151. ට්‍රාන්සිස්ටරය (Transistors) භාවිතා වනුයේ,
පිළිතුරු: ට්‍රාන්සිසිටරය දෙවන පරම්පරාවේ පරිගණක වල භාවිතා විය. පිළිතුර 2 වේ.
152. අනුකලිත පරිපථ (Integrated Circuits - IC) භාවිතා කළ පරිගණක පරම්පරාව වනුයේ,
පිළිතුරු: අනුකලිත පරිපථ (Integrated Circuits - IC) භාවිතා කළ පරිගණක පරම්පරාව වනුයේ තෙවන පරම්පරාව (3rd Generation). පිළිතුර 3 වේ.
153. ක්ෂුද්‍ර පරිපථය (Micro Processor) නූතන පරිගණක නියෝජනය කරයි. එය අයත්වන පරම්පරාව වනුයේ,
පිළිතුරු: ක්ෂුද්‍ර පරිපථය (Micro Processor) නූතන පරිගණක නියෝජනය කරයි. එය අයත්වන පරම්පරාව වනුයේ හතරවන පරම්පරාවටයි. පිළිතුර 4 වේ.
154. පස්වන පරම්පරාවේ පරිගණක නිර්මාණය කරනු ලබන්නේ පහත සඳහන් ඒවායින් කුමක් අරමුණු කරගෙනද,
පිළිතුරු: පස්වන පරම්පරාවේ පරිගණක නිර්මාණය කරනු ලබන්නේ රොබෝ තාක්ෂණය, කෘතීම බුද්ධිය, කුඩා පරිගණකය යන ලක්ෂණ සැලකිල්ලට ගෙනයි. පිළිතුර 1 වේ.
155. දෙවන පරම්පරාවේ පරිගණක වල ඇති ලක්ෂණ දෙකකි.
පිළිතුරු: පෙර යන්ත්‍ර වලට සාපේක්ෂකව අඩු විදුලි බලය භාවිතය සහ ප්‍රමාණයෙන් කුඩා වීම දෙවන පරම්පරාවේ පරිගණක වල ඇති ලක්ෂණ දෙකකි. පිළිතුර 1 වේ.
156. පරිගණක වැඩසටහන් ගබඩා කිරීමේ සංකල්පය (Stored program concept) සොයා ගනු ලැබුවේ කවරකු විසින් ද?
පිළිතුරු: පරිගණක වැඩසටහන් ගබඩා කිරීමේ සංකල්පය (Stored program concept) සොයා ගනු ලැබුවේ ජෝන් වොන් නියුමාන් (John Von Neumann) විසිනි. වර්ථමානයේ භාවිතා වන පරිගණක වල මෙම වොන් නියුමාන්ගේ සංකල්පය භාවිත වේ. පිළිතුර 3 වේ.
157. මිනිසා විසින් නිර්මාණය කළ ගබඩා කළ ක්‍රමලේඛන (stored program) යොදා ගත් මුල්ම අංකිත පරිගණකය කුමක් ද?
පිළිතුරු: මිනිසා විසින් නිර්මාණය කළ ගබඩා කළ ක්‍රමලේඛන (stored program) යොදා ගත් මුල්ම අංකිත පරිගණකය වන්නේ EDVAC වේ. පිළිතුර 4 වේ.
158. බැබේජ්ගේ “Analytical Engine ”නිර්මාණය පාදක වී ඇත්තේ ........................... මතය.
පිළිතුරු: බැබේජ්ගේ “Analytical Engine ”නිර්මාණය පාදක වී ඇත්තේ යාන්ත්‍රික තාක්ෂණය යි. පිළිතුර 1 වේ.
159. ............. දී .......... විසින් ඉලෙක්ට්‍රොනික වෑල්වය (Electronic Valve) සොයා ගැනීම නූතන පරිගණක තාක්ෂණය සඳහා මුල් ගල තැබීමක් විය. මෙහි හිස්තැන් පිරවීම සඳහා වඩාත් යෝග්‍ය වන්නේ,
පිළිතුරු: 1906 දී ෆොරස්ට් විසින් ඉලෙක්ට්‍රොනික වෑල්වය (Electronic Valve) සොයා ගැනීම නූතන පරිගණක තාක්ෂණය සඳහා මුල් ගල තැබීමක් විය. පිළිතුර 4 වේ.
160. පහත සඳහන් කවර ප්‍රකාශ නිවැරදි වන්නේ ද?
පිළිතුරු: ක්ෂුද්‍ර සකසනය සිව් වන පරම්පරවේ පරිගණක නියෝජනය කරයි. රික්තක නල පළමු වන පරම්පරාවේ පරිගණක නියෝජනය කරයි. සමෝධානික පරිපථ තෙවන පරම්පරාවේ පරිගණක නියෝජනය කරයි .පිළිතුර 4 වේ.
තවත් කොටසක් බලාපොරොත්තු වන්න.