ලංකාව, ඉන්දියාව වැනි ඉංග්‍රීසි යටත් විජිතයන්හි සේවය කළ ඉංග්‍රීසි උගතුන් මගින් ථෙරවාද බුදුසමය යුරෝපීය රටවලට ව්‍යාප්ත විය.
මේ ආකාරයට එංගලන්තය, ජර්මනිය, ඇමරිකාව, ප්‍රංශය, බ්‍රසීලය, ඉතාලිය, ස්විස්ටර්ලන්තය, ඩෙන්මාර්කය වැනි රටවල ථෙරවාද බුදුදහම ප්‍රචලිත විය.
ශ්‍රීමත් එඩ්වින් ආනෝල්ඩ් මහතාගේ "ආසියා ආලෝකය" නම් බුද්ධ චරිත කාව්‍ය ග්‍රන්ථය ඉංග්‍රීසි පාඨකයාගේ අවධානය බුදුදහම වෙත යොමු කරවනු ලැබීය.
ආනන්ද මෛත්‍රීය ස්වාමීන් වහන්සේ මුල්වරට එංගලන්තයේ ධර්ම ප්‍රචරණය ඇරඹීය.
බටහිර උගතුන් පාලි පොත පත කියවීමට උනන්දු වීමේ ප්‍රතිඵලයක් ලෙස එංගලන්තයේ පාලි පොත් සමාගම හා ලන්ඩන් බෞද්ධ සමාගම පිහිටුවන ලද්දේය.
බුදුදහම වැළඳගත් ප්‍රථම ඇමරිකානු ජාතිකයා හෙන්රි ස්ටීල් ඕල්කට් තුමන්ය.
අනගාරික ධර්මපාල තුමන් විසින් ඇමෙරිකාවේ ලෝක ආගමික සම්මේලනයේදී ථෙරවාද බුදුදහම පිළිබඳව කළ කතාව දහසක් දෙනාගේ අවධානය බුදුදහම වෙත යොමුකරවීමට සමත් විය.
ඇමෙරිකාවේ වොෂින්ටන් බෞද්ධ විහාරය ආරම්භ වීමත් සමග නිව්යෝක්, චිකාගෝ, ලොස්ඇන්ජලීස්, කොලරාඩෝ ආදී නගර වලද ථෙරවාද බෞද්ධ මධ්‍යස්ථාන බිහිවිය.
බ්‍රසීලයේ රියෝද ජැනායිරෝ නගරයේ ප්‍රථම ථෙරවාද බෞද්ධ විහාරය ආරම්භ වීමත් සමග බ්‍රසීලයේ ධර්ම ප්‍රචාරණය ඇරඹිණි.
අභ්‍යාස-
ශ්‍රේණි විභාගය 2014
1. ථෙරවාද බුදුසමය ව්‍යාප්ත වෙමින් පවතින අපරදිග රටවල් 5 ක් නම් කරන්න. (ල.5)
2. එංගලන්තයේ සහ ඇමරිකාවේ ථෙරවාද බුදුසමය ව්‍යාප්ත කිරීම උදෙසා අනගාරික ධර්මපාල තුමා කළ කාර්‍යභාරය සඳහන් කරන්න. (ල.5)