ආර්ථික විද්‍යා සාමාන්‍ය දැනීම ප්‍රශ්න 5 - 13-වසර ආර්ථික විද්‍යාව

ආර්ථික විද්‍යා සාමාන්‍ය දැනීම ප්‍රශ්න 5

ආර්ථික විද්‍යාව පිළිබද සාමාන්‍ය දැනීම් ප්‍රශ්න මාලාවක් ‌මෙම ලිපිය මගින් ඔබට සැපයේ.‌‌‌මෙය ඔබගේ ආර්ථික විද්‍යා දැනුම වැඩි කර ගැනීමටත්,කාලීන සාමාන්‍ය දැනුම වැඩි කර ගැනීමටත් ඉවහල් වන බව මාගේ විශ්වාසයයි. ආර්ථික විද්‍යාව පිළිබද සාමාන්‍ය දැනීම් ප්‍රශ්න 1 ‌කොටස මෙතැනින් කියවන්න.

 

සමිත් අල්විස් ආර්ථික විද්‍යාව

  1. ජන ඝණත්වය වර්ග කිලොමිටරයකට 100ට අඩු දිස්ත‍්‍රික්ක 2ක් නම් කරන්න

  2. ශ‍්‍රී ලංකා මහ බැංකුව පිහිටුවීමට පෙර ලංකාවේ මුදල් සැපයුම පාලනය කරන ලද්දේ කුමන ආයතනය විසින් ද?

  3. ශ‍්‍රී ලංකාවේ සිටි එක ම මුදල් ඇමතිවරිය කවුද?

  4. අර්ථ ශාස්ත‍්‍රය නැමැති ප‍්‍රකට ග‍්‍රන්ථයේ කතුවරයා කවුරුන් ද?

  5. භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි සදහා සහභාගී විය හැක්කේ කාට ද?

  6. දකුණු ආසියාතික නිදහස් වෙළෙද ප‍්‍රදේශයක් පිළිබද ගිවිසුම හැදින්වෙන කෙටි නම කුමක් ද?

  7. විධිමත් පෞද්ගලික අංශයේ අවම වැටුප් පරිමාණය තීරණය කරන්නේ කවුරුන් විසින් ද?

  8. ඒකක භාරයක (Unit Trust) ප‍්‍රධාන පාර්ශවකරුවන් වන්නේ කවුරුන් ද?

  9. ලංකා සෙට්ල් පද්ධතියේ ප‍්‍රධාන පද්ධති දෙක මොනවා ද?

  10. LDC යනුවෙන් පොදුවේ හැදින්වෙන්නේ කුමන රටවල් ද?

  11. ශ‍්‍රී ලංකාවේ උද්ධමනය මැනීම සදහා භාවිතා වන නිල මිල දර්ශකය කුමක් ද?

  12. දැනට ලංකාවේ කොටස් වෙළෙදපොළ මිල ම්ටට්ම මනින ප‍්‍රධාන දර්ශක දෙක මොනවා ද?

  13. උද්ධමනය සෑම ට විටෙක ම හා සෑම තැනකම මූල්‍ය සංසිද්ධියක් බව පැවසූ ආර්ථීක විද්‍යාඥයා කවු ද?

  14. ශ‍්‍රී ලංකාවේ වාණිජ බැංකුවල ප‍්‍රධාන ආදායම් මාර්ගය කුමක් ද?

  15. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සංචිත වත්කම් පවත්වාගෙන යනු ලබන මූල්‍ය ඒකකය හැදින්වෙන්නේ කුමන නමකින් ද?

  16. දේශීය වශයෙන් එක්සත් ජනපද ඩොලර්වලින් රජය ණය ලබා ගන්නා ණය උපකරණය කුමක් ද?

  17. විදේශ රැකියා නියුක්තිකයන්ගේ ලැබීම් ඇතුළත් වන්නේ ගෙවුම් තුලනයේ ජංගම ගිණුමේ කිනම් කොටසට ද?

  18. අනාගතයේ දී නිශ්චිත මිලකට සමාගමක කොටස් මිල දී ගැනීමේ අයිතිය ලබා දෙන ලියවිල්ල කුමක් ද?

  19. මුදල්වල අවශ්‍යතම කාර්යය වන්නේ කුමක් ද?

  20. 2013 වසරේ ආර්ථීක විද්‍යාව සම්බන්ධයෙන් නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබූ ආර්ථික විද්ඥයින් තිදෙනා කවුරුන් ද?

  21. දිගින් දිගටම මිල මට්ටමේ පහළ යැමක් හදුන්වන්නේ කෙසේ ද?

  22. ඉන්දියාවේ අගමැති ධූරයට දෙවතාවක් ම පත් වූ ඉන්දීය මහ බැංකුවේ හිටපු අධිපතිවරයා කවුරුන් ද?

  23. ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ප‍්‍රථම අධිපතිවරයා කවුරුන් ද?

  24. ආර්ථීක විද්‍යාවේ කේන්ද්‍රීය ප‍්‍රශ්නය ලෙස හිගකම පිළීබද ගැටලූව කෙරෙහි ප‍්‍රථම වරට අවධානය යොමු කළ ආර්ථීක විද්‍යාඥයා කවුරුන් ද?

  25. සාමාන්‍ය භාණ්ඩයක මිල හා එම භාණ්ඩයේ ඉල්ලූම් ප‍්‍රමාණය අතර ඇත්තේ කුමන සම්බන්ධයක් ද?

  26. මුදල් මණ්ඩලයේ සභාපතිවරයා වන්නේ කවුද?

  27. පූර්ණ තරගකාරී නිෂ්පාදන ආයතනයක් සතුව පූර්ණ නම්‍ය ඉල්ලූම් වක‍්‍රයක් පවති.මෙයින් අදහස් කරන්නෙ කුමක් ද?

  28. අර්වින් ෆිෂර්ගේ සමිකරණයට අනුව මූර්ත පොළී අනුපාතය දක්වා ඇත්තේ කෙසේ ද?

     

 

පිළිතුරු

  1. කිලිනොච්චි/ මුලතිව්/ මන්නාරම/ මොනරාගල/ වව්නියා

  2. ව්‍යවහාර මුදල් මණ්ඩල ක‍්‍රමය මගින්

  3. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මිය

  4. චානක්‍ය හෙවත් කෞටිල්‍ය

  5. ප‍්‍රාථමික අලෙවිකරුවන්ට

  6. සෆ්තා SAFTA south Asian free trade area

  7. පඩි පාලක සභාව විසින්

  8. අරමුදල් කළමණාකරන සමාගම් හෝ අරමුදල් කළමනාකරුවන්/ ඒකක භාරකරු/  ඒකක හිමියන්

  9. තත්කාලීන දළ පියවීම් පද්ධතිය හා ලංකා සෙක්‍යු

  10. ඌණ සංවර්ධිත රටවල්

  11. කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකය

  12. සියලූ කොටස් මිල දර්ශකය

  13. ස්ටෑන්ඩර්ඞ් ඇන්ඞ් පුවර්ස් ශ්‍රී ලංකා 20

  14. මිල්ටන් ෆ‍්‍රීඞ්මාන්

  15. පොලී ආදායම

  16. විශේෂ ගැනුම් හිමිකම

  17. ශ‍්‍රී ලංකා සංවර්ධන බැදුම්කර

  18. සංක‍්‍රාම ගිණූමට

  19. කොටස් බලපත‍්‍රය

  20. විනිමය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීම

  21. රොබට් ජේ ෂිලර්/ ඉයුජින් එෆ් ෆැමා/ ලාස් පීටටර් මහතාර් හැන්සන්

  22. අවධමනයක් ලෙස

  23. ජෝන් එක්ස්ටර් මහතා

  24. ලයනල් රොබින්ස්

  25. ප‍්‍රතිලෝම සම්බන්ධයක් (මිල අඩු වීමේ දී ඉල්ලූම වැඩි වේ. මිල වැඩි වීමේ දී ඉල්ලූම අඩු වේ)

  26. මහ බැංකුවේ අධිපති

  27. ආයතනය විසින් නිපදවනු ලබන කවර නිමැවුම් මට්ටමක දී වුවද භාණ්යේ මිල නොවෙනස් ව පවතින බවයි.

  28. නාමික පොලී අනුපාතයට උද්ධමනය ගැලපීමෙන් පසුව ඇතිවන පොලී අනුපාතය

 සමිත් අල්විස් ආර්ථික විද්‍යාව