගේ ශුභාරංචිය ලෙස ද හඳුන්වනු ලැබේ.
සකේවුස් අයකැමියෙකි. (රෝම අධිරාජ්‍යයට බදු එකතු කරන්නෙකි). ජුදා සමාජය අයකැමියන් පව්කරුවන් ලෙස සලකා කොන් කළහ. එසේ වූයේ ඔවුන් සාමාන්‍ය ජනතාව තලා පෙළා අසාධාරණ ලෙස බදු එකතු කොට වැඩිපුර එකතු කළ මුදල් ඔවුන් ළඟ තබා ගත් නිසා ය. ජේසුස් වහන්සේ එවැනි අයට අනුකම්පා කර යහමගට ගත් බව සකේවුස් පිළිබඳ සිද්ධියෙන් විස්තර කරයි.
අපි ද අප සමග ජීවත් වන කිසිවකු කිසි ම හේතුවක් නිසා වත් හෙළා නොදැකිය යුතු වෙමු. සැමට කරුණාව දැක්විය හැකි පහන් සිතක් ඇති කර ගනිමු.