2.2 - පූර්ව ඓතිහාසික යුගයේ ජනාවාස

2.2 පූර්ව ඓතිහාසික යුගයේ ජනාවාස
ප්‍රාග් ඓතිහාසික යුගයේ අවසානයත්, ඓතිහාසික යුගයේ ආරම්භයත් අතර කාලපරිච්ඡේදය හැඳින්වෙන්නේ පූර්ව ඓතිහාසික යුගය යනුවෙනි. තාක්ෂණික වශයෙන් මෙය සංක්‍රාන්තික යුගයකිග ශ්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික යුගය ඊට පෙර පැවති ප්‍රාග් ඓතිහාසික යුගයෙන් වෙන් වී පෙනෙන්නේ කරුණු කිහිපයක් පදනම් කොට ගෙන යග පිලිස්සූ මැටි වළං භාවිතය ආරම්භ කිරීමත් ක්‍රමවත් සුසාන චාරිත්‍ර විධියක් අනුගමනය කිරීමත් යන දෑ ඒ අතරින් ප්‍රධාන යග ප්‍රාග් ඓතිහාසික යුගයේ දී පැවති ගල් මෙවලම් තාක්ෂණය වෙනුවට යකඩ ලෝහය භාවිත කිරීම මේ කාලයේ දී ඇරඹිණි. එහෙත් ගල් මෙවලම් භාවිත කිරීම මුළුමනින් ම අතහැර දැමීම සිදු වූයේ පූර්ව ඓතිහාසික යුගයේ අවසන් භාගයේ දී ය. යකඩ භාවිතය ආරම්භ වීම නිසා මෙම යුගය පුර්ව

 

ඓතිහාසික යකඩ යුගය යනුවෙන් ද මුල් යකඩ යුගය යනුවෙන් ද හැඳින්වේ. එලෙස ම ස්ථීර ජනාවාස ඉදි කිරීම, කෘෂි කර්මාන්තය ඇරඹීම මෙකල දක්නට ලැබෙන තවත් පරිවර්තනයන් ය.

පූර්ව ඓතිහාසික යුගය බිහිවීම

ශ්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික යුගයේ ආරම්භයත් ප්‍රාග් ඓතිහාසික යුගයේ අවසානයත් අතර සංක්‍රාන්තික සමය ගැන දැනට අපට තිඛෙන දැනුම සීමිත ය. ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් ගල් මෙවලම් තාක්ෂණය සහ දඩයම ඇතුලූව ආහාර එකතු කිරීමේ යැපීම් ක්‍රමය යටපත් වෙමින් ඒ වෙනුවට ශාක ආහාර මත වැඩි වශයෙන් පදනම් වීම සහ   ලෝහ භාවිතයට නැඹුරු වීම යන දෑ හිටිවන ම සිදු විය හැකි පරිවර්තනයක් නොවේ. අනෙක් අතට එවැනි පරිවර්තනයක් ජනනය කිරීමට කිසියම් ප්‍රබල හේතුවක් තිබීම අවශ්‍ය ය. වෙනත් රටවල සිදු වී තිඛෙන එවැනි සංස්කෘතික පරිවර්තනවලට බොහෝ අවස්ථාවල බලපා තිඛෙන්නේ දීර්ඝ කාලීන ව බලපවත්වන පරිදි ඇති වූ දේශගුණික විපර්යාස වේ. හොලෝසීන යුගය නමින් හැඳින්වෙන මෑත භූ අවධියේ මැද භාගයේ දී එනම් ක්‍රිස්තු පූර්ව 7000-4500 අතර කාලවකවානුවේ දී සමස්ත දකුණු ආසියානු කලාපයට ම බලපෑමක් ඇති කළ දේශගුණික විපර්යාසයක් ගැන පුරාවිද්‍යාඥයින් සහ පුරාණ දේශගුණය පිළිබඳ විශේෂඥයින් විසින් කරුණු අනාවරණය කොට තිබේ. එනම්, අයිස් යුගය අවසන් වීමත් ලෝකය උණුසුම් වීමත් මගින් කෘෂිකර්මාන්තය සඳහා වඩාත් සුදුසු පරිසර තත්ත්වයක් ගොඩනැගෙන්නට විය. එමෙන් ම ජනගහනය කැපී පෙනෙන අයුරින් වර්ධනය වූ අතර එතුළින් නව සමාජ රටාවක් කෙරෙහි යොමු වීම සිදු විය.

ශ්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික යුගය පිළිබඳ පැරණිත ම සාධක අයත් වන්නේ ක පූර්ව 2400 ට යග දැනට කර තිඛෙන පුරාවිද්‍යාත්මක ගවේෂණවලට අනුව මෙම යුගයට අයත් සාක්ෂි වඩාත් පැහැදිලිව අනාවරණය වී තිඛෙන්නේ සබරගමු පළාතේ ඊසානදිග කොටසෙන් සහ ඌව පළාතේ නිරිතදිග කොටසෙන් ය.

අතීතයේ දී මෙරට මිය ගිය අය වෙනුවෙන් ඉදි කර ඇති මහාශිලා සුසාන (Megalithic burials) ශ්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික යුගයේ සංස්කෘතිය හැදෑරීමට යොදා ගත හැකි ප්‍රධාන අංගයකි. මෙබඳු මහාශිලා සුසාන ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකින් හමු වී තිබේ. (සිතියම 2.2 බලන්න) මෙම සුසාන වලින් එක් වර්ගයක් විශාල ගල්පතුරු එක්තැන් කොට චතුරස්‍රාකාර හැඩයකට සකසා ගල් පුවරුවකින් ආවරණය කර තිබේග එහි ඇතුළත මිනිස් භස්මාවශේෂ සහිත මැටි බඳුන් තැන්පත් කර ඇත. මේවා ශිලා මංජුසා සොහොන් (Cist burials) යනුවෙන් හැඳින්වේග එවැනි සොහොන් අතරින් මධ්‍යම පළාතට අයත් දඹුල්ලට නුදුරු ව පිහිටි ඉබ්බන්කටුව මහාශිලා සුසානයත් යාපහුවේ පිහිටි ගල්සොහොන් කනත්ත නමින් හැඳින්වෙන සුසාන භූමියත්, ගලේවෙලට නුදුරුව පිහිටි යටිගල්පොත්තේ සුසාන භූමියත් දැනට කැනීම් කොට තිබේ. ඒවාට ලැබී තිඛෙන විද්‍යාත්මක දින නීර්ණ ක්‍රි.පූ. 750 - 450 අතර කාලයට අයත් වේ.

මෙම ක්‍රමයට අමතර ව මහාශිලා සම්ප්‍රදායට ම අයත් තවත් සුසාන ක්‍රම කිහිපයක් පිළිබඳ සාධක ශ්‍රී ලංකාවෙන් හමු වේග මෙම සුසාන ක්‍රමයේ දී භෂ්මාවශේෂ සහිත කුඩා මැටි බඳුන් විශාල මැටි බඳුනක් තුළ බහා තැන්පත් කර තිඛෙනු දක්නට ලැබේ. එවැනි සොහොන් භරණී සුසාන යනුවෙන්
හැඳින්වේ.
ඌව පළාතේ හල්දුම්මුල්ල සහ බෙරගල පිහිටි පූර්ව ඓතිහාසික යුගයට අයත් සුසානභූමි දෙකක පුරාවිද්‍යාත්මක කැණීම් සිදු කොට තිබේග අමු මැට්ටෙන් සකසන ලද ඔරුවක හැඩැති බේසමක භස්මාවශේෂ බහා ලු මැටි වළං තැන්පත් කිරීම එහි දී අනුගමනය කර ඇති ක්‍රමය යිග භස්මාවශේෂ තැන්පත් කරන්නට මත්තෙන් මෙම මැටිඔරු තුළ මිනිස් ඇටසැකිලි ආදාහනය කර තිබේග එහි දී ගින්නට හසුවීම නිසා අමුමැට්ටෙන් තනන ලද ඔරු මැනවින් පිළිස්සී තිබ‍ෙ. ඒවා දීර්ඝ කාලයක් තිස්සේ නොනැසී පවතින්නට බල පෑ හේතුව ද එය යි.

ජනාවාසවල ස්වභාවය
ප්‍රාග් ඵෙතිහාසික යුගයේ ගත කළ දඩයම් ජීවිකාව අවසන් කර ස්ථීර ජනාවාස හා වාසස්ථාන ගොඩනගා ගැනීම මේ යුගය තුළ සිදු වූ වැදගත් ලක්ෂණයකි. ස්ථීරවාසීතාව (sedentism) යනුවෙන් හැඳින්වෙන මෙම ලක්ෂණය පිළිබිඹු කරන ප්‍රධාන සාක්ෂිය නම් ඒ යුගයට අයත් දැනට සොයා ගෙන තිඛෙන නිවාස අවශේෂ යි. 2009 වසරේදී එවැනි නිවාසයක් රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි උඩරංචාමඩම ගම්මානයෙන් සොයා ගෙන ඇත. එම නිවාසය මීටර 10.20 * 6.80 ප්‍රමාණයෙන් සහ ආයත චතුරස්‍රාකාර හැඩයෙන් යුක්ත වූව කි. එහි ඉදිරිපස සහ පසුපස කොටස් බිත්තියකින් වෙන් කර තිබිණි. නිවසේ බිත්ති වරිච්චි මැටියෙන් ඉදි කොට තිබු අතර වහල ඉලූක් හෝ එවැනි දෙයකින් සෙවිලි කොට තිබෙන්නට ඇත.

ජීවන රටාව
ශ්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික යුගයට අයත‍් ජීවන රටාව කෙබඳු ස්වරූපයකින් යුක්ත වූවක දැ යි සම්පූර්ණ ව වටහා ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි තවමත් ලැබී නැතග දැනට වැඩි වශයෙන් කැනීම් කර තිඛෙන්නේ සුසාන භූමි වන බැවින් ඒවායින් සොයා ගත හැකි ඒ කාලයේ සාමාන්‍ය ජන ජීවිතයට අයත් සාක්ෂි සීමිත යග මේ පිළිබඳව යම් තරමකින් හෝ අදහසක් ලබා ගැනීමට ඉවහල් වන්නේ උඩරංචාමඩමේ නේවාසික ස්ථානයේ කළ කැණීමෙන් ලද තොරතුරු ය.

උඩරංචාමඩමේ දී කණින ලද්දේ මීට අවුරුදු 3000 ට වඩා පැර‚ කාලයේ ඉදි කරන ලදැයි විශ්වාස කරන නිවාසයකිග එහි ඇතුළත තිබී පැරණි වළං කටු රාශියක් සොයා ගැනිණිග ඒවා අතර පින්තාරු කළ වළඳකට අයත් කැබලි ගණනාවක් ද වියග සුදු පැහැති පසුබිමක රතු පැහැයෙන් ඉරි යොදා එම වළඳේ පිටපැත්ත සහ අඩියේ යට පැත්ත අලංකාර කර තිබේ. ඉරි යොදා තිඛෙන සමමිතික ආකාරය අනුව එම වළඳ සකපෝරුව භාවිත කොට තනන ලද්දක් බව ස්ථීර යග මෙවැනි ම තවත් වළඳක කොටස් හල්දුම්මුල්ලේ ජනාවාසයක් පැවති ස්ථානයක් කැණීමෙන් ද සොයා ගැනිණි.

කැණිමට ලක් කළ නිවාසයේ මුළුතැන්ගෙයි මෙවලම් කිහිපයක් තිබිණිග ඒ අතර ගල් මෙවලම් සහ යකඩ මෙවලම් ද වියග ඒ භාණ්ඩ එකතුවේ වැඩි ප්‍රමාණයක් ගල් මෙවලම් තිබීමෙන් පෙනී යන්නේ යකඩ භාවිතය ඒ වන විටත් ඔවුන්ට නව අත්දැකීමක්ව තිබූ බව යිග මුළුතැන්ගෙයි තිබූ වෙනත් සුන්බුන් අතර එම නිවාසයේ වාසය කළ පුද්ගලයින් ආහාරය සඳහා දඩයම් කරන ලද සතුන්ගේ ඇටකටු ද ඉතිරි වී තිබිණි. මේ ඇටකටු මුවා, ගවයා, වල්ඌරා සහ දඬුලේනා යන සතුන්ට අයත් ඒවා වේ. මෙම සාක්ෂි මගින් පෙන්වා දෙන්නේ කෘෂිකාර්මික දිවිපෙවෙතකට හුරු වුව ද සතුන් දඩයම් කිරීම සම්පූර්ණයෙන් ම අත් හැර නොදැමූ බව ය.

නිවස තුළ තිබී සොයා ගන්නා ලද දේ අතරට මැටි පබළු කිහිපයක්, කාන්තාවන් ඇස් අඳුන් තැබීමට භාවිත කරන ලෝහ කූරක් සහ සිරුර වර්ණ ගැන්වීම සඳහා භාවිත කරන කහ සහ රතු පැහැති ගුරුගල් දෙකක් ද ඒවා උරච්චි කිරීමට යොදා ගත් ඇඹරුම් ගල් දෙකක් ද ඇතුළත් යග මෙම සාක්ෂි මගින් පෙනෙන්නේ එකල විසූ කාන්තාවන් තමන්ගේ රූ සපුව අලංකාර කර ගැනීමට මහත් උනන්දුවක් දක්වා ඇති බවයි.

තාක්ෂණය
ප්‍රාග් ඵෙතිහාසික අවධියේ පැවති ගල් ආයු තාක්ෂණයෙන් කෙමෙන් මිදී ලෝහ තාක්ෂණය හා මැටි බඳුන් නිපදවීමේ තාක්ෂණය වෙත පරිවර්තනය වීම ඇරඹුණේ පූර්ව ඓතිහාසික යුගය නමින් හැඳින්වෙන කාලපරිච්ඡේදයේ දී ය. ලෝහයක් ලෙස යකඩ භාවිත කිරීම ආරම්භ වු නිසා මේ යුගයේ වැසියන්ට වඩාත් කාර්යක්ෂම ලෙස තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු කර ගැනීමේ අවස්ථාව උදා විය. යකඩ ශක්තිමත් ලෝහයක් නිසා කැලෑ එළිපෙහෙළි කිරීම, පොළොව කෙටීම සහ සී සෑම ආදී කටයුතුවල දී එම කටයුතු පහසු විය. උඩරංචාමඩමේ පැරණි නිවාසයෙන් සොයා ගන්නා ලද පින්තාරු කරන ලද මැටිබඳුන් ඒ කාලයේ පැවති මැටිභාණ්ඩ
නිපදවීමේ තාක්ෂණයේ උසස් තාක්ෂණික ප්‍රමිතියේ ස්වරූපය පෙන්වා දෙයි. නිවාස ඉදි කිරීම ආරම්භ වූ හෙයින් ඊට අදාළ තාක්ෂණික දැනුම ක්‍රමයෙන් වර්ධනය විය. විශේෂයෙන් ම ගිලා නොබසින ලෙස
ගෙබිම සකස් කර ගැනීම, පොළොවට ලම්බාකාර වන ලෙස බිත්ති ඉදි කිරීම ආදී දේ ඊට අයත් ය. උඩරංචාමඩම නිවාසයේ කැණිම් කටයුතුවල දී මැටි පබළුවක් සොයා ගෙන තිබේ. එමගින් පෙන්නුම් කරන්නේ පබළු නිපදවීමේ තාක්ෂණය ඒ යුගයේ පැවති බවයි. පබළුවක් නිපදවීමට ඉතා සූක්ෂම තාක්ෂණයක් අවශ්‍ය ය.

ක්‍රියාකාරකම 2
ශ්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික යුගයෙහි ජනාවාස ව්‍යාප්තිය සිතියමක ලකුණු කර නම් කරන්න.