ප්‍රායෝගික ලේඛන ජීවිතයේ විවිධ අවශ්‍යතා සඳහා ප්‍රයෝජනවත් වේ. ඒවා අතරට ආරාධනා පත්‍ර, සුබ පැතුම්, පණිවිඩ, ලිපි, දැන්වීම්, වාර්තා, අත්පත්‍රිකා, න්‍යාය පත්‍ර ආදිය ඇතුළත් වේ.
නව තාක්ෂණික ක්‍රමවේදයන්හි දියුණුවත් සමග අප භාවිත කරන ප්‍රායෝගික ලේඛන විෂයයෙහි ද යම් යම් වෙනස්කම් දක්නා ලැබේ. එක් එක් ලේඛනයට අදාළ වන සම්මත ආකෘති අනුගමනය කිරීමත් අක්ෂර වින්‍යාසය නිවැරදි වීමත් විරාම ලක්ෂණ නිවැරදිව භාවිත කිරීමත් නිවැරදි ලේඛන ව්‍යවහාරය අනුගමනය කිරීමත් ප්‍රායෝගික ලේඛනවල අදහස නිරවුල්ව ප්‍රකාශ වීමට හේතු වේ. ව්‍යාපාරික ලිපි, ආරාධනා පත්‍ර හා ආකෘති පත්‍ර සම්පූර්ණ කිරීම කෙරෙහි ඔබේ අවධානය මේ පාඩමේ දී යොමු කෙරෙයි.
ව්‍යාපාරික ලිපි
පාසල් ජීවිතයේ දී ලිපි හෙවත් ලියුම් ලිවීමට ලබන හුරුව පාසලින් බැහැර සමාජයේ දී ද බෙහෙවින් අවශ්‍ය වන ප්‍රායෝගික ක්‍රියාකාරකමකි. යම් තොරතුරක් දැන ගැනීම හෝ යම් තොරතුරක් දැන්වීම ලිපි ලිවීමේ අරමුණ ය. ලිපි ක්‍රමානුකූලව හා පැහැදිලිව ඉදිරිපත් කළ යුතු අතර, ලැබෙන ලිපිවලට ඉක්මනින් පිළිතුරු ලිවීම ද උසස් ගුණාංගයක් වෙයි.
විවිධ ව්‍යාපාරික අවශ්‍යතා වෙනුවෙන් හුවමාරු වන ලිපි ව්‍යාපාරික ලිපි ය. ව්‍යාපාරික ලිපියක ආකෘතිය රාජකාරි ලිපි ආකෘතියට ඛෙහෙවින් සමාන ය. වර්තමානය වන විට මහජනතාවට භාණ්ඩ හා සේවා සපයන ආයතන රැසක් ඇත. එම ආයතන සමග ලිපි ගනුදෙනු කිරීමේ දී තම අරමුණු කාර්යක්ෂමව ඉටු කර ගැනීම සඳහා පහත දැක්වෙන කරුණු පිළිබඳ සැලකිලිමත් වීම අවශ්‍ය වේ.
ව්‍යාපාරික ලිපි ලිවීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු.
ව්‍යාපාරික ලිපියක ආකෘතිය, රාජකාරි ලිපි ආකෘතියට ඛෙහෙවින් සමීප ය. එම ආකෘතික ලක්ෂණ මෙසේ පෙළ ගැස්විය හැකි ය:
ව්‍යාපාරික ලිපි ලිවීමේ නවීනතම ආකෘතියට අනුව ඉහත දක්වා ඇති එක් එක් ආකෘතිකාංගයට අදාළ කරුණු ලිපියේ වම් පස තීරුවේ පිළිවෙළින් එකක් යට එකක් වශයෙන් දක්වනු ලබේ.
පහත දැක්වෙන ව්‍යාපාරික ලිපිය ඇසුරෙන් එම ආකෘතික ලක්ෂණ හඳුනා ගන්න.
ආරාධනා පත්‍ර
යම් යම් කරුණු අරබයා අන්‍යයන් වෙත ඇරයුම් කිරීම සඳහා ආරාධනා පත්‍ර භාවිත වේ. පවුලේ කටයුතු, ආයතනික කටයුතු, සමාජීය කටයුතු, පුද්ගල හා සංවිධාන කටයුතු සඳහා සමාජයේ හුවමාරු වන ආරාධනා පත්‍ර කොතෙකුත් ඇත.
ක්‍රීඩා උත්සව, ත්‍යාග හා සහතික ප්‍රදානෝත්සව, මංගල උත්සව, ආගමික උත්සව, ගෙවැදීමේ උත්සව, විවෘත කිරීමේ උත්සව, පොත් දොරට වැඩීමේ උත්සව, සමරු උත්සව, අවමංගල්‍යෝත්සව ආදිය එබඳු ගෘහමය හා සමාජීය උත්සව අවස්ථා ය.
ආරාධනා පත්‍රයක් සකස් කිරීමේ දී
පැහැදිලිව ඇතුළත් විය යුතු වෙයි. එමෙන් ම ඇරයුම කරන්නාගේ නම හා ලිපි යොමුව සමග ආරාධනය කරන දිනය ද ආරාධනා පත්‍රයක සඳහන් කිරීම අවශ්‍ය වේ. ආරාධනය සඳහා වන අවස්ථාවට ආරාධිත අමුත්තකු හෝ අමුත්තන් සම්බන්ධ වේ නම් ඔවුන්ගේ නම් ද මංගල්‍ය උත්සවයක් නම් නැකැත් සිරිත් පිළිබඳ වේලාවන් ද දැක්විය යුතු ය. ඇතැම් සමරු උත්සව, පොත් දොරට වැඩීමේ උත්සව ආදිය සඳහා වන ආරාධනා පත්‍රවල උත්සවයේ වැඩසටහන අන්තර්ගත න්‍යාය පත්‍රය ද ඇතුළත්ව තිබෙනු දැකිය හැකි ය.
දිනෙන් දින වේගයෙන් දියුණු වන මුද්‍රණ හා පරිගණක ශිල්පීය ක්‍රම භාවිතයෙන් සිත් ගන්නා ලෙස සැකසුණු විවිධාකාර ආරාධනා පත්‍ර සමාජයේ දැකිය හැකි ය. විවිධ හැඩතල උපයෝගි කර ගත්ත ද අනවශ්‍ය කරුණු බැහැර කොට අවශ්‍ය කරුණු ඉස්මතු වන සේ ආරාධනා පත්‍රයක් නිවැරදිව, පැහැදිලිව හා සංක්ෂිප්තව සකස් විය යුතු ය.
ආකෘති පත්‍ර
ජීවිතයේ විවිධ අවස්ථාවල නොයෙක් අවශ්‍යතා සඳහා ආකෘති පත්‍ර පිරවීමට සිදු වෙයි. ආකෘති පත්‍ර නිවැරදිව සම්පූර්ණ නොකිරීම ඒවා ප්‍රතික්ෂේප වීමට හේතු වෙයි. එයින් ඉල්ලූම් කරන්නාට තම අරමුණු ඉටු නොවීමෙන් විවිධ අපහසුතාවන්ට මුහුණ දීමට සිදු වෙයි. ආකෘති පත්‍රයක් සම්පූර්ණ කිරීමේ දී පහත දැක්වෙන කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතු ය.
ආකෘති පත්‍රය සම්පූර්ණ කිරීම සඳහා දී ඇති උපදෙස් හා ආකෘති පත්‍රයෙහි සඳහන් කරුණු හොඳින් කියවා තේරුම් ගන්න.
ආකෘති පත්‍රයේ දක්වා ඇති උපදෙස් පරිදි නම ලියන්න.
අදාළ තැන්හි ලිපිනය සඳහන් කරන්න.
සඳහන් කළ යුතු කරුණු සංක්ෂිප්තව දක්වන්න.
සත්‍ය හා නිවැරදි තොරතුරු පමණක් ඇතුළත් කරන්න.
හුරුපුරුදු අත්සන ද දිනය ද අදාළ තැන යොදන්න.
කාර්යාලයීය ප්‍රයෝජනය සඳහා ඇති තැන් සම්පූර්ණ කිරීමෙන් වළකින්න.
බොහෝ ආකෘති පත්‍ර සකස් වී ඇත්තේ එක් එක් කරුණට අදාළ තොරතුරු ලියා දැක්වීමට හිස් තීරු යෙදීමෙනි.
නූතන පරිගණක තාක්ෂණය නිසා ඉල්ලූම්පත් තෝරා ගැනීම, තොරතුරු එකලස් කිරීම හා විශ්ලේෂණය කිරීම කාර්යක්ෂම වී තිබේ. ඒ නිසා පරිගණක කාර්යයන්ට අදාළ වන පරිදි ඉල්ලූම්පත්‍රවල ආකෘතියෙහි ද යම් යම් වෙනස්කම් සිදු වී ඇත. එබඳු ආකෘති පත්‍රයක කොටසක් පහත දැක්වේ.
මෙබඳු ආකෘති සම්පූර්ණ කිරීමේ දී එක කොටුවක එක අකුරක් හෝ අංකයක් හෝ පමණක් යෙදිය යුතු ය.
ඇතැම් විට දෙන ලද උපදෙස් අනුව ආකෘති පත්‍රයක් තමාට ම පිළියෙල කර ගැනීමට සිදු වේ. සඳහන් කළ යුතු කරුණු ක්‍රමානුකූලව ඉදිරිපත් කළ හැකි වන සේ ආකෘති පත්‍රය සකස් කොට ඉල්ලූම්කරු සිය ජීවදත්ත ඇසුරෙන් එය සම්පූර්ණ කළ යුතු ය.
විවිධ පාඨමාලා, රැකියා, විභාග හා තරග ආදිය සඳහා සම්පූර්ණ කළ යුතු විස්තරාත්මක ආකෘති පත්‍ර මෙන් ම එදිනෙදා සමාජ ජීවිතයේ දී අවශ්‍ය වන ආකෘති පත්‍ර ද රැසකි.
පහත දැක්වෙන්නේ බැංකු කටයුතුවල දී ගනුදෙනුකරුවන් විසින් සම්පූර්ණ කළ යුතු ආකෘතියකි.
කාලයක් මුළුල්ලේ අපේ රටේ පැවැති විදුලි පණිවිඩ සේවාව වර්තමානය වන විට අභාවයට ගොසිනි. ඒ වෙනුවට ටෙලිමේල් පණිවිඩ සේවාව පැමිණ තිබේ. පහත දැක්වෙන්නේ ඒ හා සම්බන්ධ ආකෘතියකි.