දේව ස්වරූපයට මැවූ මනුෂ්‍යයා පාරිශුද්ධ ය. ජීවිතයේ උල්පත හෙවත් ආරම්භය රඳා පවතින්නේ ස්ත්‍රී-පුරුෂ සම්බන්ධතා මත ය. එය ද ශුද්ධ වූ තත්ත්වයක් බව ක්‍රිස්තුන් වහන්සේ පෙන්වා දුන් සේක. එම නිසා කිතු සමිඳුන් ප්‍රථම ප්‍රාතිහාර්යය සිදු කළේ කානා නුවර විවාහ මංගල්‍යයේ දී ය. විවාහ වන අය දෙමාපියන්ගෙන් පවා සමුගෙන එකිනෙකා කෙරෙහි බැඳී එක් මාංශයක් වෙති.
විවාහය දේව ප්‍රසාද නිධානයකි. එයින් උත්තරිතර අරමුණක් සඳහා ස්ත්‍රී-පුරුෂ දෙදෙනා එකිනෙකා කෙරෙහි ප්‍රේමයෙන් කැප වෙන බව කිතු දහමේ ඉගැන්වීමයි. විවාහයකෙළිසෙල්ලමක් නොවේ. එය කාම ආශාවන් මුදුන් පමුණුවා ගැනීමේ චේතනාවෙන් සිදු කරන දෙයක් ලෙස සැලකුවොත් එවිට එය දූෂිත ය. ස්ත්‍රී පුරුෂ සබඳතා විවාහයෙන් බැහැර ව සිදු කරන පුද්ගලයෝ විවාහයේ පාරිශුද්ධභාවය කෙලෙසති.
විවාහය ප්‍රේමයේ උත්තරීතර ඵලයයි. නුතන සමාජයෙහි එය කෙලෙසමින් පැවතෙන නමුත් කිතුනුවා එහි උත්තරීතර බව ආරක්ෂා කිරීමට කැප විය යුතු ය. එම නිසා විවාහයට පෙර හෝ පසු කිසි ම අනිසි සම්බන්ධතාවක් ඇති කර නොගත යුතු ය.
අපගේ වචනයෙන් ද ක්‍රියාවෙන් ද බැල්මෙන් ද අප පිරිසිදු විය යුතු වේ. නරක පත පොත කියවීම, කාමුක චිත්‍ර හා චිත්‍රපට බැලීම එයට බාධා ඇති කරන හෙයින් එවායින් වැළකී සිටිය යුතු ය.
6වන පනතට විරුද්ධ පාප
පාරිශුද්ධ ජීවිතයක් ගත කිරීමට
ශරීරය තිඛෙන්නේ අනාචාරය පිණිස නොව, ස්වාමින් වහන්සේ උදෙසා බව 1 කොරින්ති ලිපියේ සඳහන් වේ.