මෙම පරිච්ඡේදය අධ්‍යයනය කිරීමෙන් ඔබට,
හැකියාව ලැබෙනු ඇත.
මනා සැලැස්මක් සහිතව විධිමත් ගෙවත්තක් සැකසීම පිළිබඳව හා ඉන් ලබාගත හැකි විවිධ ප්‍රතිලාභ පිළිබඳව ඔබ අධ්‍යයනය කර ඇත. නිසි පරිදි කළමනාකරණය කරනු ලබන ගෙවත්තක් පවුලේ ආහාර ආර්ථීකයට (Food Economy) මහඟු පිටිවහලකි. ගුණාත්මක බවෙන් ඉහළ කාබනික කෘෂි නිෂ්පාදන මගින් පවුලේ සාමාජිකයින්ට සමබල පෝෂණයක් ලබා ගත හැකි බව අපි දනිමු. මෙම සියලූ ප්‍රතිලාභවලට අමතරව ගෙවත්තෙන් ලැබෙන අතිරික්තය යොදා ගනිමින් එය ආර්ථීක වශයෙන් ලාභ ඉපයිය හැකි ව්‍යාපාරයක් දක්වා සංවර්ධනය කළ හැකි ආකාරය පිළිබඳ ව අපගේ අවධානය යොමු කරමු.
ගෙවතු වගාවෙන් ආදායම් උපදවන කෘෂි ව්‍යවසායකත්වය වෙත යොමු වෙමු
නිවැසියන්ට සෞඛ්‍යාරක්ෂිත ව ගුණාත්මක ආහාර සපයා ගැනීමේ මුලික පියවර වනුයේ තිරසාර ගෙවත්තක් නිර්මාණය කිරීමයි. තිරසාර ගෙවත්තකින් ලැබෙන නිෂ්පාදන අතිරික්තය අලෙවි කිරීම සහ වෙනත් විවිධ අගය එකතු කළ කෘෂි නිෂ්පාදන සහ කෘෂිකර්මය හා සම්බන්ධ සේවා පාරිභෝගිකයන් වෙත සැපයීම මඟින් ගෙවත්ත ව්‍යාපාරයක් දක්වා සංවර්ධනය කර ගත හැකි වේ.
මේ සඳහා පාසලේ දී ඔබට අත්දැකීම් ලබා දිය හැකි ව්‍යාපෘති කරා යොමු කිරීම මෙම පරිච්ඡේදයේ දී සිදු කෙරේ. ඒ අනුව පාසලේ අලෙවි ඒකකයක් ස්ථාපනය කර පාසල තුළ කෘෂි නිෂ්පාදන සහ කෘෂි සේවා ලබා දීමට කටයුතු කිරීමෙන් ඔබටත් කෘෂි ව්‍යවසායකත්වය කරා යොමු වීමට ඇති හැකියාව පිළිබඳ ස්වයං අවබෝධයක් ලබා ගත හැකි වනු ඇත.
ගෙවතු වගාවට අදාළ ව්‍යාපාරික අවස්ථා හඳුනා ගැනීමෙන් පසුව එවැනි ව්‍යාපාරයකට යොමු වීම සඳහා අවසාන දැක්මක් ඇති කර ගත යුතු වේ. මෙහි දී පළමුව වෙළෙඳ පොළ ඉල්ලූම පිරික්සීමට ඔබට සිදු වේ. ඒ අනුව ආදායම් ඉපදවිය හැකි කෘෂි නිෂ්පාදන හා සේවා හඳුනා ගත හැකි වනු ඇත. එලෙස ම මූලික යෙදවුම්, නඩත්තු වියදම් හා ආදායම් අනුව පිරිවැය ප්‍රතිලාභ සැසඳීමට ද ඔබට හැකියාව ලැබෙනු ඇත.
කෘෂි නිෂ්පාදන යනු සෘජුව ම භාවිත කළ හැකි පරිදි බෝග වගාව හා සත්ත්ව පාලනය මගින් ලබා ගන්නා විවිධ නිෂ්පාදන යි. කෘෂි නිෂ්පාදනයක් ලබා ගැනීම උදෙසා කරනු ලබන සැපයුමක් කෘෂි සේවාවක් ලෙස සැලකේ. මෙහි දී කෘෂිකර්මයේ නිරත වන්නන්ට ඇති වන අවශ්‍යතා සපුරාලීම හෝ එහි දී ඔවුන්ට මුහුණ පෑමට සිදු වන ගැටලූවලට විසඳුම් ලබා දීම සිදු කළ හැකි ය.
කෘෂි නිෂ්පාදන හා කෘෂි සේවා සැපයිය හැකි වන පරිදි ගෙවත්තක් සංවර්ධනය කිරීමේ දී අවධානය යොමු කළ යුතු කරුණු
ප්‍රාදේශීය සම්පත් සහ පවතින සමාජ ආර්ථීක තත්ත්වය අනුව කෘෂි නිෂ්පාදන හා කෘෂි සේවාවලට පවතින ඉල්ලූම වෙනස් වේ.
උදාහරණ:
සම්පත් යනු වගා කටයුතු සඳහා අවශ්‍ය භූමිය, ජලය, හිරුඑළිය, පස, තාක්ෂණික දැනුම, ප්‍රාග්ධනය, වැය කළ හැකි කාලය සහ ශ්‍රමය ආදිය යි.
උදාහරණ:
ගෙවත්ත ප්‍රධාන මාර්ගයක් ආසන්නයේ පිහිටියේ නම් ගනුදෙනුකරුවන්ට පහසුවෙන් ළඟා විය හැකි බැවින් වැඩි ආදායමක් ලබාගත හැකි ය.
ආදායම් හා වියදම් සසඳා බලා ලාභ අලාභ ගණනය කිරීම සඳහා වගා පාලන වාර්තා හා මූල්‍ය වාර්තා තබා ගත යුතු ය.
ආදායම් ලැබිය හැකි කෘෂි නිෂ්පාදන
එළවළු, පලතුරු, අල හා පලා ආදි බෝගවල අස්වනු තම පරිභෝජනය සඳහා අවශ්‍ය ප්‍රමාණය තබා අතිරික්තය නෙළා ගත් අයුරින් ම අලෙවි කළ හැකි ය.
උදාහරණ:
මුළුතැන්ගෙයි ඉවුම් පිහුම් කටයුතු සඳහා අවශ්‍ය කරපිංචා, රම්පේ, සේර, බැසිල්, මිංචි, වැනි බෝග වර්ග එක ම බඳුනක සිටුවා සිඟිති උයනක් ලෙස සකස් කළ හැකි ය. මේ සඳහා රෛසෝම සහිත ඉඟුරු සහ කහ පැළ ද එකතු කළ හැකි ය. මෙවැනි බෝග කට්ටලයක් සඳහා වෙළෙඳපොළ හොඳ ඉල්ලූමක් පවතී.
මේ සඳහා බඳුන් ලෙස භාවිතයෙන් ඉවත ලන වේවැල් කූඩ, ලිපි ගොනු බන්දේසි හෝ වළං යනාදිය යොදා ගත හැකි ය.
පරිභෝජනයට පහසු වන පරිදි බෝග අස්වනු තව දුරටත් සකස් කර වෙළෙඳපොළට ඉදිරිපත් කළ හැකි ය. එමගින් වැඩි ලාභයක් ද උපයා ගත හැකි වේ.
උදාහරණ :
අංකුර අදින ලද බීජ දින 3 -5 අතර කාලයක දී පරිභෝජනය කළ යුතු ය. දින ගණන වැඩිවන විට රසය අඩු වේ. මෙවැනි බීජ පරීක්ෂාවකට යොමු කොට පාරිභෝගික රුචිකත්වය පිළිබඳ තීරණය කළ හැකි ය.
වසරක් තුළ එක් වරක් පමණක් පල දරන බොහෝ බෝග වර්ගවල අස්වනු එම වාරයේ දී අතිරික්තව පවතී. එවැනි අවස්ථාවල දී ඒවා සුදුසු ක්‍රමයකට පරිරක්ෂණය කර, තබා අවාරයේ වෙළෙඳපොළට ඉදිරිපත් කළ හැකි ය. ඒ සඳහා ආකර්ෂණීය ඇසුරුම් භාවිත කර වැඩි මිලකට අලෙවි කිරීමේ හැකියාව ද පවතී.
උදාහරණ:
ආදායම් ලැබිය හැකි කෘෂි සේවා
තම ගෙවත්තෙහි බෝග අස්වනු ආදියට අමතරව පාරිභෝගිකයින්ට ඔවුන්ගේ වගා කටයුතුවල නිරත වීමට අවශ්‍ය ද්‍රව්‍ය අලෙවිය හා ඒ සමග ඊට අවශ්‍ය තොරතුරු ලබා දීම මෙහි දී සිදු වේ. වගා ආදර්ශන ප්‍රදර්ශනය කිරීම මෙන් ම එවැනි නිෂ්පාදන අලෙවි කිරීම ද කළ හැකි වේ. තව ද බීජ පැළ ආදිය අලෙවි කිරීමේ දී නඩත්තුව සඳහා උපදෙස් ලබා දීම ද, පාරිභෝගිකයා වෙත ගොස් තාක්ෂණික සේවා සැපයීම ද කළ හැකි ය. මේ අයුරින් ලබා දිය හැකි කෘෂි සේවා කිහිපයක් පහත විස්තර කර ඇත.
ජනාකීර්ණ නාගරික ප්‍රදේශවල මෙන් ම තට්ටු නිවාස සංකීර්ණවල ජීවත් වන පුද්ගලයන්ට වගාවක් සඳහා පවතින ඉඩකඩ ඉතා සීමා සහිත ය. එමෙන් ම ඇතැම් අවස්ථාවල දී පවතින සිමීත ඉඩකඩෙහි වුව ද පාංශු තත්ත්වය බෝග වගාවකට උචිත නොවේ. බෝග වගා කළ ද ඒවායේ අස්වනු පරිභෝජනය කිරීමට නොහැකි අවස්ථා ද පවතී. එවැනි තත්ත්ව යටතේ අවකාශය ප්‍රයෝජනයට ගනිමින් පිරිසිදු ව බෝග අස්වනු ලබා ගත හැකි විවිධ ක්‍රම පවතී. මේ අයුරින් සකස් කර ගන්නා ලද වගා ඒවා අවශ්‍ය වන පුද්ගලයන්ට අලෙවි කළ හැකි ය.
ඔබගේ පාසලට හෝ ගෙවත්තට පැමිණෙන පුද්ගලයන්ට විසිතුරු ලෙස සකසන ලද පැළ දර්ශනය වීමට සැලැස්විය හැකි ය. එවිට ඔවුන් එම නිර්මාණ මිල දී ගැනීමට ද, තමන්ගේ ගෙවතුවල එවැනි නිර්මාණ සකස් කර ගැනීමට ද උනන්දු වේ. එබැවින් විසිතුරු ලෙස සකස් කරන ලද පැළ අලෙවියට තැබීම ද ඒවා සකස් කර ගැනීමට අවශ්‍ය විවිධ සේවා සැපයීම ද සිදු කළ හැකි ය. ඒ සඳහා උදාහරණ කිහිපයක් පහත දක්වා ඇත.
බඳුන්ගත කොළ එළවළු වගා, එල්ලා තැබිය හැකි පරිදි සකස් කිරීම කළ හැකි ය. සෘජුව ම භූමියෙහි පස සමග නොගැටෙන බැවින් මෙවැනි වගාවලින් ලබා ගන්නා කොළ එළවළු හා පලතුරු පිරිසිදු හා සෞඛ්‍යාරක්ෂිත වේ.
නාගරික සහ අවිවේකී ජීවන රටාවක් ගත කරන පුද්ගලයන්ට මෙන් ම අලූතින් ඉදි කරන ලද ගොඩනැගිලි සහ නිවාස ආශ්‍රිතව ජීවත්වන පුද්ගලයන්ට ගෘහ අලංකරණ කටයුතු සඳහා ඉක්මන් වගා පිහිටුවීම සඳහා මල් කැකුළු හා පල දරන එළවළු හා පලතුරු බඳුන් සකස් කර අලෙවි කළ හැකි ය.
තෙරපා සකස් කර ගත් කොහුබත් කුට්ටි (coir bricks) යොදා ගනිමින් මිරිස්, තක්කාලි, බටු ආදි එළවළු වර්ග, මල් වර්ග සහ විචිත්‍ර පත්‍රික ශාකවල පැළ නිපදවා ගත හැකි ය. එම පැළ ක්ෂේත්‍රයේ පහසුවෙන් සංස්ථාපනය කළ හැකි ය. මෙහි දී වැය වන ශ්‍රමය, කාලය, යෙදවුම් සහ නඩත්තු වියදම් අවම වේ.
මල් හා විචිත්‍ර පත්‍රික විසිතුරු පැළ තනි ව හෝ එකතුවක් ලෙස විවිධ හැඩතල අනුව සකස් කිරීමට හැකි ය. ගෘහ ආශ්‍රිත අලංකරණය සඳහා බඳුන්වල සැකසූ එවැනි ප්‍රදර්ශනාත්මක ශාක එකතුවක් සැලසුම් කර වෙළෙඳපොළට ඉදිරිපත් කළ හැකි ය. මේ සඳහා ඉදිරිපත් කළ හැකි වගා නිර්මාණ කිහිපයක් පහත දක්වා ඇත.
ඇතැම් බහු වාර්ෂික ශාකවල අතු සහ මුල් දීර්ඝ කාලයක් තිස්සේ කප්පාදු කරමින් නඩත්තු කිරීමෙන් අලංකාර කුඩා ශාක ලබා ගත හැකි වේ.
විසිතුරු පැළවල මූල මණ්ඩලය මැදිවන සේ, වගා මාධ්‍ය බෝලයක් ලෙස සකස්කර එල්ලීමට හෝ මේසයක් මත තැබිය හැකි පරිදි සැරසිල්ලක් ලෙස සිදු කරන වගා ක්‍රමයකි.
විනිවිද පෙනෙන හිස් බෝතල්, විදුලි බුබුළු, පත්‍ර, මාළු ටැංකි හෝ විසිතුරු වීදුරු බඳුන් තුළ කරනු ලබන මෙම වගාව නිවස තුළ මේසයක් මත තැබිය හැකි පරිද්දෙන් හෝ එල්ලා තැබිය හැකි පරිදි නිර්මාණය කළ හැකි ය. බොහෝ විට යොදා ගනු ලබන්නේ නිවසේ අභ්‍යන්තර අලංකරණය පිණිස ය. මෙහි දී බඳුන් තුළට වගා මාධ්‍ය දමා එහි විවිධ හැඩතල හා වර්ණ රටා මැවෙන පරිදි තෝරා ගත් පැළ සංස්ථාපනය කරනු ලැබේ.
නිවස අභ්‍යන්තර මෙන් ම බාහිර අලංකරණය සඳහා ද යොදා ගත හැකි පරිදි විවිධ වර්ණවලින් යුත් මල් සහ විචිත්‍ර පත්‍රික ශාක යොදා ගනිමින් බඳුන් තුළ සිඟිති උද්‍යාන නිර්මාණය කළ හැකි ය. මෙවැනි නිර්මාණ සඳහා ම යොදා ගත හැකි විවිධ දෘඪ උපාංග වෙළෙඳපොළෙන් මිල දී ගත හැකි ය.
ගෙවත්තෙහි හෝ පාසලේ පවතින සීමිත ඉඩකඩ සහ අවකාශය ප්‍රයෝජනයට ගනිමින් භූමි අලංකරණය කිරීම සඳහා සැලසුම් සකස් කිරීමට සහ සකස් කරන ලද එම සැලසුම් අනුව භූමි අලංකරණ කටයුතු සිදු කිරීමට හැකි ය. මේ සඳහා යොදා ගත හැකි උපක්‍රම කිහිපයක් පහත දැක්වේ.
හොඳින් අතු බෙදෙන, කුඩා පත්‍ර සහිත බහු වාර්ෂික ශාක කප්පාදු කරමින් විවිධ හැඩතල නිර්මාණය කළ හැකි ය. මෙහි දී සැකසීමට අවශ්‍ය හැඩතලය කම්බි දැල්වලින් නිර්මාණය කර, එය ශාකය වටා පිහිටන ලෙස තබා ශාකය වැඩෙන විට කම්බි දැලෙන් පිටතට එන අතු ඉති කප්පාදු කර හැඩතල සකස් කරනු ලැබේ. මෙවැනි නිර්මාණ සඳහා වර්ෂ කිහිපයක් ගත විය හැකි ය.
මෙහි දී නිවස අභ්‍යන්තරයේ හෝ බාහිරව බිත්තිවල එල්ලා තැබිය හැකි පරිදි විවිධ වර්ණයේ විසිතුරු පැළ, රටාවකට සංයෝජනය කර අලංකාර හැඩතල ලැබෙන අයුරින් වගා කරනු ලැබේ.
වර්ණවත් පැළෑටි ඇසුරෙන් භූමියෙහි අලංකාර රූප රටා නිර්මාණය කළ හැකි ය. පාසලේ හෝ ගෙවත්තේ එබඳු නිර්මාණ කිරීම මඟින් ඒවා කෙරෙහි ආකර්ශණයක් සහ උනන්දුවක් පුද්ගලයන් තුළ ඇති වේ. ඒ සඳහා අවශ්‍ය පැළ වර්ග ද විස්තර අඩංගු පත්‍රිකා ද ලබා දිය හැකි ය.
ඉහත දක්වා ඇති භූමි අලංකරණ ක්‍රමවලට අමතරව කොකිඩාමා වගා, ක්ෂුද්‍ර රූපී උයන්, සිඟිති උයන් සහ බොන්සායි වගා ද භූමි අලංකරණ සැලසුම් සහ නිමැවුම් සඳහා යොදා ගත හැකි ය.
ඕනෑ ම බෝගයක බීජ සහ පැළ ඉහළ ඉල්ලූමක් පවතින කෘෂි නිෂ්පාදන වේ. උසස් ගුණාත්මක තත්ත්වයකින් යුතු මව් ශාක තෝරා ගෙන ඒවා මනාව නඩත්තු කර ගනිමින් ඉන් ලබා ගන්නා බීජ ද, එම බීජ තවාන් දැමීමෙන් ලැඛෙන පැළ ද, දඬු කැබලි භූගත කඳ කැබලි ආදියෙන් ලබා ගන්නා වර්ධක පැළ ද, ගෙවත්තක නිපදවිය හැකි ය.
බොහෝ විට මෙවැනි පැළ අලෙවි කිරීමේ දී එම බෝගය පිළිබඳ තොරතුරු අඩංගු කර නිර්මාණය කරන ලද මුද්‍රිත විස්තර පත්‍රිකාවක් ද ඒ සමග සැපයිය හැකි ය. විස්තර පත්‍රිකාවකට උදාහරණයක් පහත දක්වා ඇත.
අසුරන ලද එළවළු, පලතුරු ආදි බෝගවල බීජ සහ බඳුන්ගත පැළ වර්ග විකිණීමේ දී එම බෝගවලට අදාළ වගා පිළිවෙත් අඩංගු පත්‍රිකාවක් හෝ ලේබලයක් මුද්‍රණය කර ලබා දිය හැකි ය. පහත දැක්වෙන ආකාරයේ පත්‍රිකාවක් සැපයීම මගින් විශේෂයෙන් බීජ සහ බඳුන් ගත බෝගවල අගය වැඩි කර ගත හැකි ය.
පාසලේ කෘෂි නිෂ්පාදන අලෙවි ඒකකයේ හෝ ගෙවත්තට බීජ හා පැළ ආදිය මිල දී ගැනීමට පැමිණෙන පුද්ගලයන් සඳහා පහත දැක්වෙන දේ අලෙවියට තැබීමෙන් ආදායම් වැඩි කර ගත හැකි වේ.
උදාහරණ:
වගාව සඳහා භූමිය සීමිත අවස්ථාවල දී ඉදි කළ හැකි විවිධ සිරස් වගා ක්‍රම ආදර්ශනය කිරීම මගින් දැනුම ලබා දීම වර්තමානයේ දී බොහෝ ප්‍රයෝජනවත් වේ.
සීමිත ඉඩකඩක් සඳහා සුදුසු වගා ක්‍රම
මෙවැනි නිර්මාණ සඳහා භාවිත වන ද්‍රව්‍ය ද ආදායම් ලබා ගත හැකි පරිදි ඉදිරිපත් කළ හැකි ය.
උදාහරණ:
කෘෂිකර්මයේ දී විවිධ තාක්ෂණික ශිල්පීය ක්‍රම යොදා ගැනේ. එම ශිල්පීය ක්‍රම නොදන්නා හෝ බොහෝ විට කාර්ය බහුල පුද්ගලයන්ට ගෙවත්තේ සිටුවා ඇති බෝග නඩත්තුව සඳහා මෙවැනි ක්‍රම යොදා ගැනීමේ දුෂ්කරතා ඇත. එවැනි අවස්ථාවල දී තමා සතු තාක්ෂණික දැනුම හා කුසලතා යොදා ගනිමින් සහය අවශ්‍ය වන පුද්ගලයන්ට සේවා ලබා දීමෙන් ආදායම් උපයා ගත හැකි ය.
ගෙවත්ත වගාවට සුදුසු පරිදි පැළ තෝරා ගැනීමට සහ සිටුවීමට අවශ්‍ය උපදෙස් ද, වගාවේ දී ඇති විය හැකි ගැටලූ වන පෝෂණ ඌනතා, රෝග, කෘමි හානි ආදියට පිළියම් යෙදීම සඳහා උපදෙස් ලබා දිය හැකි ය.
ව්‍යාපෘතියක් අසුරෙන් පාසල් ගෙවත්තෙන් ආදායම් උපයමු
පාසල් ගෙවත්ත මනාව සැලසුම් කර එය පරිසර හිතකාමීව පවත්වා ගැනීම පිළිබඳව ඔබ අධ්‍යයනය කර තිබේ. ගෙවත්තක් ආදායම් උපයන ව්‍යාපාරයක් දක්වා තව දුරටත් සංවර්ධනය කිරීම පිළිබඳ ව බොහෝ කරුණු ද මෙම පරිච්ඡේදයේ දී සාකච්ඡා කළෙමු. මෙහි දී වඩාත් වැදගත් වනුයේ ප්‍රාදේශීය අවශ්‍යතා හඳුනා ගනිමින් ඊට ගැළපෙන නිෂ්පාදන හා සේවා සැපයීම යි. ව්‍යාපෘතියක ප්‍රධාන අංග වන සැලසුම් කිරීම, තීරණ ගැනීම, ක්‍රියාත්මක කිරීම හා පසු විපරම යන මාතෘකා ඔස්සේ පාසල් ගෙවත්ත ව්‍යාපාරයක් දක්වා ව්‍යාපෘතියක් මගින් සංවර්ධනය කරන අයුරු විමසා බලමු.
සැලසුම් කිරීම
මෙහි දී පාසල් ගෙවත්තේ සිදු කළ හැකි කෘෂි නිෂ්පාදන හෝ ගෙවත්තෙන් ලබා දිය හැකි කෘෂි සේවා අතරින් වඩාත් ම සුදුසු කෘෂි නිෂ්පාදන හෝ කෘෂි සේවා මොනවාදැයි විමසා බැලිය යුතුයි. එම එක් එක් කෘෂි නිෂ්පාදන හා කෘෂි සේවා සැපයීමේ දී අවශ්‍ය
වන අමුද්‍රව්‍ය, එයට අවශ්‍ය පිරිවැය හා අපේක්ෂා කරන ආදායම් පිළිබඳව ඇස්තමේන්තු සකස් කළ යුතු අතර අවසානයේ තෝරා ගන්නා ව්‍යාපෘතියට අදාළ ක්‍රියාකාරි සැලැස්මක් සකසා ගත යුතුයි.
තීරණ ගැනීම
පාසල් ගෙවත්තෙන් හඳුනා ගත හැකි විවිධ ව්‍යාපෘති අතරින් ක්‍රියාත්මක කළ හැකි ව්‍යාපෘති මොනවාදැයි මෙහි දී තීරණය කළ යුතුයි. මෙහි දී සලකා බැලිය යුතු කරුණු කිහිපයකි.
මෙහි දී පාරිභෝගික රුචිකත්වය, නිෂ්පාදනයේ සෞඛ්‍යාරක්ෂිත බව සහ විශ්වාසනීය බව අනුව ඉල්ලූම රඳා පවතියි. අගය වැඩිකර නව්‍යතාවයකින් යුතු ව ඉදිරිපත් කරන නිෂ්පාදනවලට වැඩි ඉල්ලූමක් පවතියි.
පාසල් ගෙවත්ත ඇසුරෙන් ඔබට කළ හැකි ව්‍යාපෘති සඳහා උදාහරණ කිහිපයක් පහත දැක්වේ.
මෙහි දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවසරය මත ලබා ගන්නා බීජ, කොටස් කිහිපයකට වෙන් කර, ගෙවතු වගා කට්ටල ලෙස නැවත පැකට් කර වගා උපදෙස් සමග අලෙවි කළ හැකි ය. දේශීය බෝගවලට අදාළ බීජ සඳහා වර්තමානයේ දී ඉහළ වෙළෙඳ පොළ ඉල්ලූමක් පවතී.
එළවළු තවාන් පැළ උදුරා සිටුවීම සඳහා බීජ සිටුවා සති 03ක් පමණ ගත වන බැවින් තවාන් පාත්තිවල සිටුවන බීජ මගින් පැළ ලබා ගැනීමේ ව්‍යාපෘති සුදුසු නොවේ. එබැවින් පැළ කිහිපයක් සහිත සමූහ තවාන් බඳුන් අලෙවි කළ හැකි ය. තව ද ගොටුකොළ ආදි පලා වර්ගවල පැළ ද බඳුන්ගත කර අලෙවි කළ හැකි ය.
ක්‍රියාත්මක කිරීම
ව්‍යාපෘතිය කි්‍රයාත්මක කිරීමේ දී සුදුසු පරිදි සිසුන් කණ්ඩායම්වලට බෙදී කටයුතු කළ හැකි ය. පන්තියක සිසුන් විශාල පිරිසක් සිටියි නම් කණ්ඩායම්වලට බෙදී ව්‍යාපෘති කිහිපයක් වුව ද ක්‍රියාත්මක කළ හැකි ය.
මෙහි දී අදාළ ව්‍යාපෘති කාල සීමාව තුළ කෘෂි නිෂ්පාදන හා කෘෂි සේවා සැපයීමට අවශ්‍ය ක්‍රියාවලියට අදාළ සැලසුම්, රූප සටහන් ආකෘති ආදිය සකස් කර ගත යුතු වේ. ඉන් පසු අවශ්‍ය යෙදවුම් සපයා ගෙන නිෂ්පාදන හෝ සේවා සැපයීමේ ක්‍රියාවලියෙහි නිරත විය යුතු යි.
මෙහි දී පාසලේ නිෂ්පාදන හා සේවා අලෙවි කිරීමේ ක්‍රමවේදයක් ද සකසා ගත යුතු වේ. පාරිභෝගිකයින් ආකර්ෂණය කර ගැනීම පි‚ස උපාය මාර්ග යෙදීම හා පාසල තුළ ප්‍රචාරක ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම සිදු කළ හැකි ය. තව ද වගා පාලන වාර්තා ඇතුළු සියලූ ම ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තා ද, මූල්‍ය පාලන වාර්තා ද පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ.
ඔබගේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රයෝජනවත් වන සරල වාර්තා කිහිපයක ආකෘති පහත දැක්වේ.
එදිනෙදා කරනු ලබන කටයුතු පිළිබඳ වාර්තාව
මෙම වාර්තාවෙන් එදිනෙදා කරන ලද කටයුතු පිළිබඳව ද ඒ සඳහා වැය වූ ශ්‍රමය ද සොයා ගත හැකි වේ.
ව්‍යාපෘතිය අවසානයේ ආදායම් හා වියදම් සංසන්දනය කිරීම මගින් ව්‍යාපෘතියේ සාර්ථක අසාර්ථක බව පිළිබඳ විමසා බැලීමට අවස්ථාව ලැබේ.
පසු විපරම
ව්‍යාපෘතිය ආරම්භයේ සිට අවසානය දක්වා වූ ක්‍රියාකාරකම් විශ්ලේෂණය කරමින් ඒවායෙහි ප්‍රබලතා හා දුබලතා හඳුනාගත යුතු වේ. මෙහි දී,
ඔබ විසින් යොදා ගන්නා ලද වෙළෙඳ උපාය මාර්ග, මුල්‍ය හා වගා වාර්තාවල ප්‍රයෝජන ආදිය පිළිබඳව ඔබ ලද අත්දැකීම් සාකච්ඡා කිරීම හා ස්වනිර්මාණ සංග්‍රහයක් මගින් පන්තියට ඉදිරිපත් කිරීම වැදගත් වේ.
අන්තර්ජාලය ඇසුරෙන් තොරතුරු ලබා ගනිමු
කෘෂි ව්‍යවසායකත්වය සාර්ථකව පවත්වා ගැනීම හා ප්‍රවර්ධනය සඳහා දිනපතා අලූත් තොරතුරු ලබා ගැනීම අනිවාර්යය වේ. මේ සඳහා පුවත් පත්, ගුවන් විදුලිය, රූපවාහිනිය හා සඟරා ආශ්‍රිතව සිදු කෙරෙන කෘෂිකර්මය පිළිබඳ සාකච්ඡා වැඩසටහන් ඉතා වැදගත් වේ. එමෙන් ම අන්තර්ජාලය භාවිතයෙන් තොරතුරු ලබා ගැනීම ද ඉතා පහසු හා කාර්යක්ෂම ක්‍රමවේදයකි. මෙහි දී වෙළෙඳ පොළ තොරතුරු, බෝගවල මිල ගණන් මෙන් ම ඒ ඒ බෝග සඳහා ඇති වන උවදුරු පිළිබඳව දැනුවත් වීම මඟින් ප්‍රතිකර්ම කාර්යක්ෂම ව යෙදිය හැකි ය. මේ හේතුව නිසා වර්තමානයේ දී අන්තර්ජාලය භාවිතයෙන් සාර්ථක ව්‍යාපාරයක් පවත්වා ගත හැකි වේ. නැතහොත් ව්‍යාපාරයේ සාර්ථකත්වය සඳහා අන්තර්ජාලය ඛෙහෙවින් උපකාරී වේ.
පාසලේ පරිගණක විද්‍යාගාරය භාර ගුරුතුමාගේ සහාය ලබා ගනිමින් අන්තර්ජාල පහසුකම් සහිත වේලාවක් තුළ දී ඔබ ද අන්තර්ජාලයේ සැරිසැරීමට අවස්ථාව ලබා ගන්න. ගුරුතුමාගේ සහාය ලබා ගනිමින් විවෘත කර ගන්නා පරිගණකයෙන් ඔබට අන්තර්ජාලයේ බහුල ව භාවිත වන Google Chrome, Internet Explorer හෝ Mozilla Firefox වැනි වෙබ් ගවේෂක (Web Browser) තුළට පිවිසිය හැකි ය. ඔබ කැමති ඕනෑ ම වෙබ් ගවේෂකයක් භාවිත කිරීමට ඔබට පුළුවන. Google Chrome වෙබ් ගවේෂකය භාවිතයේ දී සිංහල භාෂාවෙන් අන්තර්ජාලය ගවේෂණය කිරීමේ හැකියාව පවතී. මේ සඳහා යුනිකේත (Unicode) භාවිත කළ යුතු ය.
Google Chrome මඟින් අන්තර්ජාලය ගවේෂණය කිරීමේදී සඳහා පහත පියවර අනුගමනය කරන්න.
විවෘත වූ අතුරු මුහුණත භාවිත කරමින් ඔබට තොරතුරු ගවේෂණය කිරීම පහසුවෙන් කළ හැකි ය. ඒ සඳහා අදාළ මූලික වදන් සෙවුම් තීරය මත ඇතුළත් කරන්න. එවිට පහත ආකාරයේ අතුරු මුහුණතක් ලැබෙනු ඇත.