රෝම 12 : 1-3 එපීස 4 : 22-24
කිතුනුවන්ගේ ජීවිත දෙවියන් වහන්සේගේ මහත් දයාව නිසා නවතාවකට පත්වන බව පාවුලූ තුමා සඳහන් කරයි. එම නවතාව නව ජීවිතයක් ලෙස එතුමා හඳුන්වා දෙයි. එවැනි පුද්ගලයකුගේ ජීවිතය දෙවියන් වහන්සේට මුළුමනින් ම කැප කළ හැකි තත්ත්වයකට පත්වීමේ අවශ්යතාව ද එතුමා පෙන්වා දී ඇත. ආත්මික හා ශාරීරික වශයෙන් මුළු ජීවිතය ම දෙවියන් වහන්සේට කැප කිරීම තුළ සිදු වන්නේ සැබෑ නමස්කාරයකි.
මිනිස්සු අතීතයේ දී බැටළුවන් වැනි සතුන්ගේ රුධිරය යාගයක් ලෙස දෙවියන් වහන්සේට ඔප්පු කළෝ ය. ජේසුස් වහන්සේ ද අප සැමගේ ගැලවීම උදෙසා ජීවමාන යාගයක් ලෙස උන්වහන්සේගේ ජීවිතය කල්වාරි කන්දේ දී ඔප්පු කළ සේක. එය පූර්ණ යාගයක් (පූජාවක්) ලෙස හැඳින්විය හැකි වේ. එම නිසා අප ද දෙවියන් වහන්සේට ප්රසන්න යාගයක් ලෙස පිළිගත හැකි අයුරින් ක්රියා කිරීමත් එය දෙවියන් වහන්සේට කෙරෙන සැබෑ බුද්ධිමය නමස්කාරයක් බවත් පාවුලූ තුමා පෙන්වා දී ඇත.
රෝම 12:2 පදය ඇසුරෙන් හිස්තැන් පුරවන්න.
එදිනෙදා ජීවිතයේ දී අපට දේව කැමැත්තට පටහැනි වූ විවිධ ක්රියා කෙරෙහි විවිධ පෙළඹවීම්වලට ලක් වීමට සිදු වේ. එම ලෝක ව්යවහාරයන්ට අනුව හැඩ නොගැසී අපගේ ආධ්යාත්මික ජීවිතය අලූත් කර ගැනීමට පාවුලූ තුමා අපට මගපෙන්වයි. එසේ කිරීමෙන් දෙවියන් වහන්සේ තුළ නිවැරැදි දේ තෝරා ගැනීමට අපට හැකි වනු ඇත. මෙවන් නව ජීවිතයක් ආරම්භ කරන්නෙකු තුළ පැවතිය යුතු ගුණාංග කිහිපයක් අපි විමසා බලමු.
ශු. පාවුල් තුමා අධිතක්සේරුවෙන් වැළකීම පිළිබඳ ව තම ලිපිය මගින් (රෝම 12:3) අපට මඟපෙන්වයි. විෂම වූ සමාජය තුළ එකිනෙකා අභිබවා යමින් තරගකාරී ජීවන රටාවක් කරා අප යොමු වී ඇත. එවැනි සමාජයක් තුළ මනුෂ්යයා තමන් පිළිබඳ ව ඉහළින් සිතන කරුණු කීපයක් පහත දැක්වේ. එනම්,
වැනි විවිධ හේතුන් නිසා මනුෂ්යයා තමා ගැන ඉහළින් සිතා ක්රියා කරයි. එපමණක් නොව එමගින් අන් අය පීඩාවට පත් කිරීමට ද යොමු වෙයි. එවැනි ක්රියා සිදු නොකිරීමට ස්වාමීන් වහන්සේ තුළ ජීවිතයේ නවතාවක් ලැබුවෙකුට වගකීමක් තිබේ.
ඉතා කාර්ය බහුල ලෝකයක අද අපි ජීවත් වෙමු. අපගේ සිතුම් පැතුම් ලෝක ව්යවහාරයට අනුව හැඩ ගැසීමට බොහෝ ඉඩකඩ ඇත. නමුත් දෙවියන් වහන්සේගෙන් දයාව ලැබ, ජීවිතය අලූත් කරගත් කෙනෙකු සිතන පතන පිළිවෙළ, ක්රියා කරන පිළිවෙළ ජීවත් වන පිළිවෙළ, දැනගෙන නිවුණු, තැම්පත්, කලහකාරිත්වයෙන් තොර වීම අවශ්ය ය. ඒ සඳහා උපකාරී වන්නේ ක්රිස්තුස් වහන්සේ තුළ තබා ඇති ඇදහිල්ලයි. උන්වහන්සේට අයත් ඇදහිලිවත් දරුවෙකු ලෙස දිවි ගෙවන විට එය ඔබගේ ජීවිත පැවැත්මෙන් ද ප්රකාශ විය යුතු වේ.
නව ජීවිතයක් අපේක්ෂාවෙන් සිටින සමනලයෙකුගේ ජීවිතයේ අවස්ථා තුනක් පහත රූපවලින් ප්රකාශ වේ.
මෙය ක්රිස්තුස් වහන්සේ තුළ නව ජීවිතයක් ආරම්භ කිරීමට පෙර අප ගත කරන ජීවිතයට සමාන කළ හැකි වේ.
ක්රිස්තුස් වහන්සේ අත් දැකීමට පෙර අපගේ පාපය අවබෝධ කර ගනිමින් හා නව ජීවිතයක් අවශ්ය බව තේරුම් ගනිමින් ඒ සඳහා සූදානම් වන අවස්ථාවකට සමාන වේ.
පැරණි ජීවිතයේ සිදුකළ දෙවියන් වහන්සේ අකැමැති ක්රියා අතහැර ක්රිස්තුස් වහන්සේ තුළ නව ජීවිතයක් අත්කරගත් අයට සමාන වේ.
සමාජයේ පවතින විවිධ දෙයට තාෂ්ණාවෙන් ඇලී ගැලී ඇතැම් පිරිස් ජීවත් වෙති. එවැනි තත්වයන්ගෙන් ඈත් ව ආධ්යාත්මික වශයෙන් නව ජීවිතයක් කරා පියනැගීමට යොමු වීම වැදගත් වේ. ආධ්යාත්මික ලෙස නව ජීවිතයක් කරා යොමු වීමට අවශ්ය ගමන් මග මෙලෙස දැක්විය හැකි වේ.
ආධ්යාත්මික වශයෙන් නවතාවක් කරා ගමන් කරන අපි දෙවිපියාණන්ගෙන් ලද අලූත් ජීවිත ස්වභාවය තුළ පහත සඳහන් ගුණාංගයන්ට හිමිකම් ලබමු.
දමිටුකම - දෙවියන් වහන්සේ අප උන්වහන්සේගේ දරුවෙකු ලෙස පිළිගැනීම තුළ අප දමිටුවන් බවට සහතිකයක් ලැබේ. දේව දරුකමේ ගුණාංග සමගින් එදිනෙදා ජීවිතය සාක්ෂි දරමින් ගමන් කරන විට නිතැතින් ම දමිටුකමේ ජීවිතයක් අපට හිමිවේ.
ශුද්ධවන්තකම - ශුද්ධාත්ම මඟපෙන්වීම තුළ දෙවි පියාණන්ට අවනත වෙමින්, කායික මානසික හා ආධ්යාත්මික වශයෙන් පවිත්ර වූ ජීවිත රටාවක් වෙත ගමන් කිරීමෙන් ශුද්ධවන්ත ජීවිතයක් කරා අපට පිවිසිය හැකි වේ.
ක්රිස්තුස් වහන්සේගේ ප්රේමය තුළ එදා සමාජයේ විසූ බොහෝ දෙනෙක් නව ජීවිතයක් අත් දුටුවෝ ය. උන්වහන්සේ තුළින් ආධ්යාත්මික නවතාවක් කරා ගමන් කරන අපි ද දේව ස්වරූපයට හිමිකම් කියමු. එලෙස හිමිකරගත් නව ජීවිතය මගින් අප ජීවත් වන සමාජය ආලෝකවත් කිරීමට උත්සාහ කිරීම ද වැදගත් වේ.