පිහියකින් යම් ද්‍රව්‍යයක් කැපීම අපහසු වන විට එය මුවහත් කරනු ඔබ දැක ඇත. මුවහත් තැබීමේ දී පිහි දාරය ඉතාම සිහින් වන නිසා එහි වර්ගඵලය අඩු වේ. එවිට එය මගින් යෙදෙන පීඩනය වැඩි වේ. එවිට ඉතා සිහින් ව හා පහසුවෙන් යමක් කපා ගත හැකි ය (5.7 රූපය).
අයිස් මත ලිස්සා යෑමේ දී ක්‍රීඩකයින්ගේ සපත්තුවේ පතුල පිහි දාරයක මෙන් අඩු වර්ගඵලයක් සහිත ව සාදා ඇත (5.8 රූපය). එවිට සපත්තු පැළැඳ සිටින්නාගෙ න් අයිස් මත ඇති වන අධික පීඩනය නිසා අයිස් දිය වේ. එවිට පහසුවෙන් ලිස්සා යා හැකි ය.
අධික බර රැගෙන යන ලොරි හා කන්ටේනර් වැනි වාහන මගින් පාර මත යෙදෙන පීඩනය වැඩි වන නිසා පාරවල් ඉක්මනින් අබලන් වේ. එනිසා එවැනි වාහනවලට වැඩි රෝද ගණනක් යොදා ඇත (5.9 රූපය). එවිට පාර සමග ගැටෙන වර්ගඵලය වැඩි වන නිසා පාර මතට යෙදෙන පීඩනය අඩු වේ. එමගින් පාරට හානි සිදුවීම අවම වේ.