සාහිත්‍යය යනු භාෂාව මාධ්‍ය කොට ගෙන හැඟීම් ප්‍රබලාකාරයෙන් දැනවීම සඳහා මානවයා ගොඩනගා ගත් මාර්ගයකි. ගද්‍ය, පද්‍ය හා චම්පු යනුවෙන් සාහිත්‍යයේ ප්‍රධාන ප්‍රභේද තුනකි. පද්‍යය යනු තාලානුකූලභාවයෙන් යුක්ත වන සේ කරන ලද පද සංයෝජනයකි. සිංහල පද්‍යයට, සිංහල භාෂාවේ ඉතිහාසය තරමට ම දිගු ඉතිහාසයක් පවතී. සිංහල පද්‍ය නිර්මාණයට බොහෝ විට වස්තු වූයේ බුදු සිරිත හෝ බෝසත් සිරිත ය. මෙය පැරණි කවීන් අතර සම්මුතියක් බඳු විය. සම්භාව්‍ය සිංහල සාහිත්‍යය, පාලි හා සංස්කෘත මෙන් ම දෙමළ සාහිත්‍යය ද ඇසුරෙන් සකස් වූවකි. සහජ කවිත්වයත් පෘථුල සංස්කෘතික විඥානයත් සහිතව සම්භාව්‍ය සාහිත්‍යයෙන් බැහැර වූ සාහිත්‍ය ධාරාවක් ද පැතිර ආවේ ය. 'වෙස්සන්තර ජාතක කාව්‍යය' ඒ ධාරාවේ මුල් පෙළේ කෘතියකි. මේ පාඩමට ඇතුළත් වන්නේ එයින් උපුටා ගත් කවි කිහිපයකි.
සිය පිරිවර රටතොට හැම වස්තුව නැති නි ම්මා
එද ලොබ හැර ඔබ සමගින් තපසට ආවෙ ම්මා
තුරු පිරිවර පුන්සඳ මෙන් වන මැද උන්නෙ ම්මා
වෙසතුරු පිය රජුනි ඔබට බාර යි අපෙ අ ම්මා
ආදා සිට හිමයේ අපි සමගිව ඉඳ නි තිනේ
රෑ දා වල් වත් පිළිවෙත් කළදැයි සම සි තිනේ
ආ දා රෙක් ඔබ මිස නැත අම්මා හට ඉ තිනේ
බා දා නො ව ඔබ බුදු වන් අප දන් දුන් පි නිනේ
ලප සේ සඳ විලසේ දවසක් වෙන්නූවෙ ම්මා
එප සේ බුදු කෙනෙකුන් මෙන් රැකිදැයි නිතියෙ ම්මා
සැප සේ අප දන් දුන්නෙත් වැදුවෙන් වද අ ම්මා
අප සේ පිය රජුනි දනට නො දෙන්නෙ අපෙ අ ම්මා
වදා වඩා රස කිරි දී ඇති කළදැයි පෙමි නේ
අඬා විඩා හැර පලවැල ගෙන දුන්දැයි නිති නේ
වඩා මෙඅප වංගගිරිය ආ අම්මා සඳි නේ
වඩා සදෙව් ලොව සැප විඳ නිවන් දකින් සොඳි නේ
පෙම්මා සුරතල් කියමින් දෙතනේ කිරි බො ම්මා
වම්මා කඳුළැලි ඉස ඉස ඇවිදින්දැයි අ ම්මා
අම්මා අප නොදැක ඉතින් කෙලෙසක වෑවෙ ම්මා
සම්මා සම්බුදු වෙනදා නිවන් දකින් අ ම්මා
සැට දහසක් රජුන් මැදේ ඉපිද සොඳේ අ ම්මා
රට දහසක් වල බැලූවත් නුඹ සේ නුදුටි ම්මා
කට දහසක් ඇතුව කිවත් නුඹෙ ගුණ නැත නි ම්මා
වට දහසක් ගව් හිමයේ ගිය දෝ අපෙ අ ම්මා
දුක් විඳ දසමස උසුලා වැදුදැයි අපෙ අම්මා
අඳුන් තෙලින් නිති සරසා ඇති කළ දැයි අම්මා
රස පලවැල නෙලා දිදී රස්සා කළ අම්මා
සතර අපාවල නො ඉපද නිවන් දකින් අම්මා
ගසක දොඩම් මදෙයි කියා කෑ දැයි අපෙ අම්මා
අහස තරුත් මදෙයි සිතා විලි ලු දැයි අම්මා
මුහුදු දියත් මදෙයි සිතා රසකිරි දුන් අම්මා
සතර අපායේ නො වැටී නිවන් දකින් අම්මා
සමානාර්ථ පද සහ විරුද්ධාර්ථ පද
සමානාර්ථ පද
ඕනෑ ම භාෂාවක එක් පදයකට සමාන තේරුම් ඇති වෙනත් පද රාශියක් තිබිය හැකි ය. ඒවා සමානාර්ථ පද හෙවත් පර්යාය පද ලෙස හැඳින්විය හැකි ය. සිංහල භාෂාව ද මෙබඳු සමානාර්ථ පදවලින් නොඅඩුව පෝෂණය වී ඇත.
විරුද්ධාර්ථ පද
යම් කිසි පදයකට විරුද්ධ අර්ථයක් දෙන පදය විරුද්ධාර්ථ පද ලෙස හැඳින්වෙයි.
විරුද්ධාර්ථ පද සෑදෙන ප්‍රධාන ආකාර 03ක් හඳුනා ගත හැකි ය.
1. නාම පදයකට හෝ ක්‍රියා පදයකට ඉදිරියෙන් "නො" නිපාත පදය යෙදීමෙන්
උදාහරණ:-
හැකි - නොහැකි
කියන - නොකියන
තෙමා - නොතෙමා
සඟවා - නොසඟවා
දුටු - නොදුටු
2. නාම පදයකට හෝ ක්‍රියා පදයකට ඉදිරියෙන් උපසර්ග පද යෙදීමෙන්
(අ, අව, නි, නු, නිර්, නිශ්/නිෂ්, දු, දුර්, දුශ්/දුෂ්, වි, කු ආදි උපසර්ග)
උදාහරණ:-
3. අන්‍ය පදයක් ඒ සඳහා භාවිත කිරීමෙන්
උදාහරණ:-
එළිය - අඳුර කළු - සුදු
අලූත් - පැරණි