නමෝ මරියනි.... නමෝ මරියනි
නමෝ මරියනි ප්‍රසාද පූර්ණ වන්තිනි
දේව පුත්‍රයා ස්ප්‍රීතු සාන්තු වරමිනා....//
පිළිසිදීය දෙව් ඛෙලෙන්
ශ්‍රී ඔබේ කුසේ....//
කීර්ති පෑ ශ්‍රීයා සාමදානයේ පියා....//
සාරසේ දිලි සිරිත්
ශ්‍රී ඔබේ කුසේ....//
දෙවියන් වහන්සේගෙන් ලත් විපුල වරප්‍රසාද හමුවේ විවිධ පුද්ගලයන් උන්වහන්සේට ප්‍රශංසා කරමින් ගායනා කළ ගීතිකා තුනක් නව ගිවිසුමේ දක්නට ලැබේ.
1. මරිය තුමියගේ උදාන ගීය (ලුක් 1:46-55)
මරිය තුමිය විසින් එලිසබෙත් තුමිය බැහැදැකීමට ගොස් සෙකරියස් තුමාගේ ගෙට ඇතුළු වී එලිසබෙත් තුමිය හට ආචාර කළ විට ඇයගේ කුසෙහි දරුවා ඉපිලෙන්නට විය. එවිට එලිසබෙත් තුමිය ශුද්ධාත්මයාණන් වහන්සේගෙන් පූර්ණ ව මරිය තුමියට ප්‍රශංසා කළ විට මරිය තුමිය මෙසේ උදන් ඇනුවා ය;
2. සෙකරියස් තුමාගේ ප්‍රශංසා ගීතය (ලුක් 1:68-79)
ගොළු ව සිටි සෙකරියස් තුමා ස්නාවක ජුවාම් තුමාගේ උත්පත්තියෙන් දින 8කට පසු කථා ශක්තිය ලැබ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් මෙසේ පැවසී ය.
3. සිමියොන් තුමාගේ ප්‍රශංසා ගීතය (ලුක් 2:29-32)
ළදරු ජේසුස් වහන්සේ පිළිබඳ ව ව්‍යවස්ථාවෙහි සඳහන් වත්පිළිවෙත් ඉටු කරනු වස්, දෙමවුපියන් උන්වහන්සේ දේව මාලිගාවට ගෙනා විට, සිමියොන් තුමා උන්වහන්සේ දෝතින් වඩාගෙන මෙසේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කළේ ය;
කිතුනු අප ද දිනපතා යාච්ඤාව තුළ දෙවියන් වහන්සේට ප්‍රශංසා කිරීමට යොමු විය යුතු ය.