ආර්ථික විද්‍යා සාමාන්‍ය දැනීම ප්‍රශ්න 6
- එක්තරා සංවර්ධිත රටක වර්තමාන ආර්ථික ප‍්‍රතිපත්තිය ”ඇබෙනොමික්ස්” යනුවෙන් ප‍්‍රසිද්ධියට පත් ව ඇත. එම රට කුමක් ද?
- රටට ලැබෙන විදේශ විනිමය ප‍්‍රමාණය ඉහළ යන විට පාවෙන විනිමය අනුපාත ක‍්‍රමය යටතේ විනිමය අනුපාතයට සිදු වන්නේ කුමක් ද?
- මූලික උද්ධමනය හදුන්වන තවත් නමක් සදහන් කරන්න
- ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය පිළිබද පූර්ණ බලතල ඇති ආයතනය කුමක් ද?
- ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ප‍්‍රථමයෙන් මුදල් නෝට්ටු කාණ්ඩයක් නිකුත් කළේ කුමන තේමාව යටතේ ද?
- ආර්ථිකයේ නිෂ්පාදිත සියලූ ම භාණ්ඩ හා සේවාවල මිල වෙනස්වීම මනිනු ලබන දර්ශකය කුමක් ද?
- ලෝකයේ ක්ෂුද්‍ර ණය යෝජනා ක‍්‍රමය හදුන්වා දීම සම්බන්ධයෙන් වඩාත් සම්භාවනාවට ලක් වී නොබෙල් සාම ත්‍යාගයෙන් පවා පිදුම් ලැබූ පුද්ගලයා කවුද?
- සැක කටයුතු මූල්‍ය ගනුදෙනුවලට අදාළ දත්ත රැස්කිරීම සදහා නීති රීති ඇළත් පනත කුමක් ද?
- විදේශීය ණය සේවාකරණයේ දී රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව සමග කටයුතු කරන රජයේ ප‍්‍රධාන දෙපාර්තමේන්තුව කුමක් ද?
- සුරැකුම්පත් හිමියෙකු ගේ ගනුදෙනුවක විස්තර මධ්‍යම තැන්පතු ක‍්‍රමයේ සටහන්වීමට කොපමණ කාලයක් ගත වේ ද?
- කොළඹ පාරිභෝගිකන්ගේ මිල දර්ශකයේ භාණ්ඩ පැසෙහි ආහාර හා බලශක්ති නොවන අයිතමවල මිල විචලනය මගින් මනිනු ලබන්නේ කුමන උද්ධමනයක් ද?
- රුපියල් අණකර නිෂ්කාශන ක‍්‍රමය මෙහෙයවනු ලබන්නේ කුමන ආයතනය විසින් ද?
- මහ බැංකුව සුරැකුම්පත් අලෙවි කිරීමේ දී මුදල් සැපයුමට සිදු වන්නේ කුමක් ද?
- ඉහළ විරැකියාව සහ මිල පහත වැටීම, ණය හිගවීම්, අඩු නිෂ්පාදනය, ආයතන බිදවැටීම් ආදියෙන් කර්මාන්ත මූල්‍යනය හා වාණීජ්‍ය දැඩි ලෙසින් පීඩාවට ලක් වූ අයහපත් කාල වකවානුවක් හැදින්වෙන්නේ කෙලෙසින් ද?
- සහස‍්‍ර සංවර්ධන ඉලක්ක පිළිබද ශ‍්‍රී ලංකාවේ සංඛ්‍යා ලේඛන වාර්තා කරන්නේ කුමන ආයතනය ද?
- G-7 සහ G-8 කණ්ඩායම් දෙක සාමාජිකත්වය අතින් වෙනස් වන්නේ කවර රට නිසා ද?
- ලෝක වෙළෙද සංවිධානයේ මූලස්ථානය පිහිටුවා ඇත්තේ කුමන රටක කුමන නගරයේ ද?
- කිසිදු භාණ්යක් හෝ සේවාවක් නිෂ්පාදනය නොකර ගුණෝත්තර ශ්‍රේණීයක ආකාරයෙන් ආයෝජකයන් සම්බන්ධ කර ගනිමින් ක‍්‍රියාත්මක වන වංචා සහගත මූල්‍ය ව්‍යාපාර හැදින්වෙන නාමය කුමක් ද?
- ජාතික ආදායම් වර්ගීකරණයට අනුව විදුලිය උත්පාදනය අයත් වන්නේ කුමන අංශයට ද?
- ශ‍්‍රී ලංකාවේ මෙතෙක් නිකුත් කර ඇති වැඩි ම වටිනාකම සහිත රුපියල් 10000 නෝට්ටුව මුද්‍රණය කළ වර්ෂය කුමක් ද?
- සමාගමක් පළමුවරට මහජනතාවට කොටස් නිකුත් කිරීමක් හ`දුන්වන්නේ කෙසේ ද?
- ශ‍්‍රී ලංකාවේ කෘෂිකාර්මික අපනයන සදහා වැඩිම දායකත්වයක් දක්වන්නේ කුමන නිෂ්පාදනය ද?
- වෙළෙදපොළ බලවේග අනුව තීරණය වන විනිමය අනුපාත ක‍්‍රමය හදුන්වන්නේ කුමන නමකින් ද?
- කාර්මික අංශයට අයත් උප අංශ කවරේ ද?
- නිෂ්කාශන ආයතන විසින් චෙක්පත් නිෂ්කාශනය සදහා පවත්වා ගෙන යනු ලබන පද්ධතිය හැදින්වෙන නම කුමක් ද?
පිළිතුරු
- ජපානය
- විනිමය අනුපාතය අධිපමාණය වීම
- යටිදැරි උද්ධමනය
- පාර්ලිමේන්තුව
- එංගලන්තයේ හය වන ජෝර්ජ් රජතුමාගේ රූපය
- දළ දේශීය නිෂ්පාදන අවධමනකය
- බංග්ලාදේශයේ මොහොමඞ් යූනුස්
- 2006 අංක 06 දරන මූල්‍ය ගනුදෙනු වාර්තාකරණ පනත
- මුදල් හා ක‍්‍රම සම්පාදන අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව
- ගනුදෙනු කළ මොහොතේ දීම
- මූලික උද්ධමනය
- ලංකා ක්ලියර් (පුද්ගලික) සමාගම
- මුදල් සැපයුම අඩු (සංකෝචනය) වෙයි.
- ආර්ථීක අවපාතයක් නමින්
- ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
- රුසියාව නිසා (G 8ට රුසියාව අයත් ය.)
- ස්විස්ටර්ලන්තයේ ජිනීවා
- පිරමීඩ යෝජනා ක‍්‍රමය
- කාර්මික අංශයට
- 1947
- මූලික ප‍්‍රසිද්ධ කොටස් නිකුතුවක්
- තේ නිෂ්පාදනය
- පාවෙන විනිමය අනුපාත ක‍්‍රමය මගින්
- පතල් නිෂ්පාදන, කර්මාන්ත සැකසුම් (තේ, රබර්, පොල් ) ,කර්මාන්ත iy නිෂ්පාදන, ගෘහ කර්මාන්තය විදුලිය, ගෑස් හා ජලය, ඉදිකිරීම්
- ජායා ගත චෙක්පත් පිළිබිඹු නිෂ්කාශන පද්ධතිය