Adding Object
Power Point හිදී Slide යක් මතට ලබා ගන්නා සෑම දෙයක්ම Object එකක් ආකාරයට Slide එක මතට ලබාගැනීම සිදු කරයි. සෑම Slide එකක් සඳහා ම අවම වශයෙන් Text box දෙකක් තිබේ. එකක් මාතෘකාව සඳහා ද අනෙක bullets ඇතුලත් කර ඇති ආකාරයට පෙන්වයි. එම කොටසේ දී අපගේ තොරතුරු ඇතුල් කිරීම සිදු කල හැක. Text box එකක් ම Object එකක් ලෙස සලකනු ලැබේ. Clip Art, Word Art, Chart වැනි Object අපට පසුව ඇතුල් කර ගැනීමට අවස්ථාව ලබා දෙයි.
එමෙන්ම දැනට Slide ය මත තිඛෙන Object හෝ අප ලබා ගන්නා ලද Object ද අපට අවශ්‍ය විටක මකා දැමීමට Cut, Copy කිරීම සිදු කල හැකිය.
Inserting Object
Slide එකක් මතට කිසියම් Object එකක් ඇතුල් කරගැනීම සඳහා Slide View හෝ Normal View අවස්ථාව භාවිතා කළ යුතුය. ඔබට object එකක් ඇතුල් කර ගැනීමට අවශ්‍ය වන්නේ නම් Slide Layout එක තෝරා ගන්නා අවස්ථාවේදී ම එය සිදු කල හැකිය. එහිදී අප ඇතුල් කිරීමට බලාපොරොත්තු වන Object වලට ගැලපෙන ආකාරයේ Slide layoutඑකක් තෝරා ගැනීම මගින් එය පහසුවෙන් ම කළ හැකිය. එසේ තෝරා ගත් Layout යක සිට අදාල Object ඇතුල් කිරීම සිදු කරන්නේ නම් ඔබ විසින් කල යුතු වන්නේ අදාල Object එක මත Double click කිරීමයි. එහිදී එම Object ඇතුල් කර ගැනීමට හා ඒවායේ වෙනස් කම් කිරීමට අවස්ථාව ලබාදිය හැකිය.
Chart
Slide තුලට විවිධ ප්‍රස්ථාර ආදිය ඇතුල් කර ගැනිම සඳහා අවශ්‍ය වු විට Chart විධානය භාවිතා කරනු ලබයි.
Insert ---> Picture ---> Chart විධානය භාවිතා කරන්න. එවිට පහත තිරය ලබා දේනු ලැබේ.
මෙවිට ප්‍රස්ථාරයක් තිරය මතට පැමිනෙන අතර එය පරිගණකය විසින් ලබා දී ඇති තොරතුරු මත නිර්මාණය වී ඇත. අපට අවශ්‍ය දත්ත ඇතුළු කර ප්‍රස්ථාරය ලබා ගත යුතු නම් ලැඛෙන දත්ත වගුවට අපට අවශ්‍ය දත්ත ඇතුල් කල යුතුය. ප්‍රස්ථාරය තිරය මතට ලබා ගත් පසු ප්රස්ථාරයෙහි පැහැය, අකුරු වල ප්‍රමාණය, මාතෘකාවෙහි අකුරු වර්ගය ආදිය වෙනස් කල හැකිය.
Slide Transition
අප විසින් සකස් කරනු ලැබු Presentation එකෙහි ඇති එක් Slide, Slide Show අවස්ථාවේ දී තිරය මතට පැමිණෙන ආකාරය මින් සකසා ගත හැකිය. මෙහි ඇති විශේෂත්වය නම් එක් එක් Slide අප තෝරාගත් රටාවට අනුරුපව නිරායාසයෙන් ම තිරය මතට පැමිණීමයි.
Transition එක යෙදිය යුතු Slide ය තිරය මතට ලබාගන්න.
Slide Show --->Slide Transition විධානය තෝරන්න.
ලැඛෙන කවුලුවෙහි,
Apply to selected slide
මෙහිදී තිරය මතට ලබා ගෙන ඇති Animation ය තිරයට පැමිණිය යුතු අකාරය තෝරා ගත හැකිය.
Modify Transition
මෙහිදී තෝරාගත් Animation ය මගින් Slide ය තිරයට පැමිණිය යුතු වේගය තෝරා ගත හැක. එමෙන්ම Slide ය තිරයට පැමිණීමේදී Sound ඇතුල් කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා ද අවස්ථාව ලබා දේ.
Advance Slide
මේ යටතේදි Slide ය තිරය මතට පැමිණිය යුත්තේ මවුසය Click කිරිමෙන් අනතුරුව ද එසේ නැතිනම් ස්වයංක්‍රියව ද යන්න තෝරාගැනිමට අවස්ථාව ලැබේ. Slide ය ස්වයංක්‍රියව තිරය මතට පැමිනෙන්නේ නම් ඒ කොපමණ කාලයකට පසුව ද යන්න අප විසින් තෝරාගත යුතු වේ.
ඉහත සියලුම තෝරාගැනිම් සිදුකිරිමෙන් අනතුරුව,
Apply - දැනට තිරයට ලබා ගෙන ඇති Slide යට පමණක්
Apply All - Presentation එකෙහි ඇති සියලුම Slide සඳහා ද තෝරාගත් Animation ය ආදේශ වේ.
මෙසේ Slide සඳහා ලබා දුන් Transition බලා ගැනීම සඳහා Play විධානය හෝ Slide Show විධානය භාවිතා කල හැකිය.