181. කුඩා ප්‍රදේශයකට සීමා වූ පරිගණක ජාලයක් (Computer Network) හඳුන්වනු ලබන්නේ,
- LAN යනුවෙනි.
- WAN යනුවෙනි.
- VAN යනුවෙනි.
- MAN යනුවෙනි.
182. කිලෝබයිට (1 KB) එකකට බයිට් (Bytes) කීයක් තිබේ ද,
- 8 යි
- 1000 යි
- 1024 යි
- 1048 යි
183. පහත දැක්වෙන ප්‍රකාශ අතුරින් සත්‍ය වන්නේ කවර ඒවාද?
- බිටු (bit) යනු පරිගණකයට සැකසිය හැකි තොරතුරු වල කුඩාම ඒකකයයි.
- බයිට් (byte) යනු පරිගණකයට සැකසිය හැකි තොරතුරු වල කුඩාම ඒකකයයි.
- බිට් (bit) එකක බයිට් (bytes) 8 ක් අඩංගු වේ.
- බයිට් (byte) එකක බිට්ස් (bits) 8 ක් අඩංගු වේ.
ඉහත ප්‍රකාශ වලින් සත්‍ය වනුයේ,
- a, c
- a, d
- b, c
- b, d
184. කාර්යයාල පරිසරයක පරිගණක ජාල (Computer Networks) මගින් විසඳනු ලැබ ඇත්තේ පහත දැක්වෙන ගැටළු අතුරෙන් කවර ඒවාද?
- සම්පත් හවුලේ භාවිත කිරීමේ දුශ්කරතාවය.
- දත්ත අතිරික්තව පැවතීම.
- සන්නිවේදන පිරිවැය.
ඉහත ප්‍රකාශ වලින් සත්‍ය වනුයේ,
- a,c
- a, b
- b, c
- a, b ,c
185. රූපවාහිනී විකාශය සන්නිවේදනයට (Television Broadcasting) උදාහරණයක් ලෙස සැලකිය හැක්කේ,
- ඒක පථ (Simplex)
- අර්ධ ද්වීපථ (Half Duplex)
- පූර්ණ ද්වීපථ (Full Duplex)
- සෘජු ලක්ෂය (Point to Point)
186. ලෝක විසිරි වියමන (World Wide Web) හොඳින්ම විස්තර කර ඇත්තේ,
- අන්තර්ජාලය (Internet) සඳහා යෙදෙන තවත් නමකි.
- ලෝක ව්‍යාප්ත පරිගණක ජාලයක් වශයෙනි.
- අන්තර්ජාලය (Internet) හරහා ප්‍රවේශ විය හැකි අන්තර් සම්බන්ධිත (Interconnected) අධිපාඨ (Hyperlinks) අඩංගු ලේඛන (Documents) පද්ධතියයි.
- දැවැන්ත විද්‍යුත් ලේඛන සුරක්ෂිතාගාරයක් (Repository) වශයෙනි.
187. දුම්රිය මාර්ගයක තනි ධාවන පථයක් සහිත උමගක් තුළින් දුම්රිය දෙකක් එකිනෙකට විරුද්ධ දිශාවනට ධාවනය වීම නිදසුනක් ලෙස ගත හැක්කේ, දත්ත නාලිකාවන් තුළින් සිදුවන,
- ඒකපථ (Simplex) දත්ත සන්නිවේදනය පැහැදිලි කිරීම සඳහාය.
- අර්ධ ද්වීපථ (Half Duplex) දත්ත සන්නිවේදනය පැහැදිලි කිරීම සඳහාය.
- පූර්ණ ද්වීපථ (Full Duplex) දත්ත සන්නිවේදනය පැහැදිලි කිරීම සඳහාය.
- සෘජු ලක්ෂක (Point to Point) දත්ත සන්නිවේදනය පැහැදිලි කිරීම සඳහාය.
188. යතුරු පුවරුවේ විශේෂ සලකුණු (Special Tokens/ Characters) ලෙස නොසළකනුයේ,
- $
- @
- ?
- #
189. 2GB මතකය (memory) තුල්‍ය (equivalent) වනුයේ,
- 2048KB
- 211 MB
- 210 MB
- 1024MB
190. ස්ථානීය ප්‍රදේශ ජාල (Local Area Networks - LANs) පිළිබඳව පහත සඳහන් ඒවා අතුරෙන් සත්‍ය නොවන්නේ,
- භූගෝලීය වශයෙන් කුඩා ප්‍රදේශයක ව්‍යාප්ත වීම.
- සාමාන්‍යයෙන් තනි පුද්ගලයෙකුට හෝ තනි ආයතනයකට අයත් වීම.
- විවිධ අතුරු මුහුණත් (Interfaces) සහිත හවුලේ භාවිතා වන දත්ත සන්නිවේදන මාධ්‍ය සමූහයකින් යුක්ත වීම.
- සාමාන්‍යයෙන්, බසය (Bus), තරුව (Star), මුදුව (Ring) යන මූලික ස්ථල (Topologies) වලින් සමන්විත වීම.
191. දත්ත සැකසීමට තාක්ෂණය (Technology) යොදා ගැනීම තුලින් පහත ප්‍රතිලාභ ලබාගත හැක. මේවායින් වැදගත් කරුනක් නොවන්නේ,
- වේගවත් වීම
- නිරවදතාවය
- අලංකාර වීම
- විශ්වාසදායී වීම
192. පහත දැක්වෙන ප්‍රකාශ සලකන්න
- සසම්භාවී පිවිසුම් මතකය (Random Access Memory - RAM) ඉක්මනින්ම ක්ෂය වන (Volatile) මතකයකි
- දෘඩාංග තැටිය (Hard Disk) සහායක ගබඩා උපකරණයකි (Auxiliary Storage Device )
- නම්‍ය තැටියක (Floppy Disk) , සංගත තැටියකට (Compact Disk) වඩා දත්ත ගබඩා කළ හැකිය
ඉහත ප්‍රකාශ අතුරෙන් සත්‍ය වනුයේ,
- a පමනි
- c පමනි
- a හා b පමනි
- b හා c පමනි
193. A හා B නම් වූ පරිගණක දෙකෙහි මතක ධාරිතාව පිළිවෙලින් 1GB හා 1024MB වේ. ඒවායේ මතක ධාරිතා (Memory Capacity) සම්බන්ධයෙන් නිවැරදි වගන්තිය වනුයේ,
- B පරිගණකයට වඩා වැඩි මතක ධාරිතාවයක් A පරිගණකයට තිබේ.
- A පරිගණකයට වඩා වැඩි මතක ධාරිතාවයක් B පරිගණකයට තිබේ.
- පරිගණක දෙකෙහිම මතක ධාරිතා සමාන වේ.
- විවිධ මිනුම් ඒකක භාවිතා කර ඇති බැවින් පරිගණක දෙකෙහි මතක ධාරිතා සැසඳිය නොහැකිය.
194. සමන් ලඟ බිටු (bits) 10,256 ක ප්‍රමාණයක විද්‍යුත් සමර්පනයක් (presentation) තිබේ. මෙය ආචයනය කිරීම (store) සඳහා භාවිතා කළ හැකි සුවනීය සැනෙලි ධාවකයේ (portable flash drive) අවම ධාරිතාවය වියහැක්කේ,
- 256 bytes
- 1KB
- 1MB
- 1GB
195. අන්තර්ජාලයට (Internet) සම්බන්ධව පහත වගන්ති සලකා බලන්න,
- අන්තර්ජාලයට සම්බන්ධ වීම සඳහා සෑම යන්තයකටම IP නමින් හැඳින්වෙන අනන්‍ය ලිපිනයක් (unique address) අවශ්‍ය වේ.
- www යන්න විද්‍යුත් ලේඛන එකතුවකින් සමන්විත වේ
- අන්තර්ජාලය හරහා ප්‍රවේශ විය හැකි HTML ලේඛනයන් වෙබ් පිටුවක් (Web page) ලෙස හැඳින් වේ.
ඉහත සඳහන් වගන්ති අතුරෙන් සත්‍ය වන්නේ,
- a හා b පමනි
- a හා c පමනි
- b හා c පමනි
- a, b, c පමනි
විවරණය සහ පිළිතුරු පසු ලිපි මගින් බලාපොරොත්තු වන්න.