නමස්කාර පාඨය පහත දැක්වේ,
"නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස"
නමස්කාර පාඨයෙහි එන පාලි පද වල සිංහල තේරුම මෙසේය.
නමෝ - නමස්කාර වේවා
තස්ස - ඒ
භගවතෝ - භාග්‍යවත්
අරහතෝ - අරහත් (පිදීමට සුදුසු)
සම්මා - සම්මා (සම්‍යක්)
සම්බුද්ධස්ස - සම්බුදුරජාණන් වහන්සේට
නමස්කාර පාඨයෙහි සිංහල තේරුම මෙසේය.
"ඒ භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා"
සිංහල තේරුම මතුවන පරිදි නමස්කාර පාඨය සැකසූ විට පද පිළිවෙල මෙසේය.
"තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ"
සටහන:-
නමෝ පදය අගට යොදා සුපුරුදු නමස්කාර පාඨයම තිබෙන පරිදි සැකසීමෙන් පද පිළිවෙල ලැබේ.
නමස්කාර පාඨය ඇසුරින් සරළ පාලි වාක්‍ය ගොඩනගමු.
වගුව 1
1. නමෝ තස්ස භගවතෝ.
නමස්කාර වේවා ඒ භාග්‍යවතුන් වහන්සේට.
2. නමෝ තස්ස මහේසිනෝ.
නමස්කාර වේවා ඒ බුදුරජාණන් වහන්සේට.
3. නමෝ තස්ස නාගාය.
නමස්කාර වේවා ඒ බුදුරජාණන් වහන්සේට.
වගුව 2
1. තස්ස භගවතෝ නමෝ.
ඒ භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා.
2. තස්ස මහේසිනෝ නමෝ.
ඒ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
3. තස්ස නාගාය නමෝ.
ඒ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
වගුව 3
1. මය්හං නමත්ථු සබ්බ බුද්ධානං.
මගේ නමස්කාරය වේවා සියලු බුදුරජාණන් වහන්සේලාට.
2. මය්හං නමත්ථු සබ්බ අරහන්තානං.
මගේ නමස්කාරය වේවා සියලු රහතන් වහන්සේලාට.
අභ්‍යාස:-
1. පෙළ පොතේ සියලුම ක්‍රියාකාරකම් කරවන්න.