ප්‍රස්ථාපිරුළු

ප්‍රස්ථාපිරුළු

  1. පරංගියා කෝට්ටේ ගියා වාගෙයි - පහසු මඟක් තිබියදී එය අපහසුවෙන් කිරීම.
  2. හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ - යම් කෙනෙකු හොද කෙනෙකු නරක කෙනෙකු වේද කියා කළ ගතිගුණ වලින් දැනගන්න පුළුවන්.
  3. හොරාගෙ අම්මගෙන් පේන ඇසුවා වාගේවැරදි වසන් කරන අයගෙන්ම වැරැද්දක් ගැන ඇසුවා වාගේ.
  4. වක්කඩේ හකුරු හැංගුවා වාගෙයිආරක්ෂාවට තැබූ දෙයක් විනාශ වීම.
  5. කටුස්සාගේ කරේ රත්තරං බැන්දා වාගෙයිළගඳි යම්කිසි වස්තුවක් ලැබී ඉතා අඩම්බර වීම.
  6. ගහේ කටු උල්කරන්න ඔනේ නෑළමයින්ට දෙමාපියන්ගේ නරක ගති ඉබේ පුරුදු වේ.
  7. ආඩි හත්දෙනාගේ කැඳ හැලිය වගේ - යම් දෙයකට සම්බන්ධ වී ඇති  සියළු දෙනාම කපටි ලෝබ අය නිසා ඒ දෙය හරි හැටි සිදු නොවීම.
  8. පිස්සිගේ පලා මල්ල වගේ - යමක් ඉතා අවුල් සහගත ලෙස තිබිම.
  9. පනින රිලවුන්ට ඉනිමං තැබුවා වාගේවැරදි කරන අයට වැරදි කිරීමට පහසුවන ලෙස කටයුතු කිරීම.
  10. අඟේ ඉඳන් කන කනවා වාගෙයි - මිතුරෙකු වාගේ ළඟින් ඉඳන් හතුරුකම් කිරීම.
  11. ගොනයි මීමයි වගෙයි - යම්කිසි දේවල් දෙකක් හෝ දෙදෙනෙකු කිසිසේත් නොගැළපෙන බව.
  12. අශ්වයාට අං ආවා වගෙයිනුසුදුසු කෙනෙකුට යම් බලයක් ලැබුන විට ඔහු එයින් ආඩම්බර වී අනුන්ට කරදර කිරීමට බලයි.
  13. රයිගමයයි ගම්පලයයි වගේ -  නූගත් දෙදෙනෙකුගේ දැඩි මිතුරු බව.
  14. බැද්දට පායපු හඳ වගෙයි - වටිනා දෙයකින් කිසිවෙකුට ප්‍රෙයෝජනයක් නැති වීම.
  15. කලුවා මාරපන් ගියා වගෙයි අවබෝධයකින් තොරව වැඩ කිරීම.
  16. බල්ලන්ට ලෙලි පොල් දුන්න වගෙ - නොගැලපෙන අයෙකුට යමක් දීම.
  17. අටුව කඩා පුටුව හැදුවා වගෙ - වඩා වටිනා දෙයක් විනාශ කර ඊට අඩු දෙයක් කිරිම.
  18. කිරි කළයටගොම මුසු කලා වගෙයි - යහපත් වැඩ ගොඩක් කර අවසානයේ අයහපත් වැඩක්  කිරීම.
  19. මිටි තැනින් වතුර බහිනවා වගේ -  යම් වැරැද්දක් වූ විට එය අහිංසකයින් පිටින් යැවීම.
  20. එළිපත්ත උඩ ඉන්න බල්ලා වාගේ - තීරණයක් නොගෙන සිටීම.
  21. ඉස්සර ආ කනට වඩා පස්සෙ ආව අණ ලොකුයිපළමුව හිතවත්ව සිටි අය ඉවත් කර පසුව හිතවත් වූ අය ඇසුරු කිරීම.
  22. ලැජ්ජා නැතිකම මහමුදළිකමට වඩා ලොකුයි - තමාගේ තත්ත්වයට නොගැලපෙන වැඩ කිරීම.
  23. වදින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටුනා වගෙයි යහපත් වැඩක් කිරීමට ගොස් කරදරයක වැටීම.
  24. හිසේ ඇම්මට කොට්ටය මාරු කළා වගෙයි -  ගැටළුවකට සුදුසු විසදුමක් නොදී වෙන දේවල් කිරීම.
  25. ගඟට ඉනි කැපුවා වාගෙයි - වෙහෙස වී කළ වැඩෙන් ප්‍රතිඵලයක් නොමැති වීම.
  26. වංසෙ කබල් ගෑමකිසි හැකියාවක් නැති අයෙකු පරම්පරාව ගැන ආඩම්බර වීම.
  27. ඉබ්බා දියට දැම්මා වාගෙයි තමාට උවමනා ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලැබීම.
  28. කැකිල්ලේ රජ්ජුරුවන්ගෙ නඩු තීන්දුව වගෙ වැරදි විනිශ්චය නිසා අහිංසකයින් දඩුවම් ලැබීම.
  29. ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වාගේ කරදරයක් වී සිටින විට තවත් කරදරයක් වීම.
  30. හතර බීරි කතාව වගෙයි යම් දෙයක් ගැන සම්බන්ධ අය විවිධ අදහස් ප්‍රකාශ කිරීම.
  31. ආච්චි මළ දා වගෙයි -  ප්‍රීතිමත් දවසක්.
  32. ඇතා ගිලපු දිවුල් ගෙඩිය වගෙයි බාහිර ඔපේ ඇතත් ඇතුලත හිස්ය.
  33. ඇවිලෙන ගින්නට පිදුරු දැම්මා වාගෙයි - අවුලක් ඇති වූ විට එය තවත් අවුල් කිරීම.
  34. ඉබ්බාගෙන් පිහාටු ඉල්ලන්නා වගෙයි -  නැති දෙයක් ඉල්ලීම.
  35. උරුලෑවා ගිය පාර වගෙයි - අසත්පුරුෂයින්ගේ වැඩ අප්‍රසන්න බව.
  36. එක ගලකින් කුරුල්ලො දෙන්නෙක් දඩයම් කලා වගෙයි එක් උත්සහයකින් අරමුණු දෙකක් ඉටු කර ගැනීම.
  37. එපා වාහෙට හොදි බෙදන්නා වාගෙ - නොසැලකිළාමත් ලෙස කරන සංග්‍රහය.
  38. කකුළුවා පුතාට කෙලින් යන්න කීවා වගෙයි - තමා වැරදි කරමින් අනුන්ට අවවාද කිරීම.
  39. වැඳි බණ වගෙයි -  වැරදි කරන්නන් අන් අයට අවවාද දීම.
  40. ඉත්තෑවගෙ ගෙට කබල්ලෑවා රිංගුවා වගෙයි -  කපටි කමින් අනුන්ගෙ දේවල් අයිති කර ගැනීම.

 

 




කතෘ : Shanuka Dilshan
ලිපිය : තොරතුරක්
කියවූ ගණන : 4,807
කැමති ගණන : 0