අනුරාධපුර යුගයේ ඓතිහාසික ස්ථාන 3
කුට්ටම් පොකුණ
අභයගිරි භික්ෂූන් වහන්සේලාට ජලස්නානය කිරීම සඳහා මෙම කුට්ටම් පොකුණ කරන ලදී. අනුරාධපුර යුගයට අයත් වන ශේෂ්ඨ නිර්මාණයක් වූ මෙය හැරුණු විට එකල පුරාණ නගරයේ තැනින් තැන ඉදි කෙට තිබූ පොකුණු විශාල ප්රමාණයක් තිබූ බව පුරා විද්යාඥයින්ගේ අදහසයි. මේ ආකායට පිළිසකර කරනු ලැබූ තවත් පොකුණක් ලෙස ඇත් පොකුණ සඳහන් කිරීමට පුලූවන. එය කුට්ටම් පොකුණ තරම් කලාත්මක නොවූවත් බැලූ බැල්මට එයත් දැවැන්ත කර්මාන්තයක් ලෙස සැලකීමට හැකිය. එහි එම විශාලත්වය නිසා එයට ඇත් පොකුණ යන නම ලැබුණු බව පොත පතෙහි සඳහන් වේ. මෙම පොකුණූ දෙක මෝස්තර අතිනුත් වෙනස්කම් පෙන්නුම් කෙරේ. ප්රමාණයෙන් හා මෝස්තරයෙන් එකිනෙකට වෙනස් වූ පොකුණු දෙකක් එකට යාබදව පිහිටීම නිසා මෙය කුට්ටම් පොකුණ යැයි නම් කර බව පරණවිතාන මහතා පෙනුම් කර දේ. ශෛලම නිර්මාණයක් වන අතර ක්රමවත්ව එක මත එක ගල් අතුරා කර ඇත. පහළට බැසීමට ඇති පඩිපෙළ දෙපස ඇති කැටයම පොකුණු දෙකෙහි දෙ ආකාරයකි. එකක කොරවක් ගලෙහි හැඩය ගෙන නිම කර ඇති අතර අනෙකෙහි සීඝ්ර බෑවුමක් සහිත අත් වැලක් නිර්මාණය කර ඇත. සෑම පියගැට පෙළක් මස්තකයේම ඉතා දැකුම් ක‘ ලෙස සකස් කෙරුණු පුන්කලස් කොවක්ගල් වලට ඉහළින් කැටයම් කර ඇත. මෙම පුන්කලස් වලත් සුවිශේෂත්වයක් ඇත පුන්කලස් තුලින් පිටතට ඉහිරුණු මල් පොහොට්ටු මෙහි කැටයම් කර තිබේ. උතුරු පොකුණ ලෙස සැලකෙන ප්රමාණයෙන් තරමක් කුඩා පොකුණේ දිග අඩි 92 වන අතර එහි පෙන 5 ක නාගයා සහිත මුරගලක් ද දක්නට ඇත. දකුණු පොකුණ අඩි 132 පමණ වන බව සඳහන් වේ. මෙම පොකුණු දෙකෙහිම ගැඹුර අඩි 17 ක් වේ. පොකුණු දෙක අතර පරතරය අඩි 18 වන අතර පොකුණු දෙක වටා ඇති ඔපමට්ටම් කළ ගලින් නිම වූ මිටි තාප්පය එහි ආරක්ෂාවටයි. මෙම පොකුණු වල තිබෙන හැඩය ආයත චතුරස්රාකාර ලෙස හඳුන්වන හැඩයයි. මේ පොකුණු සෑදීමට බදාම භාවිතා කර නොමැත. සිංහල ගල් වඩුවා සතුව තිබූ හැඩතල කලමණාකරණය හා මාන විධ්යාව පිළිබඳ පැහැදිලි දැනුමක් තිබූ බව පැහැදිලි වන කරුණකි. පොකුණු මිදුලට බැසීම සඳහා භාවිතා කරන පිය ගැට පේලි 5 ක් ඇති අතර ඉන් 4 කම අනුරාධපුර යුගයේ පිය ගැට පෙළෙක ඇති ගාම්භීරත්වය මනාව පැහැදිලි කෙරේ.
අභයගිරි විහාර භූමියට ඇඳ වැටෙන ජලය භූගත නළ පද්ධතියක් හරහා ජල පෙරණයකින් පෙරී පොකුණට එකතු වේ. අපවිත්ර වන ජලය පොකුණෙන් ඉවත් කිරීම සඳහා භූගත නළ පද්ධතියක් ක්රියාත්මක වී ඇති බව පිළිගෙන ඇත . පොකුණු මිදුලට බසින ප්රධාන ප්රාකාරයේ සිට සකල නිර්මාණයම කළුගලින් නිම කිරීම ශිල්පියාගේ ප්රතිභාව මැනවින් නිරූපණය කරයි. මින් දිස් වන්නේ රාජකීය මුහුණුවරක් නොව ආගමික මුහුණුවරක් වීම අගය කළ යුතුය.
වෛජයන්ත ප්රාසාදය
(පොළොන්නරුවේ ඓතිහාසික ස්ථානයකි.)
මහා පරාක්රමභාහු රජු ස්වකීය රජ මාළිගය වෛජයන්ත ප්රාසාදය ලෙසින් නම් කළේ ඉන්ද්ර දෙවියන්ගේ ප්රාසාදයෙහි නාමයට අනුවය. ප්රකාර දොරටුවෙන් ඇතුළු වූ කළ මෙම ගඩොලින් කරන ලද බිත්ති සහිත ප්රාසාදයේ නටබුන් දැක ගත හැකිය. චූල වංශයට අනුව මෙය සත් මහල් ප්රාසාදයකි. දැනට ඉතිරිව ඇත්තේ මහල් 3 ක අවශේෂයන් පමණි. ඉහළට නැඟීම සඳහා ශෛලමය සෝපාන පන්තියක් තිබූ අතර එය අද දක්වාම දැක ගැනීමට තිබේ. ගඩොල් බිත්තියක් අඩි 30 ක් පමණ උසය. මෙම බිත්ති වල සවි කරන ලද බාල්ක මත ඉහළ මහල් තනා තිබෙන්නට ඇතැයි විශ්වාස කළ හැකිය. මන්දිරයේ මැද චතුරස්රාකාර කොටසට සීමාවන බිත්ති සතර වඩාත් ඝනකම බව පෙනේ. ගොඩනැඟිල්ලේ ප්රධාන දොරටුව ඉදිකොට ඇත්තේ නැගෙනහිරට මුහුණ දෙන ආකාරයටයි.
ප්රධාන දෙරටුවෙන් ඇතුල් වෙන අයෙකු පළමුව පිවිසෙන්නේ විශාල ශාලාවකටය. රජතුමා විශේෂ අමුත්තන් මුණ ගැසීම, සාකච්ඡා පැවැත්වීම ආදිය සඳහා ශාලාව භාවිතා කරන්නට ඇතැයි සිතා ගත හැකිය. මන්දිරයේ පාදම සවිමත් ගල් වලින් සැකසී ඇති අතර අත්තිවාරමේ බොරදම් හා අලංකාර කැටයම් දැක ගත හැකිය. අත්තිවාරම මත ආවාට දක්නට ඇති අතර ඒවා වහළය දරා සිටි කණූ සිට වූ එවා විය හැකිය. ප්රධාන ගොඩනැඟිල්ල වටා කුඩා කාමර පේලියකි. ඒවා සේවකයන්ගේ හා ආරක්ෂකයන්ගේ සේවා ස්ථාන විය යුතුය.
චූල වංශයට අනුව වෛජ්යන්ත මාලිගය කාමර 1000 කින් සමන්විතය. 1000 ගණන් කුලූණු විසිතුරු කැටයමෙන් යුක්ත විය. දොර ජනේල මාලා කර්ම හා ලතා කර්මයෙන් විසිතුරු විය. ගබඩා වල තිබූ සයනයන් රන් මුවා ඇතිරියෙන් අලංකාර විය.
මන්දිරයට යාබදව තවත් ගෘහයන් කිහිපයක් විය. ඒවා බමුණන්ට ශාන්තිකර්ම කිරීම සඳහාද ජාතක කථා කියවීම සඳහාද (ධාරණී ගෘහය) පිරිත් නූල් බැදීම සඳහාද (පංචසප්තකී) වෙන් කොට තිබුණි. සංගීත ශ්රවනය සඳහාද නෟත්ය දර්ශනය කිරීම සඳහා “සරස්වතී’’ නම් වූ තවත් ගෘහයක් තිබූ බව චූල වංශයේ සඳහන්ය. පරාක්රමබාහු රජතුමා පඩුවස් නුවරද මැඳුරක් ඉදිකරවා ඇති අතර එය හා මෙම මැදුර අතර අති සමාන කම් බොහෝය.