ආහාර යනු මිනිසාගේ මූලික අවශ්‍යතාවයකින් එකකි. ඕනැම ආහාරයක, වයනය, සගන්ධය, වර්ණය ආරක්ෂා වී ඇත්නම් එවැනි ආහාරයකට බොහෝ දෙනා ප්‍රියමනාප වේ.මෙම ආහාර රසව්ත් වීම උදෙසා බලපවත්වන්නා වූ කරුණක් ලෙස පිසීම සදහා භාවිත කරන ක්‍රම හැදින්විය හැකිය. එනම් ආහාර පිසීම යනු තාපයට භාජනය කර අනුභවයට උචිත ලෙස ආහාරයේ තද ගතිය, රළු බව ආදි ලක්ෂණයන්හි කිසියම් වෙනසක් ඇතිකර ගැනීමයි. ආහාර පිසීම මගින් බොහෝ වාසි අත්කර ගත හැකිවනවා සේම ඇතැම් විට අවාසිද ඇති විය හැකිය.
ආහාර පිසීම මගින් ඇතිවන වාසි මෙසේය.
එමෙන් ආහාර පිසීම නිසා ඇතැමි විට අවාසිද ඇතිවිය හැකිය. එනම් පිසීමීදී තාපයට ලක් කරන බැවින් ඇතැම් ආහාර වල පෝෂක කොටස් විනාශ විය හැකිය. මේ නිසා හැකි සෑම විටම අමුවෙන් ගත හැකි ආහර අමුවෙන් පිළියෙල කරගත යුතුය. උදාහරණයක් ලෙස පලතුරු සලාද සහ ගොටුකොළ වැනි පලා වර්ග අමුවෙන් සකසා ගැනීම.
පිසීමේදී ක්‍රම 3කින් තාපය ආහාර වෙත සංක්‍රමණය වේ.
ආහාර පිසීමේ ක්‍රම ප්‍රධාන වශයෙන් 3කි.
1.තෙත් තාපයෙන් පිසීම
තෙත් තාපයෙන් පිසීම යනු ද්‍රව මාධ්‍ය භාවිත කර පිසගන්නා ක්රමයකි. එහිදී ප්රමුඛ වශයෙන් ජලය යොදා ගන්නා අතර ජලය 212°f ක හෝ 100°c උෂ්ණත්වයකට පත් කිරීමෙන් ආහාර පිස ගනී. තෙත් තාපයෙන් පිසීමද් ප්‍රධාන කොටස් 3කට අයත් වේ එනම්,
ද්‍රව මාධ්‍යයෙන් පිසීම.
වාෂ්පයෙන් පිසීම - පිට්ටු වර්ග, හැලප ඉදි ආප්ප, පුඩිම් ආදී ආහාර වාෂ්පයේ පිසින අතර මේමගින් පිසීමේදී ආහාරයේ පෝෂණය ගුණය රැක ගත හැකිය.
ස්ටු කිරීම - ස්ටු කිරීම යනු ජලය නටන උෂ්ණත්වයට වඩා මදක් අඩු උෂ්ණත්වකය අඩු දියර ප්‍රමාණයක් යොදමින් දිගු වේලාවක් පිස ගැනීමය.
2.වියළි තාපයෙන් පිසීම
කිසිදු ද්‍රව මාධ්‍යයක් භාවිත නොකර වියළි තාපය පමණක් භාවිත කරමින් තාපය සදහා දර, භූමිතෙල්, විදුලිය, ගෑස් සහ කිරණ යොදා ගනිමින් ආහාර පිස ගනා ක්‍රමය මෙය වේ.මෙහිදී විවිධ වූ උෂ්ණත්වයන් යටතේ ආහාර සකස් කරගනී.
3.රත් වූ මේදයේ පිසීම.
රත් වූ මේදයේ පිසීමේදී මේදය තාපයට ලක් කර ආහාර පිස ගැනීම සිදු කරයි. ඒ සදහා සුදුසු මෙවලම් භාවිත කල යුතු අතර තෙල් මගින් ආහාර සැකසීමේදී අවධානය යොමු කල යුතු කරුණු කිහිපයක් ඇත.
- තෙල් රත් වීමේදී නිල් පැහැ දුමක් නගීනම් ආහාර බැද ගැනීමට සුදුසු අවස්ථාව වේ.
- තෙල් අධික ලෙස රත් නොකල යුතු අතර එහිදී අහාර පිලිස්සීමට ලක් වී පෝෂණය, වයනයට, රසයට සහ පෙනුමට හානි සිදු වේ.
- ආහාර කැඩීම වැළකාලීම සදහා සුළු ප්රාමාණයක් යොදමින් බැද ගත යුතුය්.
- එක් වරක් භාවිත කළ තෙල් නැවත් භාවිත නොකල යුතු අතර ඒ තුලින් ශරීරයට අහිතකර පිලිකා කාරක සෛල ඇති වේ.
මේදයෙන් ආහාර පිසීම කොටස් හතරකට බෙදිය හැකිය.
1. ගැඹුරු තෙලේ පිසීම- කට්ලට්, කැවුම්, පපඩම්, වඩේ වැනි ආහාර
2.නොගැඹුරු තෙලේ පිසීම- කරවල, බටු, පරිප්පු වැනි ආහාර
3.තෙල් ආලේපයේ පිසීම - ආප්ප, පෑන් කේක්, ඔම්ලට් වැනි ආහාර
4.ආහාරයේ අඩංගු තෙලෙන් පිසීම - ඌරු මස්, බේකන්, ලිංගුස් වැනි ආහාර
කෙසේ වෙතත් නිතර තෙල් භාවිත කරමින් පිස ගැනීමේදී ශරීරය සෞඛ්‍යයට අයහපත් බව අවබෝධ කරගත යුතුය්.බොහෝ රෝග ගණනාවකට හේතුව මේදය අඩංගු ආහාර වීම ඊට හේතුවයි.
මේ තුලින් ආහාර පිසීම යනු කුමක්ද යන්න අවබෝධය ලැබෙනු ඇත.