Microsoft Excel යනු ගණනය කිරීම්, වාර්තා වගූ ආදිය ඇසුරින් විවිධ කටයුතු පහසුවෙන් කර ගැනීමට සකසා ඇති Spread sheet වර්ගයේ Software Package යක් වශයෙන් හදුන්වා දිය හැක. Spread sheet යනු තීරු (Column)සහ පේලි (Row)වලට බෙදා වෙන් කරන ලද විද්‍යුත් පත්‍රිකාවකි. මෙවැනි Spread sheet තුල ගිණුම් තැබීම් (Accountancy), සංඛ්‍යා වාර්තා සැකසීම් (Mark Sheet), තොග ගණනය (Stock),ප්‍රමාණ ගණනය (Bill of Quantities)යනාදිය කළ Spread sheet Package බොහොමයක් පරිගණක ලෝකයේ භාවිතා වන අතර ඉන් ප්‍රචලිත කීපයක් පහත දැක්වේ.
Spread sheet Packageඅතරින් Microsoft Office නම් වූ යෙදවුම් මෘදුකාංග කට්ටලයේ එන MS Excel වැඩසටහන් පද්ධතිය දැනට භාවිතා වන ජනප්‍රිය වැඩසටහන් පද්ධතියකි.
EXCEL භාවිතා කිරීමේ වාසි
සහ වෙනත් කටයුතූ නිවැරදිව හා ඉක්මනින් කරගැනීමට හැකිවීම ආදිය දැක්විය හැක.
MS EXCEL හි අවාසි කිහිපයක්
Starting the Program
Excel ක්‍රියාත්මක කිරිම සඳහා පරිගණකයේ MS Office වැඩසටහන යටතේ Excel වැඩසටහන පිහිටුවා තිබිය යුතුය. Excel පිහිටුවා ඇති පරිගණකයක පහත පියවර අනුගමනය කිරිමෙන් Excel තිරයට ලබා ගත හැකිය.
Start ---> Programs ---> MSExcel
Excel තිරය හදුනාගැනීම
Excel Package ය Load වී තිරයට පැමිනි පසු පහත දැක්වෙන පරිදි එය තිරය මත දිස්වේ. මෙහි ඔබට සිරස් හා තිරස් අතට ඉරි වලින් වෙන් වූ කොටු විශාල ප්‍රමාණයක් දැකිය හැක. මෙම කොටු Cells ලෙස හදුන්වයි. Cells ඇතුලත් තිරය Work Sheet ලෙස නම් කරයි.
Work Sheet
Work Sheet යනු පැතුරුම් පතකි. පැතුරුම් පතක සිරස් හා තිරස් අතට ඛෙදි ගොස් තිබේ. පරිගණක තිරයේ එක් වරකට දිස් වන්නේ මෙම තිරු හා පේළි සිමිත ප්‍රමාණයක් පමණි. සාමාන්‍ය Work Sheetයක් තීරු 256 ක් හා පේළි 65536 කින් සමන්විතය.
Work Book
Excel Package යෙහි ඇති Work sheet කිහිපයක එකතුවක් Work Book නමින් හදුන්වනු ලැබේ. උදාහරණ ලෙස Work Book යන්න පොතක් වශයෙන්ද Work Sheet එහි පිටු ලෙසද දැක්විය හැකිය.කෙසේ වුව ද එක්වරකට තිරයේ දැකිය හැක්කේ එක් Work Sheet යක් පමණි. එහෙත් අළුත් Work Bookඑක තිරය මතට ලබා ගැනීමේදීWork Sheet 3ක් දැකිය හැකිය. පොතක පිටු පෙරලන්නා සේ අවශ්‍ය විටකWork Book හි ඇති අනෙකුත් Work Sheetතිරය මතට ලබා ගත හැක. Excel තිරයට ගත් විට ස්වයංක්‍රීයවම Work Book 1විවෘත වී පළමු Work Sheetය තිරයේ දිස් වේ. තවද දෙවන සහ තෙවන Work Sheetවල නම්ද තිරයේ පහත දිස් වේ. අවශ්‍ය විටක මෙම Work Sheetහි නම මත Mouse Click කිරීමෙන් ඒවා එකින් එක තිරයේ දිගහැර ගත හැක.Work Book එකක සාමාන්‍යයෙන් ඇත්තේ Work Sheet තුනක් පමණි. එහෙත් පරිගණක මතකයේ ඉඩ ප්‍රමාණය අනුවWork Sheet ප්‍රමාණයක් එකතු කර Work Bookවිශාල කරගත හැකිය.