"අසිපා" (AsIPA) යනු "ආසියාතික ඒකාග්‍ර පෝෂණ සේවා යොමුව" වේ. (Asian Intergral Pastoral Approach)
ඉතිහාසය හා පසුබිම
ක්‍රි.ව. 1990 වසරේ, ආසියාතික රදගුරුවරුන් 400 දෙනෙකු පමණ සහභාගීත්වයෙන් ඉන්දුනීසියාවේ බැංඩුන් නුවර පැවති පස්වන ආසියාතික රදගුරු සමුළුවේ දී බිහි විය. ආසියාතික රටවල රදගුරුතුමන්ලාගේ සාංඝිකත්වයේ (සාමුහික යාච්ඤාවේ) හා ගැඹුරු භාවනාත්මක මෙනෙහි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස "අසිපා" ජනිත විය.
ආසියාවේ කතෝලික සභාව තුළ උදාසීන කිතුනුවන් අවදි කිරීමටත් ගිහි නායකත්වයට නිසි තැන දෙන්නටත් කිතුනු සංඝ තුළ දේව වචනය කියවීම තුළ ක්‍රියාත්මක වීමටත් අවශ්‍ය බව හඳුනා ගැනිණි.
මීසම් තුළ කිතුනු ඒකක පිහිටුවීමෙන් මේ කාර්ය වඩාත් හොඳින් කළ හැකි බව අනාවරණය විය. ඒ නිසා දේව වචනය මත පදනම් වූ ක්‍රියාශීලි කුඩා කිතුනු සංඝ පිහිටු විය.
කුඩා කිතුනු සංඝ තුළ සුපුවත බෙදා ගැනීම පියවර සතකින් සිදු කරනු ලැබේ. එබැවින් එය සත් පියවර ලෙස හදුන්වයි.
ස්ථානය සූදානම් කිරීම
සත් පියවර
පළමුවන පියවර : අපි ස්වාමීන් වහන්සේට ආරාධනා කරමු.
යාච්ඤාශීලි ව ශුද්ධ ලියවිල්ලේ අවස්ථා සිහිපත් කරමින් රැස්වූ අය අතරට ජේසුස් ක්‍රිස්තුන් වහන්සේට වඩින ලෙස කෙටි යාච්ඤාවකින් ඇරයුම් කිරීමට කිහිප දෙනෙකුට ආරාධනා කිරීම
නිදසුන් :
දෙවන පියවර : අපි දැන් ශුද්ධ ලියවිලි පාඨය කියවමු.
තෙවන පියවර : සිතට කාවැදුණු වචනය හෝ වාක්‍යය තුන්වරක් උච්චාරණය කරමු.
ශ්‍රවණය කළ ශුද්ධ ලියවිලි පාඨයෙන් තම සිතට තදින් ම කා වැදුණ වචනය හෝ වාක්‍යාංශය තම කණ්ඩායමට ඇසෙන පරිදි තෙවරක් උච්චාරණය කිරීමට ආරාධනා කරන්න.
සිව්වන පියවර : නිශ්ශබ්දතාව තුළ එකිනෙකාට කතා කරන්නට ස්වාමීන් වහන්සේට ඉඩ හරිමු.
පස්වන පියවර : තමන්ට ලැබුණු පණිවිඩය බෙදා ගන්න.
හයවන පියවර : කිතුනු ඒකකයට ඇති වැඩ කොටස් ගැන සාකච්ඡා කිරීම.
හත්වන පියවර : අප හෘදයාංගම ලෙස යාච්ඤා කරමු.