සර් අයිසැක් නිව්ටන්

සර් අයිසැක් නිව්ටන්


 

සර් අයිසැක් නිව්ටන් ලොව පහළ වූ ශ්‍රේෂ්ඨ බුද්ධිමතෙක් වශයෙන් ලෝක ඉතිහාසය සාඩම්බරයෙන් සිහිපත් කරයි.
ඔහු විසින් සොයාගන්නා ලද කලනය ගණිත ක්‍රමය, ද්විපද ප්‍රමේයය, ආලෝක වර්ණාවලිය, ගුරුත්වාකර්ෂණය, දර්පණ දුරේක්ෂය හා ගතිකය පිළිබඳ නියාමයන් තුන විද්‍යා ලෝකයේ විශාල පෙරළියක් ඇතිකිරීමට සමත් විය.භෞතික විද්‍යාඥයෙකු, ගණිතඥයෙකු, තාරකා විද්‍යාඥයෙකු, ස්වභාවික දර්ශනවාදියෙකු මෙන්ම නිව්ටන් ආගමික මතවාදියෙකු ද විය.

සර් අයිසැක් නිව්ටන් වර්ෂ 1643 ජනවාරි 4වනදා එංගලන්තේ ලින්කන්ෂයර් නගරයේදී උපත ලැබීය. ඔහු ඉපදෙන විට ඔහුගේ පියා මියගොස් සිටියේය. නිව්ටන් කුඩා කාලයේ දී ගණිතය විෂයට යම් දුර්වලතාවයක් දැක්වීය.
වයස අවුරුදු 17දී එංගලන්තයේ ට්‍රිනිටි විදුහලට ඇතුළත් වූ නිව්ටන් 1665 දී විද්‍යා උපාධියක් ලබා ගත්තේය. ඉන් පසුව ඔහු කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට උසස් අධ්‍යාපනය සඳහා ඇතුළත් විය. එම කාල වකවානුවේදී රට පුරා දරුණු වසංගතයක් පැතිරී යන්නට විය. එම නිසා කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය තාවකාලිකව වසා දමන ලදී.

මේ කාලයේදී ප්‍රිස්මයක් ආධාර කරගෙන හිරු එළිය නිර්මාණය වී ඇත්තේ වර්ණ කිහිපයක් එකට එකතු වී බව හෙතෙම පරීක්ෂණ ඔස්සේ ඔප්පු කළේය. එමෙන්ම ගුරුත්වාකර්ෂණය පෘථිවියට පමණක් සීමා නොවන බවත් ඔහු සිය පර්යේෂණ වලින් සනාථ කළේය. ඔහු විසින් සොයා ගත් මෙම කාරණා මිනිසාගේ අභ්‍යවකාශ ගවේශණ වලටත් අතිශයින් වැදගත් විය.

 


 

නිව්ටන් විසින් ග්‍රහලෝක කක්ෂවල ඉලිප්සාකාර ස්වරූප අරය දෛශිකයේ වර්ගයට ප්‍රතිලෝමව සමානුපාතික කේන්ද්‍ර අපසාරි බලයකින් ඇති වෙන බවට සාක්ෂි ඉදිරිපත් කළේය. ජොහැන්සන් කෙප්ලර්ගේ ග්‍රහලෝක චලිත නියමයන් ගැන සඳහන් කරමින් ගුරුත්වාකර්ෂණය සහ ග්‍රහලෝකවල කක්ෂ වලට එහි බලපෑම සලකා බැලීමෙන් 1679දී නිව්ටන් ආකාශ යාන්ත්‍ර විද්‍යාව පිළිබඳව කෘතියක් එළි දැක්වීය.

1680 ගණන්වල මැද භාගයේදී සෞරග්‍රහ මණ්ඩලය ගුරුත්වාකර්ෂණ කේන්ද්‍රයෙන් සූර්යයාගේ අපගමනය හඳුනාගත් හෙයින් සෞරග්‍රහ මණ්ඩලය සිය නිර්මාණ කේන්ද්‍රීය දෘෂ්ටිය තරමක් නවීන ආකාරයෙන් වර්ධනය වූ බවට ඔහු පැහැදිලි කළේය.
සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳව ඔහු කරුණු රාශියක් ඉදිරිපත් කළේය. ඊට අමතරව දේදුන්න නිර්මාණය වන ආකාරය, වඩදිය බාදිය ඇති වෙන ආකාරය පිළිබඳවත් කරුණු ඉදිරිපත් කළ අතර මුල් කාලීනව ඒවා ලෝකයේ තුළ මහත් ආන්දෝලනයට ලක්විය.

 

 

දැනුම ලබා ගැනීමේ ප්‍රධානම මාර්ගය විද්‍යාත්මක අත්හදා බැලීම් බව ඔහු තරයේ විශ්වාස කළේය. මේ නිසාම තම ජීවිතයෙන් වැඩි කාලයක් නව සොයා ගැනීම සඳහා ඔහු කැප කළේය. ඇපල් ගසකින් පොලවට වැටුනු ඇපල් ගෙඩියක්, එසේ පොළොවට වැටීමට හේතුව කුමක්දැයි සෙවීමට පර්යේෂණ කල බවත්, එමගින් ගුරුත්වාකර්ෂණ බලය පිළිබඳ ව ලොවට තොරතුරු ඉදිරිපත් කළ බවත් ලොව පුරාම ප්‍රසිද්ධ සිදුවීමකි.

ඔහු කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේම ගණිතාචාර්ය ධූරයට පසු කාලයකදී පත්විය.
ඔහු ත්‍රිත්ව විද්‍යාලයේ මූලධර්මය පෞද්ගලිකව ප්‍රතික්ෂේප කලේය.එමෙන් ම පල්ලියේ ශුද්ධ නියෝග පවා ඔහු ප්‍රතික්ෂේප කර ඇත. වර්ෂ එක්දහස් හයසිය අනු ගණන්වලදී නිව්ටන් බයිබලය අනුසාරයෙන් ආගමික පත්‍රිකා ගණනාවක්ම ලිවීය. ඔහු සැදැහැති කිතුනු භක්තිකයෙක් විය.


කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ වෙනුවෙන් වර්ෂ 1688 දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට අයිසෙක් නිව්ටන් තේරී පත්විය.
1705 දී එංගලන්තයේ මහ රැජින විසින් අයිසැක් නිව්ටන්ට නයිට් පදවියක් ප්‍රදානය කරනු ලැබිණි. රාජකීය වෝර්ඩන් කෙනෙකු සහ මාස්ටර් කෙනෙකු මෙන් ම රාජකීය සංගමයේ සභාපතිවරයා ලෙස ද ලෙස ද නිව්ටන් සේවය කර ඇත.

" භෞතික විද්‍යාව මහා සාගරයකට සම කළ හැකි නම් මම ඒ සාගර වෙරළෙහි සිප්පි කටුවක හැඩ බලන කුඩා දරුවෙකි "

යනුවෙන්ද අයිසෙක් නිව්ටන් ප්‍රකාශ කර ඇත.

එතුමන් වර්ෂ 1727 මාර්තු මස 31 වන දින එංගලන්තයේ ලන්ඩන් නුවර දී මෙලොවින් සමුගත්තේය. ඔහුගේ දේහය වෙස්මිනිස්ටර්හි තැන්පත් කරන ලදී.
අයිසෙක් නිව්ටන්ට උපහාර පිණිස නිර්මාණය කළ පිළිරුවක් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ අදටත් දැකිය හැකි ය.


කතෘ : Gihan Mayadunna
ලිපිය : පාසලට අදාල ලිපියක්
කියවූ ගණන : 8,496
කැමති ගණන : 2