තාරකා විද්‍යාව ට අත්වැලක් ( 02 කොටස )
(මෙම ලිපි පෙළ පාසල් පෙළ පොත් , පුවත් පත් , අතිරේක පොත් හා අන්තර්ජාලය අැසුරින් සැකසුණි.)
පැරණි ගංඟා නිම්න ශිෂ්ටාචාර අතුර සංචාරය කළ අරාබි ජාතිකයෝ එ්වායේ වූ දැනුම සංකලනය කර නූතන තාරකා විද්‍යාව බිහි කළහ .
තාරකා විද්‍යාව අද පවතින තත්ත්වය ට පත්වීම
තාරකා විද්‍යාව අද පවතින තත්ත්වය ට පත්වීම සඳහා බොහෝ කරුණු බලපා අැත. ඉන් කිහිපයක් පහත දැක්වේ.
පයිතගරස් යනු ලොව බිහි වූ ශ්‍රේෂ්ඨ ගණිතඥයෙ කු මෙන් ම දාර්ශනිකයෙකු ද විය. සියල්ල ගණිතය තුළින් විග්‍රහ කළ හැකි බව එතුමා විශ්වාස කළේ ය. පෘතුවිය ගෝලාකාර බව පළමුව ගණිතය භාවිතයෙන් ප්‍රකාශ කිරීමේ ගෞරවය මෙතුමා ට හිමිවේ .
අැරිස්ටෝටල් පෘතුවිය ගෝලාකාර බව ඔප්පු කිරීම ට ප්‍රබල තර්ක දෙකක් යොදා ගත්තේය.
සූර්ය කේන්ද්‍රීය අාකෘතිය යනු සූර්යයා විශ්වයේ කේන්ද්‍රය බවටත් අන් ග්‍රහ වස්තු සූර්යයා වටා ගමන් කරන බවට ත් පිළි ගැනීමයි. භූ කේන්ද්‍රීය අාකෘතිය ට වඩා මෙය සත්‍යය ට සමීප විය.
ක්ලොඩියස් ටොලමියස් අැරිස්ටෝටල් ගේ භූ කේන්ද්‍රීය අාකෘතිය පිළි ගත්ත ද ඔහු අල්මගෙස්ට් නම් කෘතිය රචනා කිරීම පසුකාලීන තාරකා විද්‍යාඥයන් ට අත්වැලක් විය.
පල්ලියෙන් එල්ලවන තර්ජනවලින් අාරක්ෂා වීම ට ඔහු තම ලේඛනය නිර්නාමිකව ඉදිරිපත් කළේය. නමුත් ඔහු පවසා තිබුණේ ග්‍රහ වස්තු සූර්යයා වටා වෘත්තයක අාකාරය ට ගමන් කරන බව යි.
ඩෙන්මාර්ක් ජාති්ක ටයිකෝ බ්‍රාහේ විසින් අැරිස්ටෝටල් ගේ භූ කේන්ද්‍රීය අාකෘතිය පිළි ගත්ත ද ඔහු තාරකා අධ්‍යයනය ට විවිධ උපකරණ නිෂ්පාදනය කිරීමපසුකාලීන තාරකා විද්‍යාඥයන් ට අත්වැලක් විය. ඔහු එකල පැවති තාරකා විද්‍යාත්මක වගු නිවැරදි කිරීමට ද කටයුතු කළේය.
ක්‍රි.ව. 1608 දී ඔ්ලන්ද ජාතික හැන්ස් ලිපර්ෂි විසින් දුර දක්නයක් සාදා අැති බව දැන ගත් ගැලීලියෝ ගැලිලි තමා විසින් ම දුර දක්නයක් නිපදවා එ් තුළින් සූර්යයාගේ ලප අැති බව ,චන්ද්‍රයා මතු පිට කඳු මිටියාවත් අැති බව ,සිකුරු ග්‍රහයාගේ කලා අැති බව ,බ්‍රහස්පති ග්‍රහයාගේ විශාලතම චන්ද්‍රයන් හතර දෙනාගේ පිහිටීම නිරීත්ෂණය කළේය.