මෙම පරිච්ඡේදය අධ්‍යයනය කිරීමෙන් ඔබට,
හැකියාව ලැබෙනු ඇත.
මිනිස් අවශ්‍යතා ඉටු කිරීමට මැදිහත්ව සිටින විවිධ ව්‍යාපාර අපට දක්නට ලැබේ. ඒවා පරිමාණය අනුව කුඩා, මධ්‍යම හා මහා පරිමාණ ව්‍යාපාර වශයෙන් වර්ග කළ හැකි ය. අප මෙහි දී විශේෂයෙන් අවධානය යොමු කරනු ලබන්නේ පාරිභෝගිකයාට වඩාත් සමීප ඔවුන් අතර වඩාත් ප්‍රචලිත කුඩා ව්‍යාපාර පිළිබඳව යි.
කුඩා ව්‍යාපාර
කුඩා ව්‍යාපාරවල ස්වභාවය ආර්ථීක මට්ටම් හා අරමුණු අනුව ආයතනයෙන් ආයතනයට වෙනස් වේ. එසේ වුව ද කුඩා ව්‍යාපාරවල දක්නට ලැඛෙන පොදු ලක්ෂණ කිහිපයක් සලකා බැලීමෙන් මෙය හඳුනා ගැනීම පහසු වේ. පහත දක්වා ඇත්තේ එවැනි පොදු ලක්ෂණ කිහිපයකි.
මෙවැනි ලක්ෂණවලින් සමන්විත ස්වාධීන අයිතිය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපාර ඒකකයක් කුඩා ව්‍යාපාරයක් ලෙස හැඳින්විය හැකි ය.
වෙළෙඳපොළෙහි පවතින කුඩා ව්‍යාපාර අවස්ථාවලින් ප්‍රයෝජන ගැනීමට ව්‍යවසායකයින් කුඩා ව්‍යාපාරවලට ඇතුළු වේ. මෙවැනි කුඩා ව්‍යාපාර අවස්ථාවලින් ප්‍රයෝජන ගැනීමට මහා පරිමාණ ව්‍යාපාරිකයෝ උනන්දු නොවෙති. ඔවුන්ගේ ආයෝජනවලට සාපේක්ෂව ප්‍රමාණවත් ප්‍රතිලාභ නොලැබීම එයට හේතුව යි.
ඔබ නිවසේ එදිනෙදා භාවිතයට ගැනෙන භාණ්ඩ හා සේවා පිළිබඳව මඳක් සිතන්න. ඒවායින් බොහොමයක් කුඩා ව්‍යාපාරිකයන්ගේ නිෂ්පාදන වේ. රටේ ජාතික නිෂ්පාදනයට විශාල දායකත්වයක් දරන මෙවැනි ව්‍යාපාරිකයන් පාරිභෝගික අවශ්‍යතා හා වුවමනා රාශියක් ඉටු කර දීමට සමත් වී ඇත. කුඩා ව්‍යාපාර පවත්වා ගෙන යන ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන කිහිපයක් පහත රූපයේ දැක්වේ.
ව්‍යවසායකයන් කුඩා ව්‍යාපාර වෙත නැඹුරු වීමට හේතු
කුඩා ව්‍යාපාර වර්ධනය වීම නිසා රටක ආර්ථීක සංවර්ධනයට ලැඛෙන ප්‍රතිලාභ
ව්‍යාපාරයක් ආරම්භ කර එය සාර්ථකව පවත්වා ගෙන යාම සඳහා බලපාන සාධක
සාර්ථක ව්‍යාපාරයක් ආරම්භ කර පවත්වාගෙන යාමේ දී එහි සාර්ථකත්වයට බලපාන සාධක පිළිබඳ දැනුවත් වීම ඉතා වැදගත් ය. ව්‍යවසායකයකු විසින් සිදු කළ යුතු විවිධ කාර්ය පහත දැක් වේ.
මෙම කාර්යයන් මනා ලෙස අවබෝධ කර නොගන්නා ව්‍යවසායකයින්ගේ ව්‍යාපාර අසාර්ථක වීමට ඇති ඉඩකඩ වැඩි බැවින් මේ පිළිබඳව සැලකිලිමත් වීම ඉතා වැදගත් ය.
ව්‍යාපාර සාර්ථකත්වය කෙරෙහි බලපාන සාධක
පහත දැක්වෙන්නේ ව්‍යාපාරයක සාර්ථකත්වයට බලපාන තීරණාත්මක සාධක යි. මෙම සාධක පිළිබඳ නිවැරදි ඇගයීමක් කිරීම වැදගත් වේ. ව්‍යවසායකයා එයට අදාළ කුසලතාවලින් හෙබි අයෙකු විය යුතු ය. එසේ නැතහොත් ඒ සඳහා සුදුසු පුද්ගලයෙකුගේ උපදේශන සහාය ලබා ගත යුතු ය.
ව්‍යාපාරිකයෙකුට විවිධ කටයුතු සඳහා මුදල් අවශ්‍ය වේ.
මෙම කටයුතු සුදුසු පරිදි ඇස්තමේන්තු කර සැලසුම් සකස් කළ යුතු ය. ව්‍යාපාරික අයවැය, ආදායම් හා වියදම්, නිෂ්පාදන පිරිවැය සඳහා කලින් ඇස්තමේන්තු කර මුදල් ලබා දීමෙන් මුදල් ඵලදායී මාර්ගවල යෙදවිය හැකි ය. එමෙන් ම ව්‍යාපාර සඳහා අමුද්‍රව්‍ය මිල දී ගැනීමේ දී ඒවායේ ගුණාත්මක බව, ප්‍රමිතිය හා විවිධ මිල ගණන් විමසා බලා සසඳා ව්‍යාපාරයට වාසිදායක වන සේ ලබා ගත යුතු යි.
සේවක අවශ්‍යතා හඳුනා ගැනීම හා තීරණය කිරීම පිළිබඳව ද ව්‍යවසායකයාට විශාල වගකීමක් පැවරේ. පුහුණු ශ්‍රමය හා නුපුහුණු ශ්‍රමය යොදවන ආකාරය සෑම විට ම ව්‍යාපාරයේ ඵලදායිතාවය ඉහළ නැංවෙන ආකාරයට සැලසුම් සකස් කර ක්‍රියාත්මක කළ යුතු ය. සේවක ඵලදායිතාව සාපේක්ෂව ඔවුන්ට ගෙවන වැටුප් ද ආකර්ෂණීය විය යුතු අතර ඔවුන් දිරි ගැන්වීම සඳහා ද උපාය මාර්ග යෙදීම ව්‍යාපාරිකයා සතු වගකීමකි. ශ්‍රමයට අමතරව ව්‍යාපාරයට යොදන අනෙකුත් සියලූ සම්පත් ඵලදායි ලෙස යෙදවීමට ද ඔහු සමත් විය යුතු ය.
තමාගේ ව්‍යාපාර කටයුත්ත පිළිබඳව ගැඹුරට අවබෝධ කරගෙන කටයුතු කිරීමේ දී ඒ සඳහා වඩාත් අවශ්‍ය වන්නේ තමා සතු තාක්ෂණ දැනුමයි. භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ දී නව ප්‍රවණතා හඳුනා ගැනීමේ හැකියාව, භාණ්ඩවල ගුණාත්මක බව වැඩි දියුණු කිරීම, පිරිවැය අවම කර ගැනීම හා නව නිෂ්පාදන ක්‍රම යොදා ගැනීම පිළිබඳව තාක්ෂණ දැනුම කුඩා ව්‍යාපාරිකයාගේ කටයුතු සාර්ථකත්වයට දැඩි ලෙස බලපායි.
භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමට පූර්ව අවස්ථාවේ සිට පාරිභෝගිකයා අතට පත්වන තුරු ව්‍යාපාරිකයකුට තොරතුරු අවශ්‍ය වේ. භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමට පෙර අවශ්‍ය සැලසුම් සකස් කිරීම, සංවිධානය කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා තොරතුරු සහාය කර ගැනීමට සිදු වේ.
උදාහරණ :-
මෙවැනි තොරතුරු ලබා ගැනීමෙන් කුඩා ව්‍යාපාරිකයන්ට තම සැලසුම් නිවැරදිව සකස් කර ක්‍රියාත්මක කිරීමට පහසු වේ.
කුඩා ව්‍යාපාරයක් ආරම්භ කරන ව්‍යවසායකයකු තමා නිෂ්පාදනය කිරීමට අපේක්ෂිත භාණ්ඩය හෝ සේවාවට වෙළෙඳපොළක් තිබේ ද යන්න වෙළෙඳපොළ සමීක්ෂණයක් මගින් සොයා බැලිය යුතු ය. වෙළෙඳපොළ යනු යම් නිෂ්පාදිතයක් මිල දී ගැනීමට කැමැත්තක් හා හැකියාවක් ඇති ගනුදෙනුකරුවන් සමූහයකි. කුඩා ව්‍යාපාරිකයා ඉලක්ක කරනු ලබන්නේ කුඩා ප්‍රදේශයක සීමිත වෙළෙඳපොළක් බැවින් තොරතුරු ලබා ගැනීම පහසු ය.
සාර්ථක ව කුඩා ව්‍යාපාරයක් පවත්වා ගැනීම සඳහා පහත දැක්වෙන ශක්තීන් වැදගත් වේ.
බාහිර පරිසරයේ ඇති යම් යම් වාසිදායක තත්ත්ව තම ව්‍යාපාරයේ දියුණුවට යොදා ගැනීමට ඇති හැකියාව අවස්ථා නමින් හැඳින්වේ. කුඩා ව්‍යාපාර අරඹන ව්‍යවසායකයන්ට ව්‍යාපාර සාර්ථක කර ගැනීමට බලපාන වාසිදායක අවස්ථා කිහිපයක් පහත දැක්වේ.
ව්‍යවසායකයෝ
ව්‍යවසායකයෙක් යනු කිසියම් ප්‍රතිලාභයක් ළඟා කර ගැනීම සඳහා යමක් කිරීමේ නව මාර්ග උත්පාදනය කරන්නෙකි. ව්‍යවසායකයෝ සෑමවිට ම තමා අවට පරිසරය ගවේෂණය කරමින්, විශ්ලේෂණයේ යෙදමින්, සිතා බලමින් නව අදහස් නව අවස්ථා බවට පත් කරන්නෝ ය. ඔවුහු කිසියම් ක්‍රියාවලියක් උත්පාදනය කරමින් තම අභිමතාර්ථ මුදුන්පත් කර ගන්නෝ ය. විස්මිත දෑ එළි දක්වන්නෝ ය.
ව්‍යවසායකත්ව පුද්ගල චරිත අතර ව්‍යාපාරිකයා, ප්‍රාදේශීය ලේකම්වරයා, වෛද්‍යවරයා, විනිසුරුවරයා, පූජකවරයා ආදි අය හඳුනා ගත හැකි ය. ඒ අනුව ගොවිපොළ, පන්සල, පල්ලිය, පාසල, විශ්වවිද්‍යාල, රජයේ ව්‍යාපාර, ආරෝග්‍යශාලා යනාදි සෑම තැනක ම ව්‍යවසායකයින් දක්නට ලැබේ.
ඔබේ ප්‍රදේශයේ ඇතැම් පාසල් දෙස බලන්න. දක්ෂ විදුහල්පතිවරු ඉතා කෙටි කාලයක් තුළ අපේක්ෂිත අභිමතාර්ථ ඉටු කර ගැනීමට නව වැඩ සටහන් නිර්මාණය කරති. එම වැඩසටහන් ක්‍රියාවේ යොදවමින් පාසල වේගවත් සංවර්ධනයක් කරා ගෙන යාමට සමත් වෙති. එයට හේතුව එම විදුහල්පතිවරුන් විසින් තමාගේ ව්‍යවසායකත්ව ගති ලක්ෂණ ක්‍රියාවේ යෙදවීමයි.
ඔබ අවට ඇති පන්සල හෝ පල්ලිය පිළිබඳව සිතන්න. භික්ෂුන් වහන්සේලා හෝ පූජකවරුන් තම දායකයින්ට අවශ්‍ය සේවා නිර්මාණශීලිව හා කාර්යක්ෂමව ඉටු කර දීමෙන් එම ස්ථාන ජනයාට ප්‍රයෝජනවත් ස්ථාන බවට පත් කරනු ලබන්නේ ඔවුන් දක්ෂ ව්‍යවසායකයින් වන නිසා ය.
ආරෝග්‍යශාලාවල විවිධ විස්කම් කරන වෛද්‍යවරු ඔබ දැක ඇත. විවෘත හදවත් සැත්කම්, නළ දරු උපත්, දෙබිඩි දරු සැත්කම් ආදි මේ සියල්ල අලූත් අදහස්, අලූත් ක්‍රමෝපායන් අනුව උත්පාදනය කරමින් ක්‍රියාත්මක කිරීමට හපන්කම් ඇති වෛද්‍ය ව්‍යවසායකයින්ගේ ක්‍රියාවන් ය.
ව්‍යාපාරික ව්‍යවසායකයෝ
ව්‍යවසායකත්වය වඩාත් කැපී පෙනෙනුයේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ය. ව්‍යාපාර අවස්ථා හඳුනා ගෙන මිනිස් අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කිරීම සඳහා නව්‍යතා සම්පාදනය හා අවදානම් අවස්ථා කළමනාකරණය කරන්නා ව්‍යාපාරික ව්‍යවසායකයෙකි. නව ව්‍යාපාරයක් ආරම්භ කොට සාර්ථකව පවත්වාගෙන යාමට ඔහුට හැකියාව ඇත. විවිධ ව්‍යාපාරික ව්‍යවසායකයන් නිෂ්පාදනය කළ විස්මිත නිර්මාණ කිහිපයක් පහත දැක්වේ.
ශ්‍රී ලංකාවේ කාන්තා ව්‍යවසායකයන් දිරිය කතුන් ලෙස පසුගිය දශක කිහිපය තුළ සිට ම ව්‍යාපාරික ක්ෂේත්‍රයට නැඹුරු වීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබේ. කාන්තාවන් තුළ අධ්‍යාපන මට්ටම් දියුණු වීම, ශ්‍රම බලකාය තුළ කාන්තා නියෝජනය ඉහළ යාම, කාන්තාවන් ව්‍යාපාර කටයුතුවලට දායක විය යුතු කොටසක් ලෙස සැලකීම, පවුලේ ආදායම් තත්ත්ව වැඩි කර ගැනීමේ අවශ්‍යතාව මතු වීම යන හේතූන් කාන්තා ව්‍යවසාය වර්ධනය වීමට හේතු විය.
සාර්ථක ව්‍යවසායකයෙකු සතු ලක්ෂණ
විවිධ අංශවල, විවිධ පුද්ගලයින් සාර්ථක අන්දමින් ව්‍යවසායකත්වයේ යෙදෙන ආකාරය මේ වන විට ඔබ අධ්‍යයනය කර ඇත. මේ සෑම චරිතයක ම දැකිය හැකි පොදු ව්‍යවසායකත්වය ගති ලක්ෂණ කිහිපයක් ඇත.
නායකත්වය
අන් අයගේ සේවය ලබා ගනිමින් කාර්යක්ෂමව කටයුතු කිරීමේ හැකියාව නායකත්වය යි. කටයුතු සැලසුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙයවීම, අධීක්ෂණය කිරීම, පසු විපරම් කර බැලීම හා අන් අයගේ අදහස් ලබා ගනිමින් අභිමතාර්ථ ඉටු කර ගැනීමට ක්‍රියා කිරීම නායකත්ව භූමිකාව යි. කණ්ඩායමක් සමග වැඩ කිරීමේ දී නායකත්ව ලක්ෂණ ඉතා වැදගත් වේ. කණ්ඩායමේ සියලූ ම සාමාජිකයින්ට සුහදශීලී ලෙස ඇහුන්කන් දීම, ඉවසීම, කැපවීමෙන් හා වගකීමෙන් කටයුතු කිරීම ආදි ගුණාංග ප්‍රදර්ශනය කරමින් ක්‍රියාවෙන් තම සාමාජිකයින්ගේ හෝ සේවාලාභින් තුළ පිළිගැනීමට ලක් වන්නා හොඳ නායකයෙකි. හොඳ නායකයෙක් වීමට බලය සහ පිළිගැනීම යන අංග දෙක ම අවශ්‍ය වේ.
නවෝත්පාදනය
අලූත් අදහසක් සාර්ථකව ක්‍රියාත්මක කිරීමට හැකි තත්ත්වයට පත් කිරීම නවෝත්පාදනය යි. කෙනෙකුගේ නිර්මාණශීලී හැකියාව ක්‍රියාවට නංවන්නේ නවෝත්පාදනයෙනි. ව්‍යාපාරික ක්ෂේත්‍රයේ අපට බහුලව නවෝත්පාදන දැකිය හැකි වේ. දැනුම පුපුරා යන නූතන ලෝකයේ අලූත් සොයා ගැනීම් රාශියකි. ව්‍යවසායකයන් තම නිර්මාණශීලී හැකියාවන් ක්‍රියාවට නංවමින් විස්කම් දක්වන ආකාරය අන්තර්ජාලය, නවීන වෙළෙඳපොළ හා නොයෙකුත් සන්නිවේදන මාධ්‍ය හරහා ඔබට දැකගත හැකියි.
නවෝත්පාදන සිදු කළ හැකි ආකාර 2කි.
ප්‍රථම වතාවට ජංගම දූරකථනයක් වෙළෙඳපොළට හඳුන්වා දීමෙන් එම ව්‍යවසායකයා ඔහුගේ අලූත් අදහසක් ක්‍රියාවට නංවා නවෝත්පාදනයක් සිදු කර ඇත. වරින් වර නවාංග ජංගම දූරකථනයට එකතු කරමින් ඉන් සිදුවන සේවා පුළුල් කිරීම නවාංග එකතු කරමින් සිදු කරන නවෝත්පාදනය යි. උදාහරණ ලෙස ඡායාරූප ගැනීම, වීඩියෝ කිරීම, අන්තර්ජාල පහසුකම් හා ක්‍රීඩා එම නවාංගවලින් කිහිපයක් පමණි.
කැපවීම
අරමුණු ඉටුකර ගැනීමට යොදන උපරිම හා අඛණ්ඩ උත්සාහය කැපවීම යි. බාධක කම්කටොලූ, තර්ජන, උවදුරු, පාඩු ආදිය ගැන කම්පා නොවී නොපසුබට උත්සාහයෙන් ක්‍රියා කිරීම ද කැපවීම වේ. ව්‍යාපාරිකයන් සාර්ථකත්වය තමා වෙත සමීප කර ගැනීමට දිවා, රෑ, අව්, වැසි නොබලා ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් ම ඇප කැප වේ. එවැන්නෝ ජය ගනිති.
වගකීම
තම පාලනය තුළ සිදු කරන කාර්යයන් පිළිබඳ හේතුකාරත්වය භාර ගැනීමට ඇති ස්වයං පෙළඹවීම වගකීම යි. තමාට පැවරී ඇති කාර්යය අවබෝධ කර ගනිමින් තම පාලනය යටතේ ඇති සියලූ පාර්ශවයන්ට අවංකව, සාධාරණව කටයුතු කිරීමට ඇති බැඳීම ද වගකීම ලෙස හැඳින්විය හැක.
තීරණ ගැනීම
කල් පසු නොවී අවශ්‍ය තැන්වල දී සුදුසු තීරණ ගැනීමේ හැකියාව මින් අදහස් කෙරේ. තීරණ ගැනීමේ ක්‍රියාවලියක් ඇත. අවසාන තීරණය ගැනීමට පෙර විකල්ප විසඳුම් මාර්ග සොයා බැලිය යුතු ය. දෙවනුව ඒ එක් එක් විකල්ප විසඳුම් මාර්ගවල වාසි අවාසි පිළිබඳ තොරතුරු සොයා ඒවා සංසන්දනය කරමින් වඩාත් සුදුසු විසඳුම තෝරා ගැනීමේ නිවැරදි තීරණය ගැනීමේ ප්‍රතිලාභ අත්කර ගත හැකි ය.
පහත දැක්වෙන සිදුවීම අධ්‍යයනය කරන්න.
මේ අන්දමින් හැකි තරම් වාසි අවාසි සොයා වැඩි වාසි ලැබිය හැකි යහපත් විසඳුම අවසාන තීරණය ලෙස තෝරා ගන්න.
අවදානම් දැරීම
ක්‍රියාත්මක කරන කටයුතු අසාර්ථක වීමේ ඉඩකඩ ඇති බව වටහා ගෙන අභියෝග භාර ගැනීමට ඇති කැමැත්ත හා හැකියාව අවදානම් දැරීම යි. ව්‍යවසායකයා වෙනස් කිරීම්වල යෙදෙන විට සිදුවිය හැකි වාසි අවාසි මැන බලමින් අවාසි අවම වන සේ තීරණ ගෙන අවදානම් දරයි. ඒ අනුව දක්ෂ ව්‍යවසායකයා අවදානමට නොබියව මුහුණ දේ. ඒ අවදානම් මැන බැලීමට ඔහු දක්ෂයකු වන බැවිනි.
ගැටලූ විසදීමේ හැකියාව
තමාට ඉදිරිපත් වන අවශ්‍යතා හා අභියෝග භාර ගෙන විසඳුම් ලබා දීමේ හැකියාව ගැටලූ විසඳීමේ හැකියාව යි. සෑම ගැටලූවකට ම විසඳුමක් පවතින බැවින් වඩාත් වාසිදායක විසඳුම තෝරා ගැනීම වැදගත් වේ.
ගැටලූ විසඳීමේ දී ක්‍රියාවලියක් ඇත.
ව්‍යවසායකයකු වීමේ අරමුණු සහ ස්වතක්සේරුව
ව්‍යවසායකයකු වීමේ අරමුණු
ව්‍යවසායකයකු වීමේ අරමුණු පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. ඒවායින් කිහිපයක් පහත දැක්වේ.
ස්වතක්සේරුව
වෙනත් කෙනෙකුට සාපේක්ෂව තමා ඇගැයීමට භාජනය කිරීම ස්වතක්සේරුව යි. කිසියම් නිර්ණායක කිහිපයක් පදනම් කර ගනිමින් මෙය සිදු කරනු ලබයි. උදාහරණයක් ලෙස තව කෙනෙකු නායකත්ව භූමිකාව ඉටු කරන ආකාරය දෙස බලා තමාට එම අවස්ථාව ලැබුණහොත් තෝරා ගත් අයට සාපේක්ෂව තමා තුළ කොතරම් දුරට නායකත්ව ගති ලක්ෂණ පවතී දැයි මැන බැලිය හැකි ය. එවැනි මැන බැලිය හැකි නායකත්ව ගති ලක්ෂණ කිහිපයක් පහත දැක්වේ.
ව්‍යාපෘතියක් ඇසුරින් සාර්ථක ව්‍යවසායකයෙකුගේ ගති ලක්ෂණ හඳුනාගෙන ස්වතක්සේරුවක යෙදෙමු
කුඩා ව්‍යාපාරවල සාර්ථකත්වයට බලපාන සාධක හා ව්‍යවසායකයෙකු සතුව පැවතිය යුතු ගති ලක්ෂණ පිළිබඳව අපි මෙතෙක් උගත් කරුණු ප්‍රායෝගික අත්දැකීම් බවට පත් කර ගැනීම සඳහා ව්‍යාපෘති අධ්‍යයනයක් සිදු කරමු.
ව්‍යාපෘති ගැටලූව
ඔබට වඩාත් සමීප, හොඳින් නිරීක්ෂණ කටයුතු සිදු කළ හැකි, ඔබ ප්‍රදේශයේ සාර්ථකව පවත්වා ගෙන යන ව්‍යාපාරයක් තෝරා ගන්න. මෙම ව්‍යාපාරය හා ව්‍යවසායකයා ඔබගේ සිත් ගැනීමට හේතු වූ සාධක හා ඔහු තුළ පවතින විශේෂ ගති ලක්ෂණ පිළිබඳ ගවේෂණයක යෙදෙමින් පහත සඳහන් ක්‍රියාකාරකම්වල යෙදෙන්න.
පුර්ව සදානම
ව්‍යාපෘතියට අදාළ දෛනික තොරතුරු වාර්තා කිරීම සඳහා ක්ෂේත්‍ර පොතක් ද ව්‍යාපෘති ආරම්භක කාර්යයේ සිට අවසානය දක්වා සියලූ ක්‍රියාකාරකම් පිළිබඳ ව තොරතුරු රැස් කිරීම සඳහා ස්වනිර්මාණ සංග්‍රහයක් ගොඩ නගා ගැනීමට ලිපි ගොනුවක් සුදානම් කර ගන්න. මේවා භාවිත කිරීමේ දී සතියකට වතාවක් වත් ඔබේ ගුරුතුමාට හෝ ගුරුතුමියට පෙන්වා අවශ්‍ය උපදෙස් ලබා ගන්න.
සැලසුම් කිරීම
ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා පළමුවෙන්ම කළ යුත්තේ අවශ්‍යතාව අනුව කාර්යයන් හඳුනා ගැනීමයි. කණ්ඩායම් සාකච්ඡාවකින් පසු පහත සඳහන් කරුණු සැලසුම් කරන්න.
තීරණ ගැනීම
තොරතුරු හා මුලාශ්‍ර යොදා ගනිමින් පහත සඳහන් තීරණ ගන්න.
ක්‍රියාත්මක කිරීම
උදාහරණ:- තරගකරුවන් නැති වීම හෝ අඩු වීම, රජයේ හිතකර ප්‍රතිපත්ති ආදිය පිළිබඳ සොයා බලන්න.
ඉතා හොඳින් ප්‍රදර්ශනය වේ නම් ලකුණු 03යි.
හොඳින් ප්‍රදර්ශනය වේ නම් ලකුණු 02යි.
වර්ධනය විය යුතු නම් ලකුණු 01යි.
පහත දක්වෙන නිරීක්ෂණ පත්‍රිකා ආකෘතිය ඒ සඳහා ආදර්ශයට ගන්න. මෙම ලක්ෂණවලට අමතරව ඔබ කිසියම් ලක්ෂණයක් ව්‍යාවසායකයා තුළින් දුටුවේ නම් එය ද ආකෘතියට ඇතුළු කරන්න.
ව්‍යවසායකත්ව ගති ලක්ෂණ ව්‍යාපාරයේ දියුණුවට යොදවා ගෙන ඇති ආකාරය තක්සේරු කිරීම සඳහා පහත දැක්වෙන ආදර්ශ නිරීක්ෂණ පත්‍රිකා ආකෘතිය යොදා ගන්න. ඒ සඳහා ද ඉහත ලකුණු ප්‍රදානය කළ ලකුණු පරිමාණයම අනුගමනය කරන්න.
ආදර්ශ නිරීක්ෂණ පත්‍රිකාව
ආදර්ශ නිරීක්ෂණ පත්‍රිකාවක් යොදා ගනිමින් ව්‍යවසායකයා තුළින් ප්‍රදර්ශනය වූ හා තමා තුළ පවතින බවට තහවුරු කර ගත් ව්‍යවසායකත්ව ගති ලක්ෂණවලට ප්‍රදානය කළ ලකුණු පදනම් කර ගනිමින් ධ්‍රැවක ප්‍රස්තාරයක් නිර්මාණය කර දෙදෙනාගේ ව්‍යවසායකත්ව ගති ලක්ෂණ සංසන්දනය කරන ආකාරය පහත පැහැදිලි කර ඇත. පුද්ගලයින් දෙදෙනෙකු පිළිබඳ සංසන්දනාත්මක ඇගයීමක් සඳහා සංඛ්‍යා වගු උපයෝගී කර ගැනීමට වඩා ධ්‍රැවක ප්‍රස්තාරයෙන් දිස්වෙන රූපය තුළින් වඩාත් පැහැදිලි අදහසක් හෝ තීරණයක් ගත හැකි වේ.
ධ්‍රැවක ප්‍රස්තාරය නිර්මාණය කිරීම සඳහා කඩදාසි මත මධ්‍ය ලක්ෂ්‍යයක් සලකුණු කොට නිරීක්ෂණය කළ ව්‍යවසායකත්ව ගති ලක්ෂණ සංඛ්‍යාවට සමාන රේඛා සංඛ්‍යාවක් මධ්‍ය ලක්ෂ්‍ය වටා ඇඳ ගන්න. රේඛාව කොටස් 3කට බෙදා නිරීක්ෂණයේ දැක්වෙන ආකාරයට 1,2,3 වශයෙන් ලකුණු සටහන් කරන්න. ලබා ගත් ලකුණු ඒ ඒ ව්‍යවසායකත්ව ගති ලක්ෂණය වෙනුවෙන් වෙන් වූ රේඛාවේ වර්ණවත් පෑන් දෙකකින් ලක්ෂ්‍ය යොදමින් සලකුණු කර පසුව එම ලක්ෂ්‍ය බහු අස්‍රයක් නිර්මාණය වන ලෙස යා කරන්න.
මෙම ධ්‍රැවක ප්‍රස්තාරය යොදා ගැනීමෙන් දෙදෙනා තුළ ඇති ව්‍යවසායකත්ව ගති ලක්ෂණ පැහැදිලිව හඳුනා ගත හැකි අතර දියුණු වූ සහ වර්ධනය විය යුතු ගති ද පැහැදිලිව ප්‍රදර්ශනය වේ. ඒ අනුව අඩුපාඩු සකස් කර ගනිමින් වර්ධනය විය යුතු ගති ලක්ෂණ වැඩ දියුණු කර ගැනීමට කටයුතු කළ හැකි ය.
පසු විපරම
මේ සඳහා පහත සඳහන් දෑ විමර්ශනය කර බලන්න.
ඉහත සඳහන් පියවර ඔස්සේ ව්‍යාපෘති අධ්‍යයනයක නිරත වීමේ දී ඔබට ප්‍රායෝගික අත්දැකීම් රාශියක් ලැබේ. එම අත්දැකීම් අනාගතයේ සාර්ථක ව්‍යාපාරයක් ඇරඹීමටත්, එය පවත්වාගෙන යාමටත්, බලපාන සාධක නිවැරදිව හා අදාළ පරිදි තෝරා ගැනීමටත්, හැකියාව ලබා දෙන අතර දක්ෂ ව්‍යවසායකයකු වීමට ද අවස්ථා උදා කරයි.