5.3 - පීඩනයේ ඒකක

පීඩනය ගණනය කිරීම සඳහා භාවිත කරන සමීකරණය ඇසුරින් පීඩනය මැනීමේ ඒකක නිර්ණය කළ හැකි ය. බලය මැනීම සඳහා භාවිත කරන සම්මත ඒකකය භ (නිව්ටන්) වන අතර වර්ගඵලය මැනීම සඳහා m2 (වර්ග මීටර) භාවිත කරයි.

පීඩනය මැනීමේ ඒකකය N m-2 (වර්ග මීටරයට නිව්ටන්) වේ. ප්‍රංශ ජාතික බ්ලේයිස් පැස්කල් නම් ගණිතඥයාට ගරු කිරීමක් වශයෙන් එම ඒකකය Pa (පැස්කල්) නමින් ද හැඳින්වේ.

මීළඟට පීඩනය ආශ්‍රිත විසඳූ නිදසුන්වලට අවධානය යොමු කරමු.

විසඳූ නිදසුන 1: වර්ගඵලය 2 m2 වන පෘෂ්ඨයකට අභිලම්බව 300 N බලයක් යෙදූ විට පෘෂ්ඨය මත ඇති වන පීඩනය කොපමණ ද?

විසඳූ නිදසුන 2: ඝනකාභයක් ආකාරයෙන් වූ පෙට්ටියක බර 400 N කි. පෙට්ටිය තිරස් සමතල පාෂ්ඨයක් මත තබා ඇත. පෙට්ටිය මඟින් පෘෂ්ඨය මත ඇති කරන පීඩනය 200 pa වේ. පෙට්ටියේ ස්පර්ශ මුහුණතේ පෘෂ්ඨ වර්ගඵලය කොපමණ ද?