ප්‍රස්ථාව පිරුළු 02

සාම්ප්‍රදායික යෙදුම් වලින් එකක් වන ප්‍රස්ථාව පිරුළු භාෂාව රසවත් කර ගැනීමට යොදා ගැනේ්. ප්‍රකාශ කිරීමට අපේක්ෂිත අදහසක් වඩාත් හොඳින් තහවරු කරගැනීම සඳහා ප්‍රස්ථාව පිරුළු යොදා ගැනේ. භාෂණයේදී මෙන්ම ලේඛනයේදී ද බහුල ව භාවිත වන මෙම යෙදුම් විශේෂය මගින් වචනාර්ථය ඉක්මවා යන පුළුල් අදහසක් ප්‍රකාශ කරයි.පහත දැක්වෙන්නේ ප්‍රස්තාව පිරුළු කිහිපයකි.

  1. ගැරඩි මරා පව් ගන්නට එපා - අහිංසකයන්හට හිංසා පීඩා ආදිය නොකළයුතු බව

  2. ගැහැනුන් බෝවේ කළගෙඩි වේලේ - කාන්තාවන් එකතුවන තැන වැඩක් නොකෙරෙන බව

  3. ගොරවන තරමට වහිනනේ නෑළු - කියන තරමටම වැඩක් නොකෙරෙන බව

  4. කිරෙන් බැද්දත් තිත්ත තිබබටු තිත්තමයි - කොපමණ යහපත් දේ කළත් දුදනාා වෙනස් කළ නොහැකි බව

  5. කිරි පොවා සර්පයෙකු ඇති කළා වගේ - නරක ගති ඇති අයෙකුට උපකාරයක් කළත් අයහපත්ක්ම සිදුවන බව

  6. කෑ මකුණත් එඑකයි නොකෑ මකුණත් එකයි - වැරදි කරුවන් හා නිවැරදි කරුවන් යන දෙදෙනාම සමානව සැලකීම

  7. තිසා වැවේ සොරෙව්ව කැඩුවා වගේ - යමක් ඉතාමත් වේගයෙන් පැමිණීම පිළිබඳ කියවේ

  8. තනි ගහ උයනක් වෙනනේ නැතිලු - තනි පුද්ගලයා කණ්ඩායමක් නොවන බව

  9. නිතර දෙවේලේ දකින කුකුළාගේ කරමල සුදුලු - නිතරම දකින දෙයක අගය අඩු බව 

  10. දවල් තරු පෙනුනා වගේ - බලවත් වරදක් සිදුවීම 

  11. දැලි පිහියෙන් කරවිල කැපුවා වගේ - හොඳ දෙයක් පහත් කාර්යයකට යෙදවීම

  12. වැදි බණ වගේ - තමන් වැරදි කරමින් අනුන්ට අවවාද කිරීම
  13. පුස්ස බින්දා වගේ - ගත් උත්සාහයකින් කිසිම ඵල ප්‍රයෝජනයක් නොලැබීම 

  14. බඩේ බිජු තියාගෙන කතා කරනවා - හිතේ එක දෙයක් තියාගෙන කියද්දී වෙනත් දෙයක් කීම

  15. තැල්ල බඳිනන බෙල්ල හෙව්වා වගේ - තද අමතක වීමක් සම්බන්දයෙන් යෙදේ 

  16. දවස පුරා දිය ඇඳ කළය බින්දා වගේ - හොඳ වැඩක් කර අන්තිමේදීී එහි වටිනාකම අහෝ්සිවන අන්දමේ දෙයක් කිරීම

  17. දියෙන් උපන් ලුණු දියෙන් නැසෙන්නාසේ - තමන් විිසින් උපයා ගත් ධනය තමා විසින්ම විනාශ කරගැනීම 

  18. දාහට රන් සීයට දුන්නා වගේ - පාඩු සහිත වෙළදාමක් ගැන කියවේ

  19. වඳුරු කිඹුලාට මඟුල් ජෝඩු කළා වගේ් - යමෙක් දැඩි ලෙස මුලාවට පත්කිරීම

  20. වැද්දෝ ගෙවල් හදන්නා වගේ -  කියනවා මිස නොකෙරෙන වැඩක් සම්බන්ධයෙන් කියවේ 

  21. ලෙඩ කපුටා වැල කනවා වගේ - වැඩක් කිරීමට කාලයක් ගතවීම

  22. වැලි මිරිකා තෙල් ගන්නට උත්සාහ කළා වගේ් - නිෂ්ඵල උත්සාහයක් යෙදීම
  23. වැඩිසේනේ දෙබරටයි - උවමනාවට වඩා හිතවත් වීම රණ්ඩුවට හේතුවන බව

  24. ළිඳේ සිටින මැඩියා වගේ - සුළු දැනුමක් ඇති තැනැත්තා

  25. බල්ලගේ වැඩේ බූරුවා කළා වගේ - අනුන්ගේ වැඩක් කර අමාරුවේ වැටීම

  26. අටුව කඩා පුටුව හැදුවා වගේ - වටිනා දෙයක් විනාශ කර අඩු වටිනා කමක් ඇති දෙයක් සෑදීම   
  27. රුපියල් අස්සේ අලුක්කාල් ගහන්න යනවා වගේ් - ලොක්කන්ගේ වැඩ  විශාල අතරට ගොස් පොඩි අය සුළු වැඩකිරීමට යාම

  28. රෙද්දේ් පමණට කබාය කපනු - පමණ දැනගෙන කටයුතු කළයුතු බව

  29. තෝන් ලණුව දාගත්තා වගේ - මාට අවශ්‍ය පරිදි වැඩ ගැනීම පිණිස අපායක් යෙදීම

  30. මඩේ හිටවූ ඉන්න වගේ - ස්ථීර ප්‍රතිපත්තියක් නොමැතිි

  31. රෝස මලෙත් නටුවේ කටුලු - යහපත් දෙයක පවා අයහපතක් ඇති බව 

  32. සොයන්නාට සම්බවේ - යමක් ගැන සොයන්නාට කවදා හෝ ඒ පිළිබඳසොයාගත හැකිවන බව
  33. හොර බල්ලන්ට පොල් බෑයෙන් ගැහුවා වගේ - මෝඩ දඬුමක් දීම

  34. හනුමා දර පලනවා වගේ - පිළිවෙළක් නැති වැඩක් කිරීම

  35. යොත් මැරිල්ලක් - අසාධාරණ ගනුදෙනුවක් 
  36. දෙයියන්ගේ හාල් කැවිලා වගේ - හොඳක් නොවන ක්‍රියාවක් කිරිම නිසා සිහිය විකල් වීම

  37. ලිප් ගල් දෙකෙන් ලිප බැන්දා වගේ - බයානක වැඩක් කිරීම
  38. දුවන්නා වාලේ කෙට එළදෙන දිව්වා වගේ - කරන්නා වාලේ වැඩක් කිරීම

  39. නටන්න බැරි මිනිහට පොළව ඇඳයිලු - තමාගේ් බැරිකම නොකියා තම අදක්ෂතාවන් වසා ගැනීමට කටයුතු කිරීම

  40. ඉඟුරු දී මිරිස් ගත්තා වගේ - තේරුමක් නැති වැඩක් කිරීම