ශු. මාක් 8 : 1-10
ස්වාමීන් වහන්සේ මාගේ එඬේරාණෝ ය
අග හිඟ මට නොවන්නේ ය.
ඉහත ශුද්ධ ලියවිලි පාඨය අපට සිහිපත් කරවන වැදගත් සත්‍යතාව වන්නේ, දෙවියන් වහන්සේ අපගේ දිව්‍ය පෝෂකයාණන් බව ය. උන්වහන්සේ ඒ බව සනාථ කළ අවස්ථා පැරණි ගිවිසුමේ බෙහෙවින් දකින්නට ලැබේ. පාළුකරයේ දී ඉශ්රායෙල් ජනයාට පෝෂණය ලබා දීම, එලියා දිවැසිවරයා ශාරෙපත්හි වැන්දඹු ස්ත්‍රිය මගින් හා කපුටන් මගින් පෝෂණය කිරීම ඉන් කිහිපයකි.
එමෙන් ම අප නව ගිවිසුම දෙස බැලීමේ දී ජේසුස් වහන්සේ සිය මෙහෙවරේ දී ජනතාව පෝෂණය කිරීම සඳහා විවිධ ප්රාතිහාර්ය සිදුකළ බව පෙනී යයි. පහත දැක්වෙන්නේ එවැනි එක් ප්රාතිහාර්යයකි.
මෙලෙස මෙම පිරිස දින තුනක් පුරා ජේසුස් වහන්සේගේ වදන්වලට සවන් දෙමින් ආධ්‍යාත්මික වශයෙන් තෘප්තිමත් වූහ. ඔවුන්ගේ ආධ්‍යාත්මික අවශ්‍යතාව තම ඉගැන්වීම් මගින් සංසිඳුවාලු ජේසුස් වහන්සේ ඔවුන් පෙළුණාවූ ශාරීරික අවශ්‍යතාව ද හඳුනාගත් සේක.
ඔබේ ජීවිතයේ කෙදිනක හෝ ආධ්‍යාත්මික සත්‍යතා
දැන ගැනීම සඳහා දේව වචනය ඉගෙන ගැනීමට
දැඩි වුවමනාවක් ඔබට ඇතිවිණි ද? ඒ උදෙසා ලෞකික
ජීවිතයේ අවශ්‍යතා අභිබවා උන්වහන්සේ සමග රැඳී
සිටීමට ඔබට හැකි ද?
දින තුනක් පුරාවට උන්වහන්සේගේ දේශන අසමින් රැඳී සිටි ජනතාවගේ ශාරීරික අවශ්‍යතා හඳුනාගත් ජේසුස් වහන්සේ,
ශ්‍රාවකයන් සමග සාකච්ඡාවෙන් ගැටලූවට විසඳුම් සෙවීමට උන්වහන්සේ උත්සාහ දැරූ සේක. එතරම් පිරිසකට, පාළුකරයක ආහාර සපයා ගැනීමේ අපහසුතාව ශ්‍රාවකයන් විසින් පෙන්වා දෙන ලදි. විසඳුමක් සඳහා ශ්‍රාවකයන් සතු ව තිබුණේ කුමක් ද යන පැනය උන්වහන්සේ විමසූ සේක. ඔවුන් ළඟ රොටි හතක් හා කුඩා මසුන් ස්වල්පයක් පමණක් තිබූ බව සඳහන් වේ.
උන්වහන්සේට එක් මොහොතකින් ප්රාතිහාර්යාත්මක විසඳුමක් දීමට හැකියාව තිබුණ ද උන්වහන්සේ ශ්‍රාවකයන් ද ඒ සඳහා සම්බන්ධ කර ගැනීමට ක්‍රියා කළ සේක. ගැටලූවට විසඳුම් සෙවීමට උන්වහන්සේ ප්රයත්න දැරුවේ ශ්‍රාවකයන් ජනතාවගේ අවශ්‍යතාව දැකීමට යොමු කරමිනි.
මෙලෙස මිනිසාගේ ගැටලූවලට මිනිස් බුද්ධියෙන් ළඟා කරගත නොහැකි ප්රාතිහාර්යාත්මක විසඳුමක් ලබාදීමට උන්වහන්සේ ඉදිරිපත් වූ සේක.
ජේසුස් වහන්සේ විසින් මෙම ප්රාතිහාර්ය සිදු කළ ආකාරය දෙස දැන් අපි යොමු වෙමු.
එසේ ම එම ප්රාතිහාර්යාත්මක සිදුවීම පිළිබඳ ව දේව වචනය තව දුරටත් මෙලෙස සඳහන් කරයි.
"ඔවුහු ද කා තෘප්තියට පැමිණියහ. ඉතිරි වූ කැබලි එක්කොට කූඩා හතක් පුරවා ගත්හ. එහි සෙනඟ හාරදහසක් පමණ වූහ" (මාක් 8:8-9)
ජේසුස් වහන්සේ මිනිස් අවශ්‍යතා දැක හඳුනාගෙන ඒවා සැපිරීමට මහත් ප්රාතිහාර්ය සිදු කළ අතර, හාර දහසකට කන්නට දීමේ මෙම ප්රාතිහාර්යය තුළ අපගේ ජීවිතවලට ගෙනෙන මඟ පෙන්වීම් මොනවා ද යන්න දැන් විමසා බලමු.