අපේ පැරණි ජන ජීවිතය 01

අපේ පැරණි ජන ජීවිතය 01

රටේ බොහා් පිරිසක් ජීවත් වූයේ "ගම්වලය". ඒ ගම්වල වැසියන්ගේ ජීවිත වර්තමානයට සාපේක්ෂව ඉතා "සරල" හැඩ ගැසී තිබුණි. බොහෝ දෙනාගේ ජීවන වෘත්තිය වූයේ ගොවිතැනයි. ඇතැමුන් හේන් ගොවිතැන්වල යදුනු අතර සෙසු අය කුඹුරු ගොවිතැන්වල යෙදුණි. ජීවත් වීම සඳහා සතුන් ඇති කිරීම පැවතිනි. ඊට අමතරව නොයෙක් වෘත්තීන්වල යෙදනු පිරිස් ඔවුන්ටම වෙන් වූ ගම්වල ජීවත් වූහ.

ආදි මුතුන්මිත්තන් තම එදිනෙදා ජීවිතය ගත කළ අයුරු සොයා බැලීමේ දී ඔවුන්ගේ ආර්ථික රටාව,

  • කෘෂිකර්මාන්තය
  • කර්මාන්ත 
  • වෙළදාම යන කොටස් ත්‍රිත්වය වටතේ අධ්‍යනය කල හැකිය.

හේන් වගාව(ගොඩ)

හේනක් සඳහා තෝරා ගන්නේ "මහා කැලෑවේ බිම් කොටසකි" එය ගොවීන් වාසය කරන ප්‍රදේශයෙන් තරමක් ඈත පිහිටා ඇත. "කැලෑ ගිනි තබා එළිපෙහෙළි කර සකස් කර ගන්නා බිමක් හේනක් යනුවෙන් හැදින්විය හැකිය." හේනක් කෙටීමක් එක් ගොවියෙකු ගොවීන් පිරසක් එක් ව සාමූහිකව සිදු කරයි.

අතීතයේ දී හේන හැඳින්වීමට යොදා ගත් වෙනත් නම් ලෙස,

  • සේන(උම්මග්ග ජාතකය)
  • පිටබිම්(සෙල්ලිපිවල)
  • සෙහෙන්(බුත්සරණේ)

හේන්වල වගා කිරීමේ දී වර්ෂා ජලය උපයෝගීකර ගැනීමට අතීත මුතුන්මිත්තන් කටයුතු කර ඇත. 

  • හේන සඳහා සුදුසු බිම් ප්‍රදේශයක් තෝරා ගැනීම.
  • තෝරා ගත් බිමෙහි වල කොටා එළි පෙහෙළි කිරීමට ප්‍රථම එහි ජීවත් වන සතුන් පළවා හැරීම.(මේ සඳහා ගිනියාතිකාව සිදු කරයි. ගිනියාතිකාව යනු හේන ගිනිතැබීමට පෙර සතුන් පැන්නීමට සිදු කරනු ලබන කෑ ගැසීමයි.)
  • වෙන් කළ කැලෑ බිම එළි පෙහෙළ කර ගිනි තැබීම.(මෙහිදී විශාල ගස් නොකපයි.)
  • කණු මුල් උදුරා දැව දඬු ආදිය පුලුස්සා බිම සැකසීම.
  • කපා දමන ලද දැව දඬු බාවිතයෙන් හේන් බිම වටා දඬු වැටක් නිර්මාණය කිරීම.

නවදැලි හේන

මෙසේ අලතින් ගිනි තබා සකස් කර ගත් භූමිය "නවදැලි හේන" යනුවෙන් හදුන්වනු ලබයි. මෙවැනි හේන් ඉතාමත් සරුසාරයි. මසේ සකස් කරගත් බිමෙහි විවිධ බෝග වගා කළහ. එවැනි දේ අතර "උදු, මෑ, මුං, තල, කුරක්කන්, ඉරිඟු, මෙනේරි, අමු, අබ, දුරු, තණහාල්" යන ඇට වර්ග ද "ඇල් වී වර්ග හා අලවර්ග ද, උක්ගස් හා කපු ද" විය.

අතීතයේදී රටට අවශ්‍ය වූ රෙදි හා හකුරු නිපදවීමට ප්‍රමාණවත් තරම් කපු වගාව හා උක් වගාව මෙරට දියණ වී තිබුණි. පැරණි හේන්වල වගා කල කටුසර බෝග ලෙස "තණහාල්, මෙනේරි, කුරක්කන්" හැදින්විය හැකිය. අතීතයේ දී වී වගාවද හේන් වගාවක් ලෙස පැවතිනි. හේන්වල වගාකල වී "ඇල් වී" ලෙස හදුන්වයි. ඇල් වී වගා කල හේන් "ඇල් හේන්" යනුවෙන් හදුන්වනු ලබයි. 

හේනක් කොටන්නේ තමන් වාසය කරන නිවසට තරමක් ඈත ප්‍රදේශයක බැවින් හේනේ අස්වැන්න ලබා ගන්නා තුරු ගොවියෝ හේනේ ඉදිකරන ලද පැල් පතක තාවකාලිකව ලැඟුම් ගනිති.

සතුන්ගෙන් ආරක්ෂාවට හේන වටා බදි කරන ලද ලී වැට හඳුන්වන්නේ "දඬු වැට" නමිනි. තව ද ගිනි මැල ගැසීම, පැල් රැකීම තම බෝග සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට යොදන උපායක් වේ. ඒ වගේම තවද හිසට වලදක් නමා සකස් කරන ලද පඹයන් ඇත. එම පඹයන් "හැලිකටා" යන නමින් හඳුන්වයි.

දිනෙන් දින වැඩිවන ජන ග්‍රහණය නිසා ඔවුන්ගේ ආහාර අවශ්‍යතාවය සපුරාලීම සඳහා වී ගොවිතැන ආරම්බ විය. පැරණි ගොවීන් හේන් සඳහා භාවිත කල උපකරණ ලෙස "කැති, උදලු, දෑකැති" හැදින්විය හැකිය. අස්වැන්න නෙලා ගත් පසු හේන අතහැර දැමීම සිදුකරයි. මෙලෙස අතහැර දැමූ හේන "කනත්ත" යන නමින් හැදින්වීමට අනුරාධපුරයේ මිනිසුන් පුරුදු වී ඇත.  

  • දුටුගැමුණු රජුගේ පුත් සාලිය කුමරුට එම නම ලැබුණේ කුමරු උපන් කාලයේ දී ඇල් වී අස්වැන්න ඉහළ ගිය නිසාවෙනි මේ බව සීහළවත්ථු නම් ඉපැරණි ග්‍රන්ථයේ සඳහන්ව තිබේ. මෙම ඇල් වී රත් ඇල්, බිබිලි ඇල්, ඉඳි ඇල් හේන් වගාවල ඇල් වී වලට උදාහරණයන්ය.

කතෘ : dilmi diwmini
ලිපිය : තොරතුරක්
කියවූ ගණන : 5,532
කැමති ගණන : 2