ඉඟි වැකි - 2
- සායම ගියා - ගෞරවය කෙලෙසී ගියා
- වැලේ වැල් නැතිව - මහත් ආර්ථීක දුෂ්කරතා මැද
- හැටට හැටේ - අධික වේගයෙන්
- කුණු කොල්ලෙට - ඉතා අඩු මුදලකට
- ලනුවක් කාලා - උපායකට හසු වී
- මොර සුරන වැස්සේ - තද වැස්සේ
- කණ කොකා හඩලා - විනාශය ළං වෙලා
- ඉස් පිල්ලක් පා පිල්ලක් නෑර - කිසිවක් අත් නොහැර
- ඇගේ එල්ලෙනවා - අකමැත්ත තිබියදීත් බලෙන් සම්බන්ධ වෙනවා
- අතපල්ලෙන් වැටුණු - කාත් කවුරුවත් නැති
- අහස පොළව ගැටලමින් - විවිධ විසදුම් සොයමින්
- අලගු තියන්නවත් බැරි - සුළුවෙන් සමාන කළ හැක
- ඉස්පාසුවක් - විවේකයක්
- කඔ ඇදීමක් - එකග බව නැති බවක්
- කජු කන්නා සේ - ඉතා පහසු
- වැල් වටාරම් - අනවශ්‍ය විස්තර
- හමස් පෙට්ටියට දමා - ක්‍රියාත්මක නොකොට
- වතුරේ ගියා - අපතේ ගියා
- ඉහේ මලක් පිපුණා - දැඩි සතුටක් ඇති වුණා
- අත්වල හිරි ඇර ගත්තා - රිසි සේ පහර දුන්නා
- නව එළියක් - අලුත් දියුණුවක්
- අන්දුන් කුන්දුන් වී - පුදුමයට පත් වී
- පණට පණ මෙන් - ඉතා හිතවත් ලෙස
- අනුනවයෙන් බේරුණා - යම්තමින් ගැලවුණා
- ආයුබෝවන් කියනවා - සමුගන්නවා
- ඉර හද දුටු - බොහෝ කාලයක් ජීවත් වු
- කෝකටත් තෛලය - හැම ප්‍රශ්නයකට ම එකම විසදුම්
- උල්පන්දම් දෙනවා - රහසින් අනුබල දෙනවා
- කිඹුල් කදුළු හෙළමින් - බොරු කනගාටුවක් පෙන්වමින්
- මඩ ගැසීම - නින්දා ගෙන දෙන
- කෙන්ද කන්ද කරන - සුළු දෙයක් ලොකු දෙයක් ලෙස සළකන
- කට වැඩියි - උවමනාවට වඩා කතාව වැඩියි
- දිව දෙකේ මිනිසා - ස්ථීර වචනයක් නැති තැනැත්තා
- හය හතර නොදන්නා - හොද නරක නොදත්
- යකා නැග්ගා - තද කෝපයක් ඇති වුණා
- ඇගිලි ගනිමින් - මහත් බලාපොරොත්තුවෙන්
- ඇමක් ගිල්ලා - උපායකට හසු වෙලා
- ඉර හද හා සටන් වැදුණා - දිවා රෑ නොබලා වැඩ කළා
- මර ඇදේ දී - අන්තිම අවස්ථාවේ
- උගුරට හොරා බෙහෙත් කෑම - අකමැත්තෙන් යමක් කිරීම
- පැදුරටත් නොකියා - කිසිවෙකුට නොදන්වා
- අමු කැවිලා - දැගලිල්ල වැඩි වෙලා
- කොළේ වහළා හැගීම - ඇත්ත වසන් කිරීම
- අතමාරුවක් - ණය මුදලක්
- ඉහ නිකට බලා - ගෞරවාන්විත
- තෙලෙන් කා කිරෙන් අත හෝදන - සුඛෝපභෝගී ජීවිත ගෙවන
- දඩමීමා කර ගත් - අයුතු සේ යොදා ගත්
- අත් පා බැද තබා - නිදහස නැති කොට
- හරුබරස්සම - සියලු වත්කම්
- මුළු සේසත ම - සන්තක සියලු ධනය
- සිකුරට ම - ස්ථීර ව ම
- හරි හතරුස් විදිහට - අංග සම්පූර්ණ ව
- කත් අදිනවා - ලොකු අයට අනිසි ලෙස වැඩ පළ කර දෙනවා
- කසු කුසුව - රහස් කතා බහ
- බඩට ගහනවා - රුකියාව නැති කර ගන්නවා
- එක පයින් - ඉතා කැමැත්තෙන්
- ගල් ගිල්ලා වගේ - නිශ්ශබ්ද ව
- හුඹස් බිය - අස්ථාන බිය
- අන්ද මන්ද වී - පුදුමයට පත් වී
- ඉවක් බවක් නැතුව - වග විබාගයකික් තොර ව
- අර අදිනවා - සූදානම් වෙනවා
- හොරගල් අහුලනවා - යමක් වසන් කොට වෙන දෙයක් කරනවා
- ඉබා ගාතේ යනවා - අරමුණකින් තොර ව කටයුතු කරනවා
- කරල පැහිලා - වාසියක් අත්වෙලා
- ආපයින් යනවා - නොරුදී ආපසු යනවා
- බොර දිය මාළු අල්ලනවා - අවුල් තත්වයෙන් වාසියට වැඩ කර ගන්නවා
- කනින් රිංගුවා - මුළා කළා
- එක්ටැම් ගෙයින් බැසිය යුතු - සමාජයෙන් ඈත් වී නොසිටිය යුතු
- උඩ ගෙඩි දෙනවා - උසි ගන්නවා
- කැලෑ නීතිය - බලවතා දුබලයා පෙළීම
- සුදු හුණු ගනවා - ඇත්ත වසන් කරනවා
- ලිපි ගොනුවලටම යටත් වී - ලිපි ද්‍රව්‍ය ගැනම සැළකිල්ලෙන්
- ඇතැඹුලක් සේ දැන ගත් - සම්පූර්ණයෙන් දැන ගත්
- අලගු තියන්නවත් බැරි - සුළු දෙයක් හෝ සමාන කළ හැකිය
- ගොනාට අන්දනවා - මුළා කිරීමකට සැරසෙනවා
- හරි හතර වරංකාරයෙක් - මහ වංචනික පූද්ගලයෙක්
- මූණෙ දැලි ගෑවෙන - අවනම්බුවක් ගෙන දෙන
- අත් පා බැද තබා - නිදහස නැති කොට
- අගින් කිරි දෙවීම - නිෂ්ඵල කාර්යයක් කිරීම
- සුදු ලුණු පොඩි කරනවා - බොරුවෙන් මුලා කරනවා
- ලුණු ඇඹුල් ඇතුව කියනවා - වඩාත් සැරට කියනවා
- වවුල් වත - වාසි පැත්ත ගැනීම
- සුදු අලියෙක් - වියදම් කරන තරමට ඵල නොලැබෙන දෙයක්