Open සකසන ලද ලිපි තිරය මත දිගහැර ගැනීම
සකසන ලද ලිපි සුරකෂිත කරනු ලබන්නේ අවශ්‍ය වූ විටෙක නැවත දිගහැර ගැනීම සඳහාය. මේ සදහා අප සකස් කරන ලද ලිපිය දෘඩ තැටියේ යම් ස්ථානය ගබඩා කර තබා ලැබේ. ලිපි දිගහැරෙන්නේ ඒ ඒ Package ය අනුවය. උදා -: word හි සිට Open window වෙත ගිය විට පෙන්වන්නේ Word Document පමණක්වීම.
File ---> Open ---> Ok යන විධානය භාවිතා කරන්න.
Look In - මෙහිදී ලිපිය save කරන ලද ගබඩාව තෝරාගන්න. එය නොදන්නා අවසථාවන් හි එකින් එක දිගහැර බැලීමට සිදුවේ.
File Name - ලිපිය Save කිරීමේදී එයට ලබාදුන් නම මෙහි සඳහන් කරන්න. (එසේ නොමැති නම් ලිපියෙහි නම තෝරා Mouse Click කරන්න)
Selecting Text යනුවෙන් හඳුන්වනු ලබන්නේ Type කරන ලද දෙයක් විශේෂකර දැක්වීමයි. මෙය Block කිරීම(select) යනුවෙන්ද හඳුන්වනු ලබයි. Type කරන ලද දෙයෙහි යම් වෙනසක් කිරීමට අවශ්‍ය වු විට අනිවාර්යයෙන්ම එම කොටස Select කර පෙන්විය යුතුය.
Cut කිරීම,Copy කිරීම, Font Style, Color, Size, Underline ආදී වෙනස්වීම් වලට භාජනය කරන අවස්ථා උදාහරණ ලෙසට ගත හැක.
Selecting Text (වචනයක් විශේෂකර පෙන්වීම)
Selecting Row (පේලියක් විශේෂකර පෙන්වීම)
Selecting Paragraph (ඡේදයක් විශේෂ කර පෙන්වීම)
SelectingDocument (සම්පූර්ණ ලියවිල්ලක් විශේෂකර පෙන්වීම)
Insert Text, Paragraph And Documents
යම් ස්ථානයකට වචනයක්, ඡේදයක් සම්පූර්ණ ලිපියක් ඇතුල් කරගැනීම මෙහිදි අදහස් කරයි. ලිපියක් සැකසීමේදී ඉහත සඳහන් දෑ අලුතින් ඇතුල්කිරීමට සිදුවන අවස්ථා ඇත. එවැනි අවස්ථාවල දී Cursor ය ලිපියේ එම ස්ථානයට ගෙන ගොස් Mouse ය Click කර අවශ්‍ය දෙය ඇතුල් කිරීම කලහැකි. (Type කිරීම හෝ වෙනත් ස්ථානයකින් Copy කල දෙයක පිටපතක් ගෙනවිත් දැමීම ආදී වශයෙනි.)
Delete Text, Paragraph And Documents (වචනයක් ඡේදයක් සම්පූර්ණ ලිපියක් මැකීම)
අලුතින් ඇතුල්කරන දේ මෙන්ම ලිපියෙහි ඇති සමහර තොරතුරු මකාදැමීමට සිදුවන අවස්ථාද ඇත. එසඳහා භාවිත කල හැකි ක්‍රම කිහිපයක් වේ.
Edit ---> Select All යන විධානය භාවිතයේ දී පිටු ගණනාවක ලියා ඇති දෙයක් වුවද එකවර Select කර ගැනීමට හැකිවේ.
Edit ---> Clear - Select කරන ලද සියල්ල මැකීයයි (Documents)