වොලිබොල් ක්‍රීඩාව
වොලිබොල් ක්‍රීඩාව ඉතිහාසය.
වොලිබොල් ක්‍රීඩාවේ ඉතිහාසය දෙස බලන විට මෙය 1895 වසරේ ඇමරිකා එක්සත් රාජධාණියේ හෙලියට් මැසවුසෙට් වලින් ආරම්භ කරන ලදි.වොලිබොල් ක්‍රීඩාවේ නිර්මාතෘ වරයා වන්නේ විලියම්.ජි.මෝගල් මහතාය. මෙම ක්‍රීඩව මුලින් හැදින්වුයේ මින්ගෝනේට් නමිනි. එ.පි. හල්සට් මහතා විසින් මෙම මින්ගෝනේට් නැමති ක්‍රීඩාවට වොලිබෝල් යන නම් තබන ලදි.
1916 ඇමරිකානු ජාතික රොබට් වෙල්ටර් කැමැක් මහතා විසින් වොලිබෝල් ක්‍රීඩාව ලංකාවට හදුන්වා දෙන ලදි. ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් අද සැම පළතක්ම,සැම ජන කොට්ඨාසයක් අතර ම ජනප්‍රිය වී ඇත.වොලිබොල් ක්‍රීඩාවේ ඇති වේගවත් බව, ක්ෂණික ව වෙනස් වන සුලු බව එයට බලපා ඇත.ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව ලෙස 1991 වසරේ සිට වොලිබෝල් ක්‍රීඩාව නම් කර ඇත.වොලිබෝල් යනු දැලකින් දෙපස සිටින ක්‍රීඩකයන් හය දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් දෙකක් අතර පැවැත්වෙන කණ්ඩායම් ක්‍රීඩා තරගයකි. කණ්ඩායම් දෙක වෙන් වනුයේ පිටිය මැද සැකසූ උස දැලකින් වන අතර ප්‍රතිවාදී පිටියේ පන්දුව පතිත වනලෙස පහරදීම ලකුණු රැස් කර ගැනීමේ උපක්‍රමය යි. මෙම පතිත කරවීම සිදුකරනුයේ පිළිගත් නීති මාලාවකට අනුව යි.
වොලිබෝල් ක්‍රීඩාවේ විස්තර
මුල් යුගයේදී මෙම ක්‍රීඩාවේ එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් නම දෙනෙක් ඇතුලත් විය. නමුත් 1920 වන විට මෙය හය දෙනෙකු දක්වා වෙනස් විය. මෙම ක්‍රීඩාව සටන්කාමී ක්‍රීඩාවක් ලෙසින් හැඳින්විය හැක. එයට හේතුව පන්දුව රැගෙන වෙන අයෙකුට පාස් කිරීමත්, ඔහු එයට තද පහරක් එල්ල කිරීමත් සිදු වන නිසාය.මෙම වොලිබෝල් ක්‍රීඩාව වියදම් රහිත වූවකි. එසේම වැඩි කාලයක් වැය නොවන හා වැඩි ඉඩක් ද අවශ්‍ය නොවන ක්‍රීඩාවකි. ආසියාවේ පාසල් අතර මෙම ක්‍රීඩාව ව්‍යාප්ත වීමට මෙය ප්‍රධාන හේතුවකි. පසුව මෙය 1913 දී පෙරදිග ක්‍රීඩා උළෙලට ඇතුලු විය.මෙම ක්‍රීඩාව දැලකින් සමාන කොටස් දෙකකට වෙන් කරන ලද ක්‍රීඩා පිටියක එක් පිලකට හය දෙන බැගින් වු කණ්ඩායම් දෙකක් අතර පැවැත්වෙන ක්‍රීඩාවක් ලෙස වොලිබොල් ක්‍රීඩාව හදුන්වා දිය හැකි ය. තම පිල පැමිණි පන්දුව දැලට ඉහළින් විරුද්ධ පිලට යොමු කිරිම සිදු වන අතර පන්දුව විරුද්ධ පිලෙහි බිම පතිත කිරිමෙන් හෝ සිදු වන වෙනත් වරදක් නිසා ලකුණක් ලබා ගැනිමේ අවස්ථාව ප්‍රතිවාදී කණ්ඩයමට හිමි වේ.
ක්‍රීඩ පිටියේ ස්ථානගත වි සිටින ක්‍රීඩකයන් අතුරින් පසු පෙළෙහි දකුණු පෙත්තේ සිටින ක්‍රීඩකයා ප්‍රතිවදි පිලට පන්දුව යොමුවන සේ පිරිනැමිම තුලින් ක්‍රීඩව අරම්භ වේ.මේ අකාරයට තම පිලට යොමු වන පන්දුව තෙවරක් ස්පර්ශ කර නැවත ආපසු යැව්ය යුතුට.එක් ක්‍රීඩකයේකුට එක පිට දෙපරක් පන්දුව ස්පර්ශ කිරිමට නොහැක.පන්දුව තම පිල තුල පතිත විම,නැවත අනේක් පිලට පන්දුව යැවිමට අපොහොසත් වුවහොත් හෝ වෙනත් යම් වරදක් සිදු වු විට ප්‍රතිවාදි පිලට ලකුණු ලබේ. ලකුනක් හිමි කර ගන්න සෑම අවස්ථාවකම පන්දුව යොමු කිරිමේ අවස්ථාව ලබෙන අතරම ලකුණු හිමි කරගත් කන්ඩායමේ ක්‍රීඩකයන් සෑම කෙනේකුම ඔරලෝසු කටු කැරකැවේන දිෂාවට අනුකූලව එක් ස්ථානයක් ගමන් කල යුතු වේ.
වොලිබෝල් ක්‍රීඩාවේ දක්ෂතා
01.පන්දුව පිරිනැමීම
04 ප්‍රහාරය (SPIKING)
05 වැළක්වීම (BLOCKING)
06 පිටිය රැකීම (COURT DEFENCE)
නව පහරදීමේ තාක්ෂණයන්