1.1 - ක්ෂුද්‍ර ජීවීන්

ඔබ 8 ශ්‍රේණියේ දී ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳව උගත් කරුණු සිහිපත් කරන්න. ක්ෂුද්‍ර ජීවීන් තනි සෛලයකින් හෝ සෛල කිහිපයකින් ගොඩනැගී ඇති බවත්, පියෙවි ඇසට පැහැදිලි ව නොපෙනෙන බවත් ඔබ අධ්‍යයනය කර ඇත. එම දැනුම ඇසුරින් පැවරුම 1.1 හි නිරත වන්න.

අප අවට පරිසරයේ මෙන් ම අපගේ දේහය තුළ ද ක්ෂුද්‍ර ජීවීහු වෙසෙති.

බොහෝ ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරිත්වය මිනිසාට හා අනෙකුත් සත්ත්වයන්ට ද ශාකවලට ද හිතකර වේ. සමහර ක්ෂුද්‍ර ජීවීහු අහිතකර තත්ත්ව ඇති කරති.

පෘථීවිය මත වෙසෙන ජීවීන් අතරින් ඉතා පුළුල්ව ව්‍යාප්ත වූ සුලබතම ජීවී කාණ්ඩය වනුයේ ක්ෂුද්‍ර ජීවීන් ය. ක්ෂුද්‍ර ජීවීන් ඉතා සරල ව්‍යුහයක් දරන අතර ඔවුන්ගේ වර්ධන හා ප්‍රජනන වේගය ද ඉතා ඉහළ ය.

විවිධ වූ පරිසර තත්ත්ව මෙන් ම විවිධ පෝෂණ ආකාරවලට අනුවර්තනය වූ ක්ෂුද්‍ර ජීවීහු වෙති.

ක්ෂුද්‍ර ජීවීන් අතර ඒකෙසෙලික මෙන් ම බහුෙසෙලික ජීවීහු ද සිටිති. ප්‍රධාන ක්ෂුද්‍ර ජීවී කාණ්ඩ ලෙස බැක්ටීරියා, දිලීර, ඇල්ගී හා ප්‍රොටොසොවා දැක්විය හැකි ය. ජීවී සහ අජීවී අතරමැදි ලක්ෂණ පෙන්වන කාණ්ඩයක් ලෙස වෛරස් පිළිබඳව ද ක්ෂුද්‍ර ජීවීන් යටතේ අධ්‍යයනය කෙරේ.