ප්රස්ථා පිරුළු 50
- අශ්වයාට අං අවා වගේ :- පමණට වඩා උඩගු වීම
- අගේ ඉදන් කණ කනවා වගේ :- ළගින් ඇසුරු කරමින් සතුරුකම් කිරීම
- අනින ගොනා වැඩට හොදයි :- සැරවැර තිබුණ ද කාර්යය හොදින් කිරීම
- අතු කඩා මොර කන්නා වගේ :- විනාශ කරමින් ප්රයෝජන ගැනීම
- අත්තික්කා ගහේ මල් පිපුණා වගේ :- පුදුම සහගත යමක් සිදු වීම
- ආටා නාටිය කියවනවා වගේ :- මහා ගෝෂාවක් සිදු කිරීම
- ආඳාගේ පිට වගේ :- ස්ථිර ප්රතිපත්තියක් නොමැති වීම
- ආතාට අටු කොස් දුන්නා වගේ :- ප්රයෝජනයට ගත නොහැකි දෙයක් තෑගි කිරීම
- ඇගෙන් ඇටයක් ගියා වගේ :- බොහෝ අකමැත්තෙන් යමක් දීම
- ඇගිලි පහම එක වගේ ද :- එක හා සමාන නොවීම
- ඉබ්බා අහසින් ගියා වගේ :- තමන්ට නොගැලපෙන යමක් කර විනාශ වීම
- ඉහිරුණු කිරට අඩන්න එපා :- සිදු වූ දෙය පිලිබද දුක් වෙන්න එපා
- උඩින් මිතුරු යටින් සතුරු :-උඩින් හොද මුහුණ පෙන්නා යටින් සතුරුකම් කිරීම
- එක මල්ලේ ලුණු කාලා වගේ :- එක සමාන පිරිසක් පිළිබද කීම
- එළිපත්ත උඩ ඉන්න බල්ලා වගේ :- නිශ්චිත තීරණය නොගෙන සිටීම
- එකට කෑවත් බොක්ක වෙනස් :- එකට වාසය කලද වාසියේ දී වෙනස් වීම
- කළු නික සොයන්නා වගේ :- ඉතා අමාරු දෙයක් සෙවීම
- කළුවා මාරපන් ගියා වගේ:- විමසීමෙන් තොර ව කටයුතු කිරීම
- කවට කමින් ඇස් රතුවෙනවා :- සෙල්ලම ලෙල්ල ම වීම
- කිඹුලා කිරි මැටි ගිලින්නා වගේ :- කෑම වල රස පිළිබද නොසිතා ගිල දැමීම
- කිරි ගහට ඇන්නා වගේ :- හරියට ම හරි ගිය දෙයක්
- කිරි මුහුදට හඳ පෑව්වා වගේ :- වඩාත් සතුටු වීම
- කිරියි පැණියි වගේ :- ඉතා හොදින් ගැළපීම
- කුරුල්ලන්ට වැට බන්දා වගේ :- අසාර්ථක ලෙස වැඩ කිරීම
- කොස් ඇති තැනමලු බතුත් :- යමක් කමක් ඇති අයට වාසි ලැබීම
- බක තපස් රකින්නා වගේ :- බොරු සීලයක් රැකීම
- ගිය ලූලා මහ එකාලු :- නැති වූ දෙයක් අගය කිරීමේ දී යෙදේ
- ගුරුන්ටත් අකුරු වරදී :- ඉතා දක්ෂයින්ට ද වැඩ වරදී
- ගෝනි නැති ව කරෙන් යනවා වගේ :- බොරුවෙන් චාටුවෙන් රවටා ගැනීම
- තට්ටු කරන්නාට දොර ඇරේ :- උත්සහ වන්තයා ජය ගනී
- දවල් තරු පෙනිලා වගේ :- බලවත් වරදක් මුලාවක් සිදුවීම
- දාහට අරන් සියයට දුන්නා වගේ :- පාඩු ගෙන දෙන වෙළෙදාම
- දිමි කූඩුව ඇවිස්සුවා වගේ :- බලවත් වූ කැලඹීමක් ඇති කිරීම
- දිය යටින් ගින්දර ගිනියනවා වගේ :- මිත්ර වී සිට යටි උගුල් ඇටවීම
- දී කිරට බළලුත් සාක්කිලු :- වාසි ඇති තැනට කවුරුත් හිතවත් වීම
- දේසේ හැටියට වාසේ :- තැනට සුදුසු ලෙස වැඩ කටයුතු සිදු කිරීම
- පිස්සිගේ පලා මල්ල වගේ :- කිසි පිළිවෙළට නොමැති වීම
- යොත් මැරිල්ලක් :- අසරණාධාර ගනුදෙනුවක් කිරීම
- හොදට නොහොදට දෙකට කටම ය :- හෙදට නරකට දෙකට ම කට මුල් වීම
- හොර බල්ලට පොල් බෑයෙන් ගැහුවා වගේ :- මෝඩ දඩුවමක් දීම
- හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ :- ඇත්ත සගවා බොරු කීම
- හොස්ස ළගින් මැස්සට වත් යන්න බෑ වගේ :- සුළු දේකට පවා කේන්ති යාම
- ළගින් ගියොත් ඇහැක් නෑ :- කපටි පුද්ගලයින්
- ළිදක් කපා උල්පත් දැක්කා වගේ :- මහන්සියෙන් ප්රථිපල ලැබීම
- ලිදේ සිටින මැඩියා වගේ :- සුළු දනුමක් ඇති තැනැත්තා
- අටුව කඩා පුටුව හැදුවා වගේ :- වටිනා දෙය විනාශ කිරීම
- ආඩි හත් දෙනාගේ කැද හැලිය වගේ:-එක සමාන කපටි පුද්ගලයින් වාසය කිරීම
- පරංගියා කෝට්ටේ ගියා වගේ :- කෙටි මාර්ගයක් තිබිය දී දුර මාර්ගයකින් යෑම
- පුන්සදෙත් කැළලක් නැද්ද :- මෙලොව වරදක් නැති කෙනෙක් නැත
- ජාඩියට මූඩිය වගේ :- හොදින් ගැලපෙන අය