දෑතේ කරගැට සිඹ සනසන්නට...
|
-මහගම සේකර |
|
-1929-1976 |
|
-ගුරුවරයෙකි; ගුරු විද්‍යාල කථිකාචාර්යවරයෙකි; ගුවන් විදුලි ශිල්පියෙක්(මධූවන්ති ගුවන් විදුලි වැඩසටහන) මෙන්ම විශිෂ්ට පුවත්පත් කලාවේදියෙකි. |
|
-කාව්‍ය,ගීත,නාට්‍ය,නවකතා,කෙටිකතා,සිනමාව,චිත්‍ර කලාව මෙන්ම පුවත්පත් කලාව |
|
-නොමියෙමි,සක්වාලිහිණි,ප්‍රබුද්ධ,හෙට ඉරක් පායයි,මක්නිසා ද යත් |
|
-ගීත නාට්‍ය(ගායනයම භාව සූචනය කරගත්), ගීතාංග නාට්‍ය(ගිතය භාව සුචනය අංගයක් පමණක් කරගනිමින් ගද්‍ය සංවාද ද ඇතුලත් කල නාට්‍ය) |
|
-කුණ්ඩලකේශී,සද්දන්ත,හංස ගීතය |
|
-තුංමංහංදිය,මනෝමන්දිර,ධවල සේනාංක |
|
-තුංමංහංදිය |
|
-ඇසේ මතු වන කඳුළු බිඳුගෙන, පාළු අඳුරු නිල් අහස මමයි |
|
-අන්න බලන් සඳ, ඈත කඳුකර හිමව් අරණේ |
|
-සිංහල ගද්‍ය පද්‍ය නිර්මාණයන්හී රිද්ම ලක්ෂණ |
|
-ප්‍රබුද්ධ ("මහගම සේකරයන්ගේ නොපළ ගීත" කෘතියේ "ප්‍රාර්ථනා" නමින් මෙය පසුව පළ වී ඇත.) |
|
-ඩබ්ලිව්.ඩී අමරදේව |
|
-විමලා අමරදේව |
|
-අතීත ශ්‍රී විභූතිය,ජාතිකාභිමානය ,ශ්‍රමාභිමානය |
දෑතේ කරගැට සිඹ සනසන්නට
ළා ගොයමේ දළු පවන් සලයි
දහදිය මුතු ඇට මල් වරුසා වී
කරල් බරින් පීදි වැගිරෙයි
අඩ සඳ මෝරන මැදියම් අහසින්
බිලිදු හදට කිරි දියර ගලයි
හෙට ඉදිවන නවලෝකය දැක දැක
පුංචි පුතා හීනෙන් හිනැහෙයි
දහසක් වැව් බැඳී යෝධ මිනිස් කැල
යළි ඉපදී ඇති මව් දෙරණේ
සත් රුවනින් නව නිදහන් මතුවී
පුතුගෙ සිනාවෙනි ඔප වැටුණේ
දෑසේ කඳුළැලි පිසදා බලනෙමි
හෙට හිරු එළියට වඩින දිනේ
ණය නැති බිය නැති නිවහල් යුගයක
පුංචි පුතා රජ කරනු පෙනේ
මා ගත වෙහෙසට ආදරයෙන් දිය
උල්පත පාදන පුංචි පුතුන්
ඒ ගත වෙහෙස ම සතුටක් වෙයි මට
ඔබ සිහි වන විට පුංචි පුතුන්
දෙදහස් පන්සිය වසරක් තිස්සේ
මා දුටු සිහිනය පුංචි පුතුන්
ඔබ හට ලෝකය ඉදි කර දී මිස
යා නොහැකි ය මට පුංචි පුතුන්
රසවින්දනයට.......
මා ගත වෙහෙසට ආදරයෙන් දිය
උල්පත පාදන පුංචි පුතුන්
ඒ ගත වෙහෙස ම සතුටක් වෙයි මට
ඔබ සිහි වන විට පුංචි පුතුන්
අතීත ශ්‍රී විභූතිය හා ශ්‍රමාභිමානය මැනවින් ඉස්මතු කිරීම.
දහසක් වැව් බැඳී යෝධ මිනිස් කැල
යළි ඉපදී ඇති මව් දෙරණේ
සත් රුවනින් නව නිදහන් මතුවී
පුතුගෙ සිනාවෙනි ඔප වැටුණේ
දෑතේ කරගැට සිඹ සනසන්නට
ළා ගොයමේ දළු පවන් සලයි
දහදිය මුතු ඇට මල් වරුසා වී
කරල් බරින් පීදි වැගිරෙයි
දහසක් වැව් බැඳී යෝධ මිනිස් කැල
යළි ඉපදී ඇති මව් දෙරණේ
සත් රුවනින් නව නිදහන් මතුවී
පුතුගෙ සිනාවෙනි ඔප වැටුණේ
දෙදහස් පන්සිය වසරක් තිස්සේ
මා දුටු සිහිනය පුංචි පුතුන්
ඔබ හට ලෝකය ඉදි කර දී මිස
යා නොහැකි ය මට පුංචි පුතුන්
දෑසේ කඳුළැලි පිසදා බලනෙමි
හෙට හිරු එළියට වඩින දිනේ
ණය නැති බිය නැති නිවහල් යුගයක
පුංචි පුතා රජ කරනු පෙනේ
මා ගත වෙහෙසට ආදරයෙන් දිය
උල්පත පාදන පුංචි පුතුන්
ඒ ගත වෙහෙස ම සතුටක් වෙයි මට
ඔබ සිහි වන විට පුංචි පුතුන්