විවිධ රැකියාවන් හා බැදුණු භාෂා

විවිධ රැකියාවන් හා බැදුණු භාෂා

කෙත හා කමත

දෑකැත්ත

  • ගොයම් කැපීම හා තණකොළ කැපීම සදහා භාවිතා කරනු ලබයි.

නගුල

  • කුඹුර සකස් කිරීම සදහා මී  ‌‌‌‌‌ගොනුන් සමග සී හෑම සදහා යොදාගනී.

වියගහ

  • මී ගොන් බැදීම සදහා යොදාගන්නා මෙය නගුලට සම්බන්ධ වන කොටසකි

අත්පෝරුව

  • මී ගොනුන්ගෙන් මඩවාගත් කුඹුර  මට්ටම් කිරීම සදහා මෙය යොදාගනී.

 දැතිගොයියා

  • මී ‌ගොනුන්ගෙන් ගොයම් පෑගීමේදී  කොළ ගොඩ ඉහලට දැමීම හා මාරු කිරීම සදහා

       යොදාගනී.

 තල්කොළ පෙට්ටිය

  • තලකොළ වලින් නිර්මාණය කරන ලද පෙට්ටියකි . මෙය කුඹුරු වැඩ වලදී හා කමත් වලදී හා  කමත් වල වැඩ කරන ගොවියන් සදහා ආහාර (ඇඹුල ) ගෙන ඵන පෙට්ටියයි.

 බෝලත්ත    

  • ගොයම් පෑගීමෙන්  පසු බැත හෙවත් වී ඵකතු කිරීම සදහා යොදාගන්නා  කොස්සක් වැනි පඹ වැල්වලින් සදාගනු ලබන පොළොව පිසිනයකි.

 කුල්ල හෙවත් යතුර

  • කමත් හාෂාවදි යතුර නමින් හදුන්වන කුල්ල වී පෙලීම හා හුළං කිරීම සදහා යොදා ගනී.

 පැන්කෙණ්ඩිය

  • මෙය ගොවිතැන් කටයුතු වලදී පිපාසය සංසිදවා ගැනීම සදහා කමතට හෝ කෙතට බීමට ගන්නා ඡලය රැගෙන ඒම සදහා  යොදාගනී.

 ලඹු කැටය 

  • හොදින් මෝරා ඇති ලඹු ගෙඩියක් වේලා ඵහි මදය ඉවත් කර පැන් කළයක ලෙස වතුර  ගෙනයාමට යොදාගනී. 

 මඩපෝරුව

  • මී ගවයන් යොදා හාන ලද කුඹුරෙහි ලියද්ද මඩ ‌පෝරාව මගින් පිලිවෙලට මට්ටම් කරගනී.

 ඇණ පෝරුව

  • ඇණ සම්බන්ධ කර ඇති  මෙයද කුඹුර මැඩවීමෙන් පසු පස් කැට පොඩිකර මට්ටම් කිරීමට යොදාගන්නා ඇණ සහිත පෝරුවකි.

බුම්මැඩිය / උඩැක්කිය

  • කමත් කවි කීමේදී තාලය තැබීමට යොදා ගනී.

 

කමත් බස

  • යාල්ලනවා - වී මැනීම
  • අම්බරුවන් - කොළ පාගන ගවයන්
  • මුත්තෙට්ටුව - කමත් බත
  • කහට පැන් -  කුරුම්බා
  • කුඹල් ගෙඩිය -කළ ගෙඩිය
  • කපන්නාව -  පිහිය
  • මැඩුවන් -  පිදුරු
  • ඈදුන්න - හරක් ජෝඩුව

 

කුඹුරේදි භාවිතා වන වචන

  • අඩහැරය - සී සෑමේදී හරකුන් දැක්වීමට හඩගා කතා කිරීිම
  • කුරුලු පාඵව - කුඹුරේ  කුරුල්ලන් සදහා ඉතිරි කරන කොටස
  • වානත -  කුඹුරු යායට යාබද ඵළි කරන ලද ගොඩ ඉඩම
  • කිරි වදිනවා - කුඹුරු පැහෙනවා
  • කිවුල - ලියද්දට කපන නියරේ ඇති දිය ඇළි
  • කොළදින් - ගොයම් කපන කාලය
  • පිහාටු බරියා - කුකුළා
  • කහට ගෙඩි - කෙසෙල් ගෙඩි
  • කැට කන්ද - ගොයම් අහුරක්
  • පාවර - වී ගොඩ
  • කහටවා - පුවක්
  • සුදුවා - හුණු
  • රොඩු කොළ - දුම් කොළ
  • ‌බෝල් තියනවා - අතු ගානවා
  • බැත පාහිනවා - වී හුළං කරනවා
  • නාවත - මුඵ කුඹුරටම ඡලය ලබා දෙන ස්ඵානය
  • රෑදම - කමතේ දී ගනු ලබන ආහාර

 

හේන් ගොවිතැන

  • ගිනි ගැසීමහේන කෙටීමට පෙර දඩු කෙටූ බිම් කොටස ගිනි තැබීමයි.
  • ආරක්ෂා කිරීම - වගා කළ හේන සතුන්ගෙන් ආරක්ෂා කිරීම
  • දෑතේ සවිය - දෑතේ මහන්සියෙන් කරන වැඩ කොටස
  • ඉනි - ගස් වලින් කපාගත් ලී දඩු
  • ඉඩෝරය - වර්ෂා නොමැතිව පායන කාලය‍
  • කුරුලු දානය - ඵල නෙලන විට කුරුල්ලන් සදහා හේනේ ඉතිරිකරන කොටස
  • ඵළවඵ කොරටුව - ඵළවඵ වගා කර ඇති කොටස
  • ගෙදැල්ල කරුව - වියලුණු තණකොළ ඉවත් කරන තරුව.
  • වාහන පතුල් - හේනේදි භාවිතා කරන පාවහන්

 

කම්මල් කර්මාන්තය

  • කිණිහිර - ගිනියම් කරන ලද යකඩයක් තලා ගැනීමට තබන ස්ථානය
  • මයිනහම - අගුරු ගිනි ඇවිලීම සදහා සුළං තෙරපුම ලබාදේ
  • අගුරු කොක්ක- ඇවිලෙන අගුරු පාදා ගැනීමට.
  • කුළු ගෙඩිය -යකඩයක් තලා ගැනීමට යොදාගනී.
  • දඩු අඩුව - යකඩයක් කපා ගැනීම සදහා තදින් අල්ලා ගැනීමට

 

පතල් කර්මාන්තය

  • වාඩිය - පතලේ වැඩ කරන අය සිටින පැල
  • පතල - හාරන ලද විෂාල වල
  • ඉල්ලම - මැණික් , මිනිරන් සහිත පස් තට්ටුව
  • ඉල්ලම් ගල් - ඉල්ලමේ ඇති ගල්
  • නාම්බුව - මැණික් ගල් සහිත වට්ටිය
  • වට්ටිය - මැණික් ගැරීම සදහා බට පතුරු වලින් වියන ලද කුඩය
  • මාලාව - කිරි මැටි
  • දඹරය - පස් උඩට ගැනීම සදහා සාදා ඇති උපකරණය.
  • කැට කුඩය - ලොකු කැට ඉවත් කරන පෙට්ටියක හැඩයට අඩියට දැල් ගසා ඇත.
  • කට්ට - මිය ගිය මැණික්
  • කොට්ටර - පලදු වු මැණික්

 

ධීවර භාෂාව

  • මන්නඩි රාල - දැල් ප්‍රධානි (අයිතිකරු)
  • මාඵ අයින - මාළු රංචුව
  • ඇලවුම් බිලිය - බිලී කටුව
  • මාරියාව - වැස්ස සමග සුළං හැමීම
  • රේන්ද පොළ - මාඵ වෙන්දේසි කරන තැන
  • හැන්නැදි රාල - ඔරුවේ අයිතිකරු
  • ඇණිය - ඔරුවේ ඉදිරියේ කොටස
  • වයක්කම - දැල් ඵලීම
  • හදට යනවා - රාත්‍රී මුහුදු යාම
  • හරාව - මුදුදේ රළඅඩු කාලය‍
  • වලාලය - මුහුදු යාමට සුදුසු කාලය
  • පන්නේ ගානවා - ඇමදමා අදිනවා
  • රළ හයි වෙනවා - රළ වැඩි
  • වීමගංගුල් - වතුර
  • රත්තා - ගින්දර                                                                                                                                                                                                         

 වඩු කර්මාන්තය

  • යතු කැටය
    ලෑල්ලක් ලීයක් සුමට කරගැනීම සදහා යොදවාගනී
  • කියත
    ලෑල්ලක් ලීයක් කැපීම කැපීම හා ඉරීම සදහා යොදාගනී
  • බුරුමය
    ලෑල්ලක් ලීයක් සිදුරු කර ගැනීම සදහා යොදාගනී
  • රක්කලය
    ජනෙල් උළුවහු , පුලුක්කුවක් ලකුණු කර ගැනීම සදහා යොදාගනී
  • අතකොලුව
    ලීයක් ඇතුළත හාරා ගැනීම සදහා ලී මිට සහිත නියන් වලට ගැසීමට යොදාගනී
  • වැලි ගල හා තෙල් ගල
    ආවුද මුවහත් කරගැනීම , ආවුදයේ පන්නරය ලබාගැනීම සදහා යොදාගනී (පොල් තෙල් යොදාගනිමින්)
  • ඇලිස් කටුව
    ඇණයක් තැබීමට පෙර ස්ථානය සටහන් කිරීමට.
  • දඩු අඩුව
    ලීයක් තදින් අල්ලා ගැනීම සදහා යොදාගනී
  • පීර
    කියත් කර ගැනීමට
  • තොරපනය
    සිදුරක් විදීම සදහා අතීතයේ යොදාගනී.                                                                                                                                            

පෙදරේරු කර්මාන්තය

  • මේසන් හැන්ද
    බදාම ගැනීම හා මට්ටම් කිරීමට යොදාගනී
  • ලඹය
    තිරස් බිත්තියක් කෙලින් පිහිටුවා ගැනීම සදහා යොදා ගනී
    සමතල මිනුම (වෝටර් ලෙවලය) (WATER LEVEL)
    තිරස් බිත්තියක සමතල මට්ටම පිහිටුවා ගැනීම සදහා යොදවා ගනී
  • මුලු මට්ටම
    නිවැරදි නැම්මක් හැඩය අංශක 90 කෝණයට තිබේදැයි බලාගැනීම සදහා යොදාගනී
  • වතුර බටය
    පොලොව මට්ටමේ උස සමාන දැයි පරික්ෂා කරගැනීම සදහා යොදාගනී
  • මට්ටම් ලීය
    කපරාරු කරන ලද බිත්තියක් සමතලව පවත්වා ගැනීම
  • මනිස් ලෑල්ල
    සමතලා බිත්තියක් සුමට කර ගැනීම සදහා යොදා ගනී
  • සවල
    සිමෙන්ති බදාම කොන්ක්‍රීට් බදාම කවලම් කර ගැනීම සදහා යොදා ගනී
  • තාච්චිය
    බදාම ගෙනයාම හා ගල්වැලි සිමෙන්ති මැන ගැනීම සදහා යොදා ගනී
  • සවල්ඩරය/සල් අඩය
    බිත්තියක් කපරාරු කිරීමට අවශ්‍ය ප්‍රමාණය වැලි වලින් ගල් ඉවත් කරගැනීමට (වැලි හලා ගැනීමට) යොදාගනී
  • උදැල්ල
    බදාම ඇනීම , කවලම් කිරීම ගෙබිමවල් කැපීම සදහා යොදා ගනී
  • මිටිය
    ගල් කඩා ගැනීම , ඇණ ගැසීම සදහා යොදාගනී
  • නාරාසනය
    පොළොවෙහි කණු මුක්කු සිටවීම සදහා පොළොව හාරාගැනීමට යොදාගනීි.