2.1 - ප්‍රාග් ඓතිහාසික යුගයේ ජනාවාස

හැඳින්වීම
ශ්‍රී ලංකාව මිනිස් වාසයක් බවට පත් වූයේ මීට අවුරුදු එක්ලක්ෂ විසිපන්දහසකට පමණ ඉහත කාල වකවානුවක දී ය. ඉන්දියානු සාගරය හරහා මෙහි පැමිණි නූතන මානවයා නමින් හැඳින්වෙන හෝමොසාපියන්වරු එසේ මෙරටට සංක්‍රමණය වූහ. එතැන් පටන් ඔවුහු මෙරට විවිධ ප්‍රදේශවලට පැතිර යමින් ඒ ඒ පළාත්වල තිඛෙන පරිසර ස්වරූපවලට හැඩ ගැසුණහ. සැලකිය යුතු තරමේ දීර්ඝ කාලයක් ඔවුන් මේ රටේ ජීවත් වීම නිසා
කාලානුරූප ව ඔවුන්ගේ සංස්කෘතිය ද සකස් විය. සංස්කෘතියේ සිදු වූ එම වෙනස්කම් පදනම් කොට ගෙන ශ්‍රී ලංකාවේ මනුෂ්‍ය පැවැත්මේ ඉතිහාසය අවධි තුනකට ඛෙදා තිබේ. ඒ අවධි කෙබඳු ස්වරූපයේ ඒවා දැ යි යන කාරණයත් ඒ අදාළ කාල වකවානුවල දී ඔවුන් ජීවත් වූ ආකාරය ගැනත් මෙම පාඩමේ දී ඔබට විස්තර කර දෙනු ඇත.

2.1 ප්‍රාග් ඓතිහාසික යුගයේ ජනාවාස
සාහිත්‍ය මූලාශ්‍රය මගින් විස්තර කෙරෙන අතීත කාලයේ ආරම්භයට පෙර තිබූ යුගය පොදුවේ හැඳින්වෙන්නේ ප්‍රාග් ඓතිහාසික යුගය නමිනි. ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගයට සංස්කෘතික අවධි දෙකක් අයත් ය. එයින් පළමුවැන්න දීර්ඝ කාලයක් තිස්සේ පැවති ගල් යුගය යි. දෙවන යුගයට අයත් වන්නේ ශාක ආහාර මත යැපීම වෙත වැඩි නැඹුරුවක් තිබූ සහ ලෝහ භාවිතය සහ ස්ථීරවාසි ජනාවාස ආරම්භ වන කාලපරිච්ඡේදය යි. මේ
අතරින් ගල්යුගය හැඳින්වීමට ප්‍රාග් ඓතිහාසික යුගය යන ව්‍යවහාරයත් දෙවන අවධිය හැඳින්වීමට පූර්ව ඵෙතිහාසික යුගය යන යෙදුමත් භාවිත කෙරේ.


ජනාවාස ව්‍යාප්තිය

ශ්‍රී ලංකාව ජනාවාස කරන ලද්දේ ආදි කාලීන හෝමෝසාපියන් මානවයා විසිනි. එකී මානවයා මෙරට විවිධ දේශගුණික කලාපවලට අනුවර්තනය වෙමින් පුඵල් භූගෝලීය ප්‍රදේශයක ව්‍යාප්ත විය. දඩයමින් සහ තැන තැන ඇවිද යමින් ආහාර එකතු කිරීම ඔවුන්ගේ ප්‍රධාන යැපීම් ක්‍රමය විය.

ශ්‍රී ලංකාවේ ගල්යුගයට අයත් සාක්ෂි හමුවන තැන් බොහෝය. එයින් පළමුවැන්න රත්නපුර සහ එහි අවට ප්‍රදේශවල පිහිටි මැණික් පතල් ය. සාමාන්‍යයෙන් පොළොව මට්ටමේ සිට අඩි 90 ක් පමණ ගැඹුරින් මෙම පතල්වල හමුවන ඉල්ලම් නමින් හැඳින්වෙන බොරලූ මිශ්‍ර පස් තට්ටුවේ ඉතා ඈත යුගයක විසූ මිනිසුන් විසින් භාවිත කරන ලද ගල් මෙවලම් සහ වඳ වී ගිය ඇතැම් සතුන්ගේ ඇටකැබලි තැන්පත්ව තිබේ. ප්ලයිස්ටොසීන භූ අවධියේ දී පැවති අධික වර්ෂා සහිත කාලගුණය නිසා කඳුකර ප්‍රදේශ සෝදා යෑමෙන් හටගත් බොරලූ තට්ටු මෙසේ පහත් බිම්වල තැන්පත් විය.

ශ්‍රී ලංකාවේ අර්ධශුෂ්ක කලාපයේ පොළොවේ මැටි සහිත වැලි පසකින් වැසුණු බොරලූ තට්ටුවක් තිබේ. පුරාවිද්‍යාඥයින් විසින් එය හඳුන්වා තිබෙන්නේ ඉරණමඩු සැකැස්ම යන නමිනි. ඉරණමඩු සැකැස්ම තැන්පත් වූයේ ප්ලයිස්ටොසීන යුගයේ පැවති කෙටි උණුසුම් කාලවල දී ය. මෙම බොරලූ තට්ටුවෙන් ද මෙරට ගල්යුගයට අයත් මෙවලම් හමු වේ.

විවිධ දේශගුණික කලාපවල ජනාවාස ව්‍යාප්තිය
ශ්‍රී ලංකාවේ ප්‍රධාන පරිසර කලාප 6 ක ගල් යුගයට අයත් ප්‍රජාව ජීවත් වී තිබේ. මෙම පරිසර කලාප නම් (A) අර්ධ ශුෂ්ක කලාපය (B) පහතරට වියළි කලාපය (C) පහතරට අතරමැදි වියළි කලාපය (D) තෙත් කලාපය (E) කඳුකර වියළි අතරමැදි කලාපය (F) ශුෂ්ක කලාපය

මෙම පරිසර කලාප තීරණය කිරීමට ප්‍රධාන වශයෙන් සැලකිල්ලට ගනු ලබන්නේ වාර්ෂික වර්ෂාපතන අගයන්වල වෙනස්කම් ය. වර්ෂාපතනයේ වෙනස්කම් අදාළ ප්‍රදේශවල වාසය කරන සතුන්ටත් ශාක ප්‍රජාවටත් ඍජු බලපෑමක් ඇති කරයි. එහෙයින් එකිනෙකට වෙනස් පරිසර කලාපවලට අනුවර්තනය වූ ගල් යුගයේ වැසියන්ගේ ආහාර පරිභෝජනයේ සහ තාක්ෂණයේ යම් යම් විවිධතා ඇති විය. නිදසුනක් ලෙස පහතරට තෙත් කලාපයේ විසූ ගල්යුගයේ ප්‍රජාව සිය ආහාරය සඳහා ගොඩබිම ජීවත් වන බෙල්ලන් වැඩි වශයෙන් යොදා ගත්හ. විවිධ බෙල්ලන් වර්ග පහතරට තෙත් කලාපයේ සුලබ ය. එහෙත් මෙම තත්ත්වය පහතරට වියළි කලාපයේ දක්නට නැත.

එම ප්‍රදේශවල දඩයම් කරන ලද්දේ මුවා, තලගොයා ආදී වියළි කලාපීය පරිසරයේ වැඩි වශයෙන් ජීවත් වන සතුන් ය.

කාලවකවානු
ශ්‍රී ලංකාවේ දකුණු පළාතට අයත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පතිරාජවෙල නම් ප්‍රදේශයේ පිහිටි ඉරණමඩු සැකැස්මට අයත් බොරලූ තට්ටුවෙන් ගල් යුගයට අයත් සාක්ෂි සොයා ගෙන තිබේ. මෙම බොරලූ තට්ටුව විද්‍යාත්මක විශ්ලේෂණය මගින් දින නිර්ණය කිරීමේ දී එය මින් පෙර වසර 125 000 ක් පැරණි බව තහවුරු වී තිබේ. එම දිස්ත්‍රික්කයට ම අයත් බූන්දල වැල්ලේගංගොඩ ප්‍රදේශයේ පොළොව මතුපිට සිට අඩි 24 ක් යටින් පිහිටි ගල්මෙවලම් සහිත බොරලූ තට්ටුව මින් පෙර වසර 80 000 ක කාලවකවානුවකට අයත් ය. ආසන්න වශයෙන් මෙයින් පෙර වසර 125 000 ක සිට අවම තරමින් ක්‍රිස්තු පූර්ව 1800 දක්වා
මෙම ගල්යුගය අඛණ්ඩ ව පැවතිණි. ශ්‍රී ලංකාවේ පළාත් කිහිපයකින් එම සංස්කෘතියේ දීර්ඝකාලීන පැවැත්ම තහවුරු කරන දින වකවානු ස්ථීර කොට තිබේ.
පාහියන්ගල                         - වසර 38 000
කුරුවිට බටදොඹලෙන             - වසර 28 000
කිතුල්ගල ඛෙලිලෙන              - වසර 15 000
බෙල්ලන්බැඳිපැලැස්ස             - වසර 12 000
අත්තනගොඩ අඵලෙන            - වසර 10 350
මානියම්ගම                        - වසර 7 900
සීගිරිය පොතාන                   - වසර 5 800
සීගිරිය අලිගල                     - වසර 5 500
උඩමළල                           - වසර 5 330
මාතොට                           - වසර 3 800

ජනාවාසවල මූලික ලක්ෂණ
ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මානවයා රටේ පවතින එකිනෙකට වෙනස් පරිසර තත්ත්වවලට අනුවර්තනය වෙමින් ව්‍යාප්ත විය. ආහාර සඳහා අවශ්‍ය කරන ස්වාභාවික සම්පත් බහුල ප්‍රදේශවල වාසය කිරීමට ඔවුහු වැඩි කැමැත්තක් දැක්වූහ. පහතරට වැසි වනාන්තර ප්‍රදේශ, වියළි කලාපීය වනාන්තර, මුහුදුබඩ කළපු සහ විල්ලූ ආශ්‍රිත ප්‍රදේශ, කඳුකර තණබිම් ආදී තැන්වල ඔවුන් වාසය කර ඇති බව සොයා ගෙන තිබේ. ජලය පහසුවෙන් ලබා ගත හැකි තැන් සහ ගල් මෙවලම් තනා ගැනීමට අවශ්‍ය කරන පාෂාණ වර්ග බහුල ප්‍රදේශවල ජීවත් වීමට ඔවුහු රුචියක් දැක්වූහ. වියළි කාලගුණයක් පවත්නා කාලවල දී එළිමහන් තැන්වලත් වර්ෂා සහගත
කාලවල දී ස්වාභාවික ගල්ගුහාවලත් ඔවුහු ජීවත් වූහ. දැනට හඳුනාගෙන තිබෙන එවැනි ප්‍රාග් ඓතිහාසික එළිමහන් වාසස්ථාන සහ ගල්ගුහා වාසස්ථාන කිහිපයක් පහත දක්වා තිබේ.
1. මිනිහාගල්කන්ද, බුන්දල, පතිරාජවෙලෙ (වෙරළාශ්‍රිත එළිමහන් වාසස්ථාන)
2. පාහියන්ගල,බටදොඹලෙන, කිතුල්ගලබෛලිලෙන (පහතරට තෙත් කලාපීය ලෙන්)
3. සීගිරියේ පොතාන සහ අලිගල (පහතරට වියළි කලාපීය ලෙන්)
4. බෙල්ලන්බැඳිපැලැස්ස (තෙත් කලාපීය එළිමහන් වාසස්ථාන)
5. බණ්ඩාරවෙල, හෝර්ටන්තැන්න (කඳුකර එළිමහන් දඩයම් වාසස්ථාන)

ජීවන රටාව
මෙම යුගයේ ජනතාව දඩයම් කිරීමෙන් සහ තැන තැන ඇවිද ආහාරයට ගත හැකි ස්වාභාවික දේ එකතු කර ගනිමින් සිය ජීවිකාව පවත්වා ගෙන ගොස් ඇත. එහෙයින් ඔවුහු වර්ෂයේ වැඩි කාලයක් සංචාරක ජීවිතයක් ගෙවූහ. වර්ෂාධික කාලවල දී ස්වාභාවික ගල්ගුහාවල ජීවත් වූහ.

ජනගහනයල කුඩා කණ්ඩායම් ලෙස සංවිධානය වී තිබිණි. සාමාන්‍යයෙන් එක් කණ්ඩායමකට සාමාජිකයෝ 15-25 ත් අතර ප්‍රමාණයක් ඇතුළත් විය. එවැනි කණ්ඩායමකට අයත් වූ උපරිම සංඛ්‍යාව 50 ක් පමණ විනැයි විශ්වාස කෙරේ.

සාමාජිකයින් 5 දෙනෙකුගෙන් යුත් පවුලකට ජීවත් වීම සඳහා වර්ග මීටර 50 ක පමණ ප්‍රදේශයක් ප්‍රමාණවත් වූ බව පෙනේ. බණ්ඩාරවෙල චර්ච්හිල් නම් ස්ථානයෙන් සොයා ගත් ගල්යුගයට අයත් ස්ථානයේ වපසරිය වර්ග මීටර 150කි. එහි පුද්ගලයින් 25 දෙනෙකු ජීවත් වන්නට ඇතැ යි අනුමාන කෙරේ‍ බෙල්ලන්බැඳිපැලැස්සේ ගල්යුගයට අයත් ප්‍රජාව ජීවත් වූ තැන වපසරිය වර්ග මීටර 120 කි. එතැනින් මිනිස් ඇටසැකිලි 30 ක් සොයා ගැනිණි.

මෙම යුගයට අයත් පුද්ගලයින්ගේ ආහාරයේ ස්වභාවය තීරණය වූයේ ඔවුන් ජීවත් වන පරිසරයෙන් ලබා ගත හැකි ව තිබූ සම්පත්වල ස්වභාවය අනුව ය. වියළි කාලවල දී ඔවුහු විවෘත ස්ථානවල තාවකාලිකව අටවා ගත් වාසස්ථානවලකල් ගෙවූහ.

 

ආහාර සෙවීමේ කටයුතු සඳහා එම මානවයෝ දිනකට කිලෝමීටර 7 ක පමණ දුරක් ඇවිද ගියහ. ගල්ගුහාවල ගත කරන ලද්දේ තාවකාලික ජීවිතයක් වූ හෙයින් ඇතැම් අවස්ථාවල තමන්ගේ මියගිය ඥාතීන්ගේ මළසිරුරු ගුහා ඇතුළත වළ දැමූහ. ඇතැම් අවස්ථාවල ලී දඬුවක හෝ අං කැබැල්ලක ආධාරයෙන් ඒ සඳහා වළක් හාරා තිබේ. අනතුරුව මළසිරුරු ඒ වළේ තැන්පත් කොට කසළ රොඩුවලින් එය වසා දමනු ලැබි‚. කිතුල්ගල
බෙලිලෙන ඇතුළත එලෙස මිහිදන් කළ පුද්ගලයින් 12 දෙනෙකුගේ ඇටසැකිලි සොයා ගැනිණි. විවෘත ස්ථානයක් වූ බෙල්ලන්බැඳිපැලැස්සේ ගල් යුගය‍ෙ අයත් සොහොන් බිමෙහි ඇටසැකිලි 30 ක් තිබිණි. පාහියන්ගල ගල්ගුහාවෙන් අවධි කිහිපයකට අයත් පුද්ගලයින් 9 දෙනෙකුගේ ඇටසැකිලි කොටස් සොයා ගෙන ඇත.

ආහාර රටාව
මෙරට ගල් යුගයේ විසූ මිනිසුන්ගේ ආහාර කෙබඳු ව‍ෙ දැ යි අවබෝධ කර ගැනීමට ඉවහල් වන වැඩිමනත සාධක ලැඛෙන්නේ පහතරට වියළි කලාපයේ සහ තෙත් කලාපයේ පිහිටි ගල්ගුහාවලිනි. දැනට සොයා
ගෙන තිඛෙන සාක්ෂි අනුව ආහාරය සඳහා දඩයම් කළ සතුන් අතර ගවරා, කුඵ මීහරකා, කඵ වළහා, වල්ඌරා, ගෝනා, තිත්මුවා, මීමින්නා, ඉත්තෑවා, හාවා, දඬුලේනා, හම්බාවා, මුගටියා, උරුලෑවා, වඳුරා, වලිකුකුළා, හබන්කුකුළා සහ තලගොයා ද වේ. මාංසජනක ධාතු බහුල මිරිදිය මාඵ වර්ග ද අල්ලා ගෙන ආහාරයට යොදා ගෙන තිබේ. පහතරට තෙත් කලාපයේ තිඛෙන ස්වාභාවික දියකඩිතිවල සිටින තිත්තයින් ආදි මසුන් මෙසේ අල්ලා ගත් බව පෙනේ.
පිෂ්ටය ලබා ගැනීමට භාවිත කළ ශාක ආහාර අතර වල්දෙල් සහ කැලෑකෙසෙල් ප්‍රධාන ය. කිතුල්ගල ඛෙලිලෙනෙන් වසර 12 500 කට ඉහත කාල වකවානුවක දී පුලූස්සා ආහාරයට ගන්නා ලද කැලෑදෙල් ඇට පිළිබඳ සාක්ෂි හමු වී තිබේ. මීට අමතර ව පිෂ්ටය බහුල ආහාර ලෙස ගෝනල, සහ කටුඅල, අනුභව කර තිබේ. ආහාර පුලූස්සා අනුභව කළ බවට සාක්ෂි පරීක්ෂා කළ තැන් කිහිපයකින් ම සොයා ගනු ලැබ ඇත.

 

ගොඵබෙල්ලන් ආහාරයට ගැනීමට ප්‍රාග් ඓතිහාසික වැසියෝ මහත් රුචියක් දැක්වූහ. විශේෂයෙන් ම පහතරට තෙත් කලාපයේ ජීවත්වන ගස්ගොඵබෙල්ලන් සහ කළපුවල ජීවත් වන ඛෙල්ලන් මෙසේ ආහාරය සඳහා ගෙන තිබේ. සිය ආහාරය සඳහා අවශ්‍ය කරන ලූණු ලබා ගැනීමට රට ඇතුළත ජීවත් වූ ප්‍රාග් ඓතිහාසික වැසියෝ ඉතා දුර බැහැර ගමන් කළෝ ය. කිතුල්ගල බෙලිලෙනෙන‍් සොයා ගන්නා ලද කළපු බෙල්ලන්ගේ අවශේෂ මුහුදුබඩ ප්‍රදේශවලින් රැගෙන ආ ලූණු සමග මිශ්‍ර වී පැවති ඒවා බව හඳුනා ගෙන තිබේ.

තාක්ෂණය
මේ යුගයට අයත් තාක්ෂණය ගැන දැන ගැනීම‍ට තිබෙන එක ම සාධකය ගල් මෙවලම් ය. එහෙත රත්නපුරයේ මැණික් පතල්වලින් සහ ඉරණමඩු සැකැස්මෙන් සොයා ගෙන තිඛෙන ගල් මෙවලම් ආශ්‍රයෙන් ගල් යුගයේ තාක්ෂණය ගැන සම්පුර්ණ අදහසක් ගොඩ නැගීම අපහසු ය. ඊට හේතුව ප්‍රමාණවත් ගල් මෙවලම් ප්‍රමාණයක් නොලැබීමත් ඒවායේ දිනවකවානු පිළිබඳ දැනට තිඛෙන දැනුම ප්‍රමාණවත් නොවීමත් නිසා ය.

මෙරට ගල් යුගයේ තාක්ෂණය පිළිබඳව විස්තරාත්මක දැනුමක් ලබා ගැනීමට ඉවහල් වන්නේ පුරාවිද්‍යාඥයින් විසින් ජ්‍යාමිතික ක්ෂුද්‍ර ශිලාමෙවලම් යනුවෙන් හඳුන්වනු ලබන කුඩා ප්‍රමාණයේ ගල මෙවලම් ය. මේවා එසේ නම් කර තිඛෙන්නේ ඒවා නිෂ්පාදනය කරන්නට වෑයම් කළ පුද්ගලයින් එකී මෙවලම්වලට ජ්‍යාමිතික හැඩයක් ලබා දීමේ අරමුණින් ගල්පතුරු හැඩ ගස්වා තිඛෙන නිසා ය. මෙවැනි මෙවලමක් දිගින් සෙන්ටිමීටර 4.5 කට වඩා විශාල නොවේ. වැඩි වශයෙන් තිරිවානා ගල් සහ සුළු වශයෙන් කහඳ ගල් භාවිත කොට මෙකී ක්ෂුද්‍ර ගල් මෙවලම් නිෂ්පාදනය කර තිබේ. මේවා සතුන් දඩයම් කිරීමේ සිට කැපීම්, සීරීම්, තැලීම්, හෑරීම් වැනි දේට උචිත පරිදි සකසා ඇත. මීට අමතර ව කළුගල් භාවිත කොට තනන ලද මිටි, ඇඹරුම්ගල් ආදිය ද එකල නිපදවා තිබේ.

මිනිසුන්ගේ ශරීරයේ ස්වභාවය
මෙතෙක් සොයාගෙන තිබෙන ඇටසැකිලි ශ්‍රි ලංකාවේ ගල් යුගයට අයත් මිනිසුන්ගේ ශරීර ස්වභාවය කෙබඳු වී දැ යි යන කාරණය අවබෝධ කර ගැනීමට ඉවහල් වෙයි. සාමාන්‍යයෙන් වැඩුණු පිරිමියෙකුගේ උස සෙන්ටිමීටර 174 කි. වැඩුණු කාන්තාවක් සෙන්ටිමීටර 166 කට වඩා උස් නොවීය. ඔවුන් සියලූ දෙනාගේ දත් විශාල ය. පළල් නාසයක් සහ නිකටක් ඔවුන්ට තිබිණි. වැඩිහිටි පිරිමියෙකුගේ මොළයේ විශාලත්වය ඝන සෙන්ටිමීටර 1600 කි. වැඩුණු ගැහැනු අයකුගේ එය ඝන සෙන්ටිමීටර 920 කි. මානව විද්‍යාඥයන්ගේ අදහස අනුව ප්‍රාග් ඓතිහාසික මානවයාගේ උපරිම ආයු කාලය වසර 35-40 පමණ වන්නට ඇතයි සැලකේ.

 අභිචාර විධි
ගල් යුගයේ පැවති අභිචාර විධි ගැන යම් තරමකට හෝ පැහැදිලි තොරතුරක් ලැඛෙන්නේ ඒ කාලයට අයත් මිනී වැළලීම් සම්බන්ධයෙනි. වැඩි ආයාසයක් යෙදීමෙන් එවැනි කටයුත්තකට දැරූ උත්සාහයක් පිළිබිඹු වන පැහැදිලි අවස්ථාවක් බදුල්ලට නුදුරු රාවණාඇල්ල ගල්ගුහාවෙන් සොයා ගෙන තිබේ. දෙකට ඛෙදෙන සේ සිදුරු විදින ලද මිනිස් හිස් කබලක් එහි කළ කැණීමක දී මතු විය. එම හිස් කබලේ රළුවට පිහිටා තිබුණු දාර සහ පිටතට නෙරා තිබෙන කොටස් ගලක උලා මට්ටම් කර එක් පැත්තක රතු පැහැති ගුරුගල් ආලේප කර තිබේ. රතු පැහැති ගුරුගල් ආලේප කරන ලද මිනිස් ඇටසැකිලිවලට අයත් කොටස් පාහියන්ගල ගල්ගුහාවෙන් ද සොයා ගැනිණි. මළසිරුර එහි කොටස් දිරා යන තුරු යම් තැනක වළලා දමා පසුව ඇටසැකිලි ගොඩ ගෙන නැවත ඒවා තැන්පත් කළ බව මෙවැනි සාක්ෂිවලින් පැහැදිලි වේ. කුරුවිට බටදොඹලෙනෙන් සොය ගත් ඇටසැකිලි නමා වකුටු කර වළලා තිබිණි. ශ්‍රී ලංකාවේ ගල්යුගයේ ජීවත් වූ මිනිසුන් සහ වර්තමාන වැදි ජනතාව අතර සංස්කෘතිකමය වශයෙන් සහ ජීවවිද්‍යාත්මක වශයෙන් සමානතා රැසක් තිබෙ‍න බව පර්යේෂකයින් විසින් පෙන්වා දී ඇත.

ක්‍රියාකාරකම 1
දැනට සොයාගෙන ඇති ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගයේ ජනාවාස ව්‍යාප්තිය සිතියමක ලකුණු කර නම් කරන්න.